දරුණු කොටි නිදහස්‌ කරමින්
ආණ්‌ඩුව දේශපාලන වාසි ගැනීමට හදනවා

- ගෝඨාභය රාජපක්‍ෂ

සමන් ගමගේ

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ප්‍රහාරය එල්ල කිරීමට බෝම්බකාරිය රැගෙන ආ ත්‍රස්‌තවාදියා ඇතුළු දරුණු ගණයේ ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කරමින් ආණ්‌ඩුව දේශපාලන වාසි ගැනීමට කටයුතු කරන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

යුද්ධය අතරවාරයේ ආරක්‍ෂක හමුදා මගින් අත්අඩංගුවට ගනු ලැබූ ස්‌ථිර අරමුණකට අනුව සිය ඉලක්‌කයට යැමට සූදානමින් සිටි කොටි ත්‍රස්‌තයන් 200 ක පිරිසක්‌ පසුගිය කාලයේ බූස්‌ස කඳවුරේ රඳවාගෙන සිටි බවද ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

ඔවුන් එසේ රඳවා ගනු ලැබුවේ කිසිසේත්ම තමන්ගේ අරමුණින් බැහැර වීමට කටයුතු නොකළ නිසා බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය.

සරත් ෆොන්සේකා මහතා ට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට දායක වූ මොරිස්‌ නමැති ත්‍රස්‌තවාදියා සමග ගිරි නමැති දරුණු ත්‍රස්‌තවාදියකු සිටි අතර යුද සමයේ දකුණට එල්ලවූ ප්‍රහාර ගණනාවකට මොවුන් දෙදෙනා සෘජුව දායක වූ බව ද ඒ මහතා පැවසීය.

මෙවන් දරුණු ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කිරීමට කටයුතු කරන ආණ්‌ඩුව අද තවත් පැත්තකින් රාජ්‍ය නිලධාරීන් දඩයම් කරමින් පොලිස්‌ රාජ්‍යයක්‌ බිහි කරමින් සිsටින බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.