සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව ජන. 15 ට පෙර

ලසිත දුමින්ද

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව ජනවාරි 15 වැනිදාට පෙර නිකුත් කරන බව එම කොමිසමේ සභාපති අශෝක පීරිස්‌ මහතා පැවසීය.

රජයට අවශ්‍ය නම් අප්‍රේල් 7 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස්‌ කරන බව ද සභාපතිවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් පැමිණිලි සහ දුක්‌ගැනවිලි රැසක්‌ ලැබී ඇතැයි ද, එම සියලු දේවල්වලට සතුටු විය හැකි විසඳුම් ලබා දෙන බව ද අශෝක පීරිස්‌ මහතා කීවේය.

වාර්ගික සමගිය මූලික කර ගනිමින් සැමට නියෝජනයක්‌ තහවුරු වන පරිදි සීමා නිර්ණය කිරීම මෙහිදී වැදගත් කොට සලකා ඇතැයි ද සභාපති අශෝක පීරිස්‌ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.