එල්ලුම් ගස මරා දැමීමට සමාජ චින්තනය සකසමු

එල්ලුම් ගස්‌ අවශ්‍ය වනුයේ පවත්නා සමාජමය චින්තනයේ ඇති විකෘත ස්‌වභාවය නිසාය. අප විසින් එය යථා තත්ත්වයට පත්කළ යුතුව තිබේ. චිත්‍රපටි ආදි විවිධ මාධ්‍යයන් විසින් මංකොල්ලකරුවන්, මිනීමරුවන් හා ආක්‍රමණිකයන්ට වීරත්වයක්‌ නිතැතින් හඳුන්වාදී ඇති බව අපි දනිමු. ත්‍රාස රසය, රෞද්‍ර රසය වැනි දේ උපරිමයට මවාපෑමෙන් අපරාධකාරයා වෙත වීර අභිමානයක්‌ සමාජය විසින් නිර්මාණය කර ඇත. සෞන්දර්යාත්මක, මායාකාරී ලොවක මිනීමරුවාගේ වැඩකිඩ අගයන මානසිකත්වයක්‌ අප තුළ ඇත්තේ ඇයි?

සමාජ චින්තන විකෘතිව තිබියදී එල්ලුම් ගස මරා දැමීම සාපරාධී ක්‍රියාවකි. වෘත්තීය මිනීමැරීමේ සහජ දක්‍ෂතා ඇති එකෙකුට පොලිසියට හසු නොවී මිනීමැරුම් ගණනාවක්‌ වුවද සිදුකළ හැකිය. කොටකෙතන මිනීමැරුම් 17 ක්‌ කළ අය සල්ලි ගොඩක්‌ මත විවිධ සුරසැප විඳිමින් සිටී. ඇතැම් විට එවැන්නෙක්‌ හිරෙන් එළියට දැමූ විගස ඔහු මරන්නේ ඔහුට විරුද්ධව සාක්‍ෂි දුන් අයයි. එතැන මරණ වැලක්‌ වුවද සිදුවිය හැකිය.

ඉහත කී පරිදි සමාජ චින්තනය විසින් අපරාධකරුවන් බිහි කෙරෙන විට සමාජය සැකසීමට වැඩපිළිවෙලක්‌ තිබිය යුතුය. ඒ සඳහා මුලින්ම අප සමාජ චින්තන රෝග හඳුනා ගැනීමට තරම් දර්ශනයක්‌, විදර්ශනාවක්‌ තිබිය යුතුය. යථාර්ථයට අන්ධ විය යුතු නැත. විකෘති චින්තනයක්‌ විමසා බලමු.

මෙලොව බොහෝ දෙනා අගයන මහා ප්‍රාඥයකු වූ බුදුන් වහන්සේ විසින් දෙසූ මුල්ම දේශනාවක්‌ වූ තමා ගැන සොයා බැලීම අගනේය. එසේම අප සමාජය කුමක්‌දැයි සොයා බැලිය යුතුය. භද්ද වග්ගීය කුමරුන්ට එය දේශනා කරන ලදී. බුද්ධ දර්ශනයේ සාරයන් උකහා ගනිමු. 1. සබ්බේ සත්තා උම්මත්තකා, 2. මිනිසා රාගාධී, 11. ගින්නකින් දැවෙමින් පවතී 3. චින්තන අගති - ඡන්දය, භය, ද්වේශය, මෝහය නිසා මිනිස්‌ මනස කිලුටු වේ. මෙතැන ඇත්තේ අවිද්‍යා අන්ධකාරයයි.

මේ ලෝක සත්‍යයන් පැහැදිලි කරදීමට වත්මන් සමාජයෙන් නිදසුන් ගනිමු. 1. තණ්‌හා අධික ආර්ථික ලෝක බලවතාගේ සී.අයි.ඒ. සංවිධානය නමින් විශාල "ඊනියා" බුද්ධි මණ්‌ඩලයක්‌ ඇත. ඔවුන් රැස 1950 ගණන්වල සිට දශක ගණනාවක්‌ තිස්‌සේ වියට්‌නාමයේ සාපරාධී යුද අරගලයකට පැටලුණේ ජය ගැනීමට ඉමහත් අභිලාෂයෙනි. එහෙත් එතැන ලත් පරාජය සියදිවි හානිකර ගැනීමක්‌ බඳු නොවේද? 2. සැඟවූ පරමානු අවි සොයා ගැනීමට බ්‍රිතාන්‍ය හා ඇමරිකාව විසින් ඉරාකයේ දහස්‌ ගණන් අහිංසක ජනතාව මරා දමමින් කළ යුද්ධයේ ප්‍රතිඵලය කුමක්‌ වේ දැයි බොහෝ අය දනිති. ශිෂ්ට ලෝකයේ සිදුවූ එම අති අශිෂ්ට ක්‍රියාව මිනිස්‌කමට දරුණු නිගාවකි. ඊනියා ලොකු මොළවල වර්චස්‌ද පිරී ඇති බවට සාධක බිහිවිය. එහිදී බ්‍රිතාන්‍ය යුද උපදේශක විශේෂඥ කණ්‌ඩායමේ නායකයන්ගෙත් නායකයා වූ "ඩේවිඩ් කෙලී" ට සිදු වූයේ සියදිවි හානිකර ගැන්මටය. අවිද්‍යාව නිරන්තරවම මිනිස්‌ මොළය තුළ ඇති බවට සාධක එතැනද එමටය. 3. ඊනියා දියුණු ලෝක සභ්‍යත්වයේ බලවතා වූ ඇමරිකාව දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව අවුරුදු 70 ක්‌ තුළ රටවල් 27 කට බෝම්බ හෙලුවේ බලයෙන් උමතු රෝගයෙන් පෙළෙන මිනිස්‌ තිරිසනාගේ මනස අවිචාරවත් බව හා ධනයට කෑදර බව ප්‍රදර්ශනය කිරීමටය.

නොයෙක්‌ ආගමික දේශනා ලොව පුරා රැව් පිළි රැව් දෙන ලෝකයේ, එම කැත වැඩ තවත් සිදු වන්නේ සමාජ චින්තනයේ ඇති අවිද්‍යාත්මක ලක්‍ෂණ නිසාය. එපරිදි අප චින්තනයේ (නො) මිනිස්‌ ලක්‍ෂණ ගැන විචාරාත්මක විය යුතුය. අවිද්‍යාව ඔප්පු කිරීමට දහසක්‌ හෝ සාධක ඉදිරිපත් කිරීමට හැකිව තිබේ.

විකෘති සමාජ චින්තනය යථා තත්ත්වයට පත් කිරීමට බාධා සමාජය විසින්ම නිතැතින් කතා කරගෙන ඇත. ඒවා විමසා පැහැදිලි කර ගනිමු. සාහිත්‍ය මාසයේ වුවද පාසලේ සාහිත්‍ය පාඩමේ වුවද, විවිධ සාහිත්‍ය රසයන් හඳුනා දෙනු ලැබේ. බිහිසුණු, දරුණුම රසාස්‌වාදනය වන රෞද්‍ර රසය, ත්‍රාස රසය හා ඊට ඈ¹ගත් වීර රසය ඉන් සමහරකි. මිනීමරුවන් වෙත වීර සංකල්පය නිර්මාණයක්‌ කෙරුණු තැන් බොහෝය. එමගින් සමාජ චින්තනය විසින් නිරායාසයෙන් නපුරු හා සබැඳී වීරත්වය වෙත ඔටුනු පැළඳීමක්‌ද කර ඇත. හේතුව බුදුන් පැහැදිලි කළ අප තුළ ඇති උන්මත්තක (නො) මිනිස්‌කම නිසා නොවේදැයි විමසා බලන්න.

බටහිර චිත්‍රපට මෙරටට දායාද කළ මුල් අවධියේ ඇමරිකන් "කව්බෝයි" කාරයන් ඉදිරිපත් කළ ත්‍රාසජනක වැඩකිඩවලින් කොපමණ නම් උද්දාමයක්‌, තෘප්තියක්‌ අපි නොලැබුවෙමුද? එපරිදි අදත් ඉදිරි කාලයෙත් එම තිරශ්චීන රස උපරිම ලෙස මෙහි බිහිවී විහිද යනු ඇත. චිත්‍රපටයෙන්, ටී. වී. දසුනෙන් හා වීඩියෝ පටයෙන් මෙන්ම බ්ලූ µsල්ම්වලින්ද අපව හරකුන් මෙන් දක්‌වාගෙන යනු ලබන්නේ චින්තනයේ ඇති විකෘති බව නිසාය.

බටහිර දේ අන්ධ අනුකරණයෙන් හිස්‌ මුදුනින් පිළිගත් මෙරට ආදියයන් මෙන්ම "මෝ" නවකයන්ද සත්‍ය ගවේෂණයේදී නන්නත්තාර වී ඇත. හෙරොයින් කුඩට ඇබ්බැහි වූවන්ට ආපසු එය අතෑරීමට ගන්නා උත්සාහය ඉතා අසීරු දෙයකි. එපරිදිම චින්තනය නිවැරැදි කර ගැනීම දිවියේ මුල් අවධියේම සිදුවිය යුතුය.

විකෘති චින්තනය පිළිබඳව තවත් බොහෝ සාධක ඇත. "මරු සිරා" චිත්‍රපටයට මෙන්ම "ඩිංගිරි මැණිකා හා සිරිපාල" නමින් චිත්‍රපට දෙකක්‌ එකකු වෙනුවෙන් බිහිවූයේ ඉහත කී ත්‍රාස රසය ඉපදීමටය. මිනිසුන් හය දෙනෙක්‌ වෙඩි තබා මැරුවකු වීරයකු කරන්නේ ඇයි? එලෙසින්ම භාරත ලක්‍ෂ්මන් හා දුමින්ද සිල්වා මිනීමරුවන් අතර ගැටුමෙන් පසු එකෙක්‌ මියෑදුණේය. හැරගිය යුතු මිනීමරුවෙකුට ස්‌මාරක හැදූ පසු එය විවෘත කිරීමේ කාර්ය භාරය ජනාධිපති කෙනකුට පැවරෙන්නේ ඇයි? මිනීමරුවා සදාචාරාත්මක විශිෂ්ටයෙක්‌ නිසාද? තවද, නූතන යුගයේ ප්‍රදර්ශනය වුණ "ප්‍රවේගය" චිත්‍රපටයද අන්තිම කොටසින් පෙන්වන්නේ එක පවුලේ සහෝදරයෙක්‌ අනෙකා මරන දුෂ්ට කැත ලක්‍ෂණයයි.

බටහිර මනෝ විද්‍යාවෙන් පවා දක්‌වන්නේ ඇතැමුන්ගේ ත්‍රාස රස වින්දනය, පරපීඩා කාමුකත්වය (Sadසිප), ආශ්‍රිතව කෙනකු ත්‍රාසෝන්මාදයට මඟපාදන බවය. තවත් විකෘති සංකල්පයක්‌ වන්නේ "ධර්මිෂ්ඨයාට සමාජයේ තැනක්‌ නැති බවත්, අපරාධකාරයාට හරියන බවත්" ය. මෙය වැරැදි යයි ඔප්පු කළ හැකිය. නපුරන්, දුෂ්ඨයන් සමාජයේ ඇත්තේ 4% ක්‌ වුවත් උන්ගේ අධම ක්‍රියාවලට අනිසි සාතිශය ප්‍රචාරයන් නිතැතින් වැඩෙනු පෙනේ. හේතුව මිනිස්‌ හිත කලබල දේට වැඩි අවධානයක්‌ යොමුකරන නිසාය. එහෙත් බෝසත් ගුණය රැඳි අය 96% ක්‌ පමණ ජීවිතය ජයග්‍රහණය කළත් එතැන ත්‍රාසරසය නැත. එහෙයින් ඒ ගැන නිසි අවධානයක්‌ද නැත. ..Aජඑසදබ.. ත්‍රාසය සාපරාධී වුවද ඊට අනිසි ප්‍රචාරය වැඩිය. එය සැබවින්ම "සත්ත්ව" චින්තනයේ අල්පේච්ඡතාවයකි.

ප්‍රජාව ඉදිරියට ගෙන යා යුතු කාම ලෝකයේ ලිංගික පොළඹවා ගැනීම් අත්‍යවශ්‍ය බව විශ්ව නිර්මාතෘගේ නියමයකි. එහෙත් පාලනය කරගත නොහැකි සිත් ඇති ඇතැම් කාමාතුරයන්ගේ කාමා ආශාව තරයේ දක්‌වන උත්තේජනය කරන ඇතැම් වනිතාවන්ගේ ශරීර මස්‌ කොටස්‌ ප්‍රදර්ශනය කරන අයුරු විවිධාකාරයේ පවතී. ඇතැමුන්ට එය සරාගී වන අතර ඇතැමුන්ට එය කලාගාරයකි. සාපේක්‍ෂතා වාදයට නොදුරු නොවන දෙයක්‌ ලොව නැත.

තණ්‌හාධික වාණිජ හා සමාජයේ අය විසින් පැය 24 පුරා සිත වෙහෙසෙන්නේ "කවුරුන් තමාට ගොදුරු කළ හැකිදැයි" සංකල්පය මත බැවින් අප සිතා බැලිය යුත්තේ ඔවුන්ට ගොදුරු වන තුරු අප බලා සිටිය යුතු දැයි යන්නය.

අඩු උගත් "ඊනියා" මාධ්‍යකාරයන්ගේ විලම්භීත ප්‍රකාශද තර්කානුසාරීව සැලකිල්ලට ගනිමු. 1. එල්ලුම්ගස හඳුන්වාදීමෙන් අපරාධ අඩුවී නැත. (වැඩිවී ඇත·) 2. මා බලාපොරොත්තු වූයේ එසැණින් හෝ ක්‍රමයෙන් අපරාධ 100% සිට පහත වැටී 01% දක්‌වා අඩුවීමය. 3. එහෙත් එසේ නොවූ නිසාම එය 100% ක්‌ මට්‌ටමේ පෙරදා පරිදි අපරාධ නොවෙනස්‌ව පවතින බව සංඛ්‍යාලේඛනවලින් තොරව වුවද, උතුම් මානව හිතවාදය ඔස්‌සේ අනුමාන කිරීම මිනිස්‌කමකි· එහෙත් එම පුහු අනුමානවල වටිනාකම කෙතෙක්‌දැයි අනුමාන කළ නොහැකිය.

මෙවැනි අතාර්කික (අමන) ප්‍රකාශවලින් දියුණු, තියුණු ව්‍යවස්‌ථාදායක, විධායක හා අධිකරණ තීරණ ගන්නා අයට ඇති ප්‍රයෝජනය කුමක්‌ද?

එම්. ඒ. කරුණාරත්න

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.