මෙගා පොලිස්‌ සැලසුම පාඨලී හෙළි කරයි

අජිත් අලහකෝන් , කුෂාන් සුබසිංහ

ජනාධිපති කාර්යාලය හා ජනාධිපති මන්දිරයද, අගමැති කාර්යාලය සහ අගමැති මැදුර ද පාර්ලිමේන්තු සංකීර්ණය අවට ස්‌ථාන ගත කිරීමේ බලාපොරොත්තුවක්‌ ඇතැයි මහනගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

එමෙන්ම රටේ ප්‍රධාන පරිපාලන ස්‌ථාන රැසක්‌ පාර්ලිමේන්තුව අවට ස්‌ථානගත කරන බව කී ඇමැතිවරයා ඉන්දියාවේ මුම්ටාස්‌ නගරයට අභියෝගයක්‌ වන ආකාරයේ විධිමත් වරාය නගරයක්‌ කොළඹ ගොඩනඟන බවද කීවේය. ඩුබායි හා සිංගප්පූරුව අතර විධිමත් ගුවන් ගමන් නගරයක්‌ නොමැති නිසා කටුනායක 18 කණුව සිට මිනුවන්ගොඩ දක්‌වා ගුවන් නගරයක්‌ ගොඩනගන බව කී ඇමැතිවරයා මාලබේ සිට හෝමාගම දක්‌වා තාක්‍ෂණ නගරයක්‌ ගොඩනඟන බව ද කීය.

හොරණ, රයිගම සහ මීරිගම කාර්මික ප්‍රදේශ ලෙසද, අවිස්‌සාවේල්ල වැවිලි ප්‍රදේශයක්‌ ලෙසද, බදුරලිය පරිසර කලාපයක්‌ හා මීගමුව, අලුත්ගම සංචාරක ප්‍රදේශ ලෙස ගොඩනඟන බවද කී ඇමැති රණවක මහතා ජාඇල, කඩවත, කඩුවෙල, කොට්‌ටාව, බණ්‌ඩාරගම පරිපාලන නගර බවට පත් කරන බවද කීය. මහනගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය වැය ශීර්ෂය පිළිබඳ අයවැය විවාදයේදී ඇමැතිවරයා මෙසේ කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.