ඉන්දියාවේ මුම්බායිහි පැවති 2015 ලෝක අලෙවි සම්මේලනයේදී
ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරි
ආචාර්ය ඉඳුනිල් ලියනගේ ගෞරවයට පාත්‍ර වේ


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව සහ ආසියාවේ හොඳම සන්නාමය ලෙස හැඳින්වෙන ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරි ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතා ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවති 2015 ලෝක අලෙවි සම්මේලනයේදී වඩාත්ම බලපෑමක්‌ කළ හැකි අලෙවි නායකයන් අතරට ලයිස්‌තුගත කිරීමෙන් කීර්තිමත් ප්‍රභූවරුන් ඉදිරියේ ගෞරවයට පාත්‍ර විය.

පසුගිය නොවැම්බර් මස 27 වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවර තා- ලෑන්ඩ්ස්‌ එන්ඩ් හෝටලයේ පැවති ලෝක අලෙවිකරණ සම්මේලනයේ දෙවන දිනයේදී මෙම කීර්තිමත් සම්මාන උළෙල පවත්වන ලදී.

2015 ලෝක අලෙවිකරණ සම්මේලනය විසින් පවත්වනු ලබන ගෝලීය අලෙවිකරණ විශිෂ්ටත්ව සම්මානයේ කොටසක්‌ ලෙස මෙය හැඳින්විය හැක. අලෙවිකරණ දක්‍ෂතාවක්‌ (අධ්‍යාපනික / වෘත්තීය ජයග්‍රහණයන් සහ අනුවර්තනයක්‌) උපක්‍රමශීලී අඅභිලාෂ සහ අනාගත හැඩගැසීම්, අතීත ක්‍රියා සාර්ථකත්වය, අවංකත්වය හා ආචාරධර්ම සහ තිරසාර බව (ව්‍යාපාරික, සාමාජීය හා පාරිසරික) වැනි පුළුල් පරාමිතියන් මෙම තෝරා ගැනීම් සඳහා උපයෝගී කොට ඇත.

මේ වසරේ ලෝක අලෙවිකරණ සම්මේලනයේ තේමාව වූයේ, 'දැන් නොවේ නම් කවදාද' යන්නයි.

සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්‌ඩ (FMCG), විද්යුත් උපකරණ, කෘෂිකර්ම සහ මූල්‍ය සේවා කර්මාන්තයෙහි වසර 25 කට අධික පළපුරුද්දක්‌ ඇති ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතා, තම අලෙවිකරණ සේවා කාලය තුළ ප්‍රධාන ජාත්‍යන්තර සහ දේශීය භාණ්‌ඩ කිහිපයක්‌ මෙම රටට හඳුන්වාදී වෙළෙඳපොළක්‌ ඇති කර ඇත. භාණ්‌ඩ / වෙළෙඳනාම කළමනාකරු, අලෙවි කළමනාකරු, අලෙවි ප්‍රධානී යන තනතුරු රාශියක්‌ බහුජාතික සහ දේශීය ආයතනවල හොබවා ඇති අතර, දැනට මොහු ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරි ලෙස ආයතනික කළමනාකරණ කණ්‌ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි. ඔහුගේ චමත්කාරජනක රැකියා වාර්තා, අධ්‍යාපනික හා වෘත්තීය ජයග්‍රහණයන්හි පිළිගැනීමක්‌ ලෙස මෙම සම්මානය හැඳින්විය හැක.

1989 වර්ෂයේ සිට පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශය ඇතුළුව ආයතන රැසක පළපුරුද්ද ඔහු සතුව ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයෙන් ඔහු ආචාර්ය උපාධිය ලබාගෙන ඇත. තවද ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙකි. ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතා එක්‌සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්‌ හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවේ වරලත් අලෙවිකරුවන්ගේ පළමු කණ්‌ඩායමට අනුයුක්‌තව 1997 වර්ෂයේ සිට වරලත් අලෙවිකරුවෙකි. ඔහු එක්‌සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ අධි සාමාජිකත්වය දරයි. තවද ශ්‍රී ලංකාවේ අලෙවිකරණ වෘත්තියට ලබාදුන් කැපී පෙනෙන දායකත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ආයතනයේ අධි සාමාජිකත්වයද දිනා ඇත.

ආචාර්ය ඉඳුනිල් ලියනගේ 1995 වර්ෂයේ සිට එක්‌සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ අධි උපාධි අධ්‍යයන පීඨයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සංගම් සාමාජිකයෙකි. එක්‌සත් ජනපදයේ හවායි ප්‍රාන්තයේ ජපන් ඇමරිකා කළමනාකරණ විද්‍යායතනයේ ගෝලීය කළමනාකරුවන් සඳහා වන අන්තර් සංස්‌කෘතික අධ්‍යාපන වැඩසටහන සඳහා තෝරාගනු ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේද ආචාර්ය ඉඳුනිල් ලියනගේය. ජාත්‍යන්තර අවබෝධතාව සහ හොඳහිත වෙනුවෙන් ඔහු විසින් ලබාදුන් දායකත්වය සහ ඔහුගේ අධ්‍යාපනික විශිෂ්ටතා අගයමින් ජපානයේ µqජිට්‌සු පදනම මෙම වැඩසටහන හදාරා නිමා කිරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක්‌ ප්‍රදානය කර ඇත.

2013 වර්ෂයේදී මැලේසියාවේ ක්‌වාලාලාම්පූර් නුවර පුත්‍රජයා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලෝක අලෙවිකරණ සමුළුවේ ගෝල්ඩන් ග්ලොබ් ටයිගර් සම්මාන 2013 සම්මාන උළෙලේදී වඩාත්ම කුසලතාපිරි ප්‍රධාන අලෙවි නිලධාරීන් 50 වෙනුවෙන් වූ සම්මානය පිරිනමමින් ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතාට ගෞරව කරන ලදී. හෙතෙම 2009 වර්ෂයේ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පැවති උපක්‍රමශීලී කළමනාකරණ විධායක වැඩසටහන ඇතුළු ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් රාශියකට සහභාගි වී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.