ගෝල්ඩන් කී දෙවැනි අදියර මුදල් ගෙවීම ඉදිරි සති දෙක තුළ
මහබැංකු අධිපති

දීප්ති ප්‍රමිතා අධිකාරි

රජය සහ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් අතර ඇතිකරගත් ගිවිසුමට අනුව ශේ්‍රෂ්ඨාධිකරණයේ නියෝගය පරිදි දෙවැනි අදියරේ මුදල් ගෙවීම ඉදිරි සති දෙක තුළදී සිදුකරන බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවැසීය.

මේ යටතේ මිලියන 2 සිට 10 දක්‌වා වූ තැන්පත්කරුවන්ගේ මුදල් මෙසේ ලබාදෙනු ඇත. මිලියන 2 දක්‌වා වූ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම ප්‍රථම අදියර යටතේ මීට පෙරදී සිදුකෙරිණි.

මිලියන 10 ට වැඩි තැන්පතු මුදල් තෙවැනි අදියර යටතේ මුදාහැරීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.