පාකිස්‌තාන් නීතිවේදියෙක්‌ ලෝපතල කොහිනූර් දියමන්තිය ඉල්ලා එළිසබත් රැජිනට නඩු පවරයි

ලොව විශාලතම දියමන්තිය ලෙස සැලකෙන කැරට්‌ 105 දී කොහිනුර් දියමන්තිය ආපසු පාකිස්‌ථානයට ලබා දෙන ලෙස ඉල්ලමින් පාකිස්‌තාන් නීතිවේදී ජවාද් ඉක්‌බාල් දෙවැනි එළිසබත් රැජිනට එරෙහිව නඩු පවරා ඇත.

මෙම සුප්‍රසිද්ධ දියමන්තිය ලන්ඩන් නුවර ප්‍රදර්ශනය කෙරේ. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉන්දීය ආණ්‌ඩුකාරයා විසින් වික්‌ටෝරියා රැජිනට මෙම දියමන්තිය තෑගි කර ඇත. මේ දියමන්තියට ඉන්දියාවද අයිතිවාසිකම් දක්‌වා තිබේ.

මෙම නඩුව පවරා ඇත්තේ ලාහෝර් අධිකරණයේදීයි. එකී දියමන්තිය අවසන් වරට පැළඳ ඇත්තේ එළිසබත් රැජිනගේ මවයි.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.