ආරක්‍ෂාව මදි නිසා උත්සවවලට යැම සීමා කළා
හිටපු ජනපති මහින්ද කියයි

නෝමන් පළිහවඩන

තවමත් ප්‍රමාණවත් ආරක්‍ෂාවක්‌ නොමැති නිසා උත්සව හා රැස්‌වීම්වලට සහභාගි වීම සීමා කළ බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා "දිවයින"ට පැවැසීය.

තම ආරක්‍ෂාවට සෙබළුන් 89 දෙනකු සිටින බවත් ඔවුන්ගෙන් ඇතැම් අය නිවාඩු ගිය පසු ආරක්‍ෂාව සැපයීමට ප්‍රමාණවත් පිරිසක්‌ නැති බවත් හෙතෙම කීය.

මේ තත්ත්වය මත දෛනික කටයුතු රැසක්‌ සීමා කිරීමට සිදුව තිබෙන බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.