බටහිර හා ආයුර්වේද වෛද්‍ය ක්‍රම එක්‌කර
රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට පර්යේෂණ


බටහිර වෛද්‍ය විද්‍යාව හා ඉපැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඒකාබද්ධකර සිදුකෙරෙන පර්යේෂණ තුළින් විවිධ රෝගාබාධවලට මුහුණ පා සිටින රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමට ළඟදීම පර්යේෂණ ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන බවයි.

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදයේ 54 වන වාර්ෂික සමුළුවට සහභාගිවෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒ බව සඳහන් කළේය.

කොළඹ ටා- සමුද්‍රd හෝටලයේදී පසුගියදා පැවැති මෙම උත්සවයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි, මහාචාර්ය අසිතද සිල්වා ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදයේ සභාපති කර්නල් චන්ද්‍රd ජයරත්න යන මහත්වරු ඇතුළු එම සංසදයේ සාමාජිකයන් විශාල පිරිසක්‌ සහභාගි වූහ.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදය සමඟ තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩබාරගත් අවස්‌ථාවේ සිටම අෙන්‍යාන්‍ය හා සුහද සම්බන්ධතාවයෙන් කටයුතු කළ බවයි. එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පිහිටුවීම සහ ක්‍රියාකාරිත්වය සඳහා ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදය මහත් සේ දායක වූ බවද, මේ සම්බන්ධතාව ඉදිරියේදී පැවතිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

ආරාධිත කථිකයා වූ මහාචාර්ය අසිත ද සිල්වා මහතා අදහස්‌ දක්‌වමින් පෙන්වා දුන්නේ, ඖෂධ භාවිතයෙන් මිනිසුන් ලබාගන්නා ප්‍රතිලාභ පිළිබඳවයි. එයට නිදසුනක්‌ ලෙස කොලෙස්‌ටරෝල් පාලනය කිරීම සඳහා ගන්නා ,Sඒඑසබ, වැනි ඖෂධ පසුගිය දශකය තුළ මිනිස්‌ ජීවිත විශාල ප්‍රමාණයක්‌ බේරාගැනීමට හේතුවී ඇති බව හෙතෙම කියා සිටියේය. මෙවැනි ඉහළ පෙලේ ඖෂධ මිනිස්‌ ඉතිහාසයේ දැවැන්ත සොයාගැනීමක්‌ ලෙස සඳහන් කළ හැකි බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. යුරෝපයේ සහ ඇමරිකා එක්‌සත් ජනපදයේ ඖෂධ සමාගම් විසින් සිදුකර ඇති වෛද්‍ය පර්යේෂණ සහ නව සොයාගැනීම් ඉතා වැදගත් යෑයි පැවසූ මහාචාර්ය අසිත ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ලොව ඕනෑ රටක ජීවත් වන මිනිසුන්ට කලින් කල සොයාගනු ලබන නව වෛද්‍ය ක්‍රමෝපායන් සහ ඖෂධ වල ප්‍රතිලාභ ලබාගැනීමට අයිතියක්‌ ඇති බවයි. පිළිකාව වැනි දරුණු රෝග පිළිබඳව දැනට කර ඇති පර්යේෂණ සහ නව සොයාගැනීම් තුළින් සහනයක්‌ ලබා ඇති රෝගීන් අසීමිත ප්‍රමාණයක්‌ ලොව පුරා සිටින බවද ඔහු අවධාරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.