අද මෙසේ සිදු විය - දෙසැ. 09

දේශීය

ෆ කොළඹ - නුවර මහා මාර්ගයේ කඩුගන්නාවේ උමග සාදා නිම කිරීම (1823)

ෆ සත්වැනි එඩ්වඩ් රජු කොළඹ වරායේ නිරිතදිග දියකඩනයට මුල් ගල තැබීම (1875)

ෆ සහල් සහ සීනි මිල පාලනය රජය යටතට පත්වීම (1947)

ෆ මහ කනදරා වැව වටා යාර 400 ක ප්‍රමාණයක්‌ අභයභූමියක්‌ ලෙසින් ප්‍රකාශයට පත් වීම (1966)

ෆ අධිකරණ තීන්දුවකින් කලවාන අසුන අහිමිවූ අබේරත්න පිලපිටිය මහතා නැවත එහි පත් කළ මන්ත්‍රී ලෙස පත් කිරීමට කථානායකවරයා තීරණය කිරීම (මෙයට බලවත් විරෝධය එල්ල වීම නිසා ඒ මහතා පසුව ඉල්ලා අස්‌විය.)

විදේශීය

ෆ සුප්‍රකට ජෝන් මිල්ටන් කවියා ලන්ඩන් නගරයේදී උපත ලැබීම (1608)

ෆ බැක්‌ටීරියා වැනි ක්‍ෂුද්‍ර ජීවීන් තමාම නිපද වූ අන්වීක්‍ෂයකින් නිරීක්‍ෂණය කිරීම ඇන්ටන් වෑන් ලෙවන්හුක්‌ විසින් සිදු කිරීම (1676)

ෆ ගෝතමාලාව, චෙකොස්‌ලෝවැකියාව හා කියුබාව දෙවන ලෝක මහා සංග්‍රාමයට එක්‌වීම (1941)

ෆ ඉන්දියාව විසින් පාකිස්‌තානයේ ඩකා නුවරට මෙදින එල්ල කරනු ලැබූ ගුවන් බෝම්බ ප්‍රහාරයකින් අනාථ මඩමක සිටි දරුවන් 300 ක පමණ පිරිසක්‌ මරුමුවට පත්වීම (1971)

ෆ ලක්‍ෂයකට ආසන්න පිරිසකට මරු කැඳවූ ආර්මේනියාවේ මහා භූමිකම්පාවකින් ලෙනින්කාන් සහ හිරොකාන් යන නගර දෙක සදහටම වැළලී යැම (1988)

නිහාල් විදානගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.