ස්‌වයංක්‍රීය ආප්ප මැෂිම හඳුන්වා දීමේ වැඩමුළුව 10 දා

නිමල් දයාරත්න

රුහුණ විශ්වවිද්‍යාලයීය භෞතික විද්‍යා අංශය සහ ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්‌ථානය (නර්ඩ් ආයතනය) එක්‌ව සිදු කළ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන යටතේ ආප්ප නිෂ්පාදනය සඳහා ස්‌වයංක්‍රීය යන්ත්‍රයක්‌ නිර්මාණය කර ඇත.

මෙම යන්ත්‍රය මගින් තනි පුද්ගලයකුට පැයක කාලයක්‌ තුළ ආප්ප තුන්සිය පනහක්‌ (350) පමණ නිෂ්පාදනය කළ හැකිය. මෙම යන්ත්‍රය පිළිබඳව ස්‌වංරැකියාලාභීන්, ආයතන, හෝටල්, සහ ආපනශාලා හිමියන් දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩමුළුවක්‌ ජා-ඇල ඒකල පිහිටි ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්‌ථානයේදී මෙම 10 වැනිදා ප.ව. 2.00 ට පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.