නිල ඇඳුම් වවුචරය දීම කඩාකප්පල් කිරීමේ
වැඩපිළිවෙළක්‌ ගැන සැකයි

- අධ්‍යාපන ඇමැති

අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

පාසල් සිසුන්ට නිල ඇඳුම් වවුචරය ලබාදීමට ආණ්‌ඩුව ගෙන තිබෙන පියවර නොයෙකුත් අසත්‍ය ප්‍රචාර කරමින් කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක්‌ ඇත්දැයි සැකයක්‌ පවතින බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

නිල ඇඳුම් වවුචර බෙදා දීමේ කටයුතු සියයට 95 ක්‌ පමණ අවසන් කර ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. නිල ඇඳුම් වවුචරය ලබා ගැනීම සඳහා දෙමවුපියන් පාසලට පැමිණීම අනිවාර්යය නොවන බව ද ඒ මහතා කීවේය.

එජාප මාතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ කීය.

පාසල් සිසුන්ට නිල ඇඳුම් වවුචරය ලබා දීම සඳහා දින හතරක්‌ ලබා දුන් බවද දෙසැම්බර් 04 දා පාසල් නිවාඩු දෙන නිසා දරුවන්ගේ ප්‍රගති වාර්තා ලබා ගැනීමට දෙමවුපියන් පාසලට එන බවද ඇමැතිවරයා කීය. ඒනිසා එදින දෙමවුපියන්ට වවුචර ලබාදීමට කටයුතු කළ බවද කී ඇමැතිවරයා ආනන්ද, නාලන්ද, රාජකීය වැනි ප්‍රධාන පාසල්වල සියයට 95 කට වඩා වවුචර බෙදා අවසන් බව කීය.

රුපියල් 1700 සිට 450 දක්‌වා වටිනාකමකින් යුත් වවුචර ලබා දෙන බව කී ඇමැතිවරයා 12 -13 ශේ්‍රණිවලට රුපියල් 1000 ත්a 750 ත් 800 ත් අතර ද, පළමු ශේ්‍රණියේ දරුවන්ට රුපියල් 450 ක වවුචර් ද ලබා දෙන බවද කීය.

ගමේ ඉන්නා දෙමවුපියන්ට වවුචරයෙන් රෙදි ලබා ගැනීමට නගරයට යැමට සිදුව ඇති බවට චෝදනා කරනවා. මේ වවුචරය මාස තුනක්‌ වලංගුයි. මේ මාස තුනටම මේ දෙමවුපියන් නගරෙට යන්නේ නැද්දැයි ඇමැතිවරයා විමසා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.