එක ජනවර්ගයක්‌ ඔවුන්ගේ ආගම අනුව රටේ ව්‍යවස්‌ථාපිතයත් වෙනස්‌ කිරීමට සාහසික වෙලා
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

එක ජන වර්ගයකට ඔවුන්ගේ ආගමික ගති ලක්‍ෂණ අනුව රටේ ව්‍යවස්‌ථාපිත දේවල් පවා වෙනස්‌ කරන්න දෙන්නේ නම් අද බටහිර අත්විඳින අන්තවාදී අනතුර අනාගතයේ දී අප රටටත් එලෙසම අත්විඳීමට සිදුවනු ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අනතුරු ඇඟවූහ.

සමාජ ඒකාබද්ධතාවය, සංහිඳියාව ගැන කතා කරන ඇමැතිවරු නිසාවෙන් සමාජ බෙදුම්වාදය සිදු කරමින් ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (08 වැනිදා) එම අදහස්‌ පළකළේ කිරුළපන පිහිටි බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවසූහ.

අද රටේ ප්‍රධාන කතාබහක්‌ බවට පාසල් දරුවන්ගේ නිල ඇඳුම පත්ව තිබෙනවා. මෙයට ඇත්තටම නිල ඇඳුම කියන්න බැහැ. මොකද නිල ඇඳුමක්‌ නම් සිංහල දරුවයි, මුස්‌ලිම් දරුවයි, දෙමළ දරුවයි කියලා වෙන් වෙන්න බැහැනේ. නිල ඇඳුමක්‌ නම් ආගමික අනන්‍යතාවයන් ඉස්‌මතු වන්න විදිහක්‌ නැහැ.

පොලිසියට බැඳෙන මුස්‌ලිම් කෙනෙක්‌ පොලිස්‌ නිල ඇඳුම අඳිනවා මිසක පොලිසියට මුස්‌ලිම් තොප්පි දාගෙන එන්නේ නැහැනේ.

වත්මන් ආණ්‌ඩුව රට භාරගත් පසු කාලය ගෙවී ගියේ සිද්ධි තුනක්‌ මතයි. එකක්‌ සේයා දරුවගේ ඝාතනය සහ කොණ්‌ඩයා. අනෙක ඇවන්ගාඩ්. තුන්වැන්න පාසල් නිල ඇඳුම් වව්චරය. ඇත්තටම වත්මන් ආණ්‌ඩුවට රට ගෙන යැමට, සංවර්ධනය කිරීමට ක්‍රමවේදයක්‌ නැහැ.

එක ජන වර්ගයකට ඔවුන්ගේ ආගමික ගති ලක්‍ෂණ අනුව රටේ ව්‍යවස්‌ථාපිත දේ පවා වෙනස්‌ කරන්න පවා සාහසික වෙනවා නම් අපගේ අනාගතය බොහෝ අනතුරකට පත්වේවි. අද බටහිර අත් විඳින්නේ එම අනතුරයි.

අධ්‍යාපන ඇමැතිවරයාගේ මෙම වව්චර ක්‍රමවේදය තුළ සමාජ බෙදුම්වාදය ගැබ්ව තිබෙනවා. මුස්‌ලිම් දරුවන්, දෙමළ දරුවන් සහ සිංහල දරුවන් කියලා වෙනසක්‌ තිබෙන්න බැහැ. සැමට එක සමානව සලකන්න ඕන. මේ මොංගල් ඇමැතිට ඒ දේ තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ.

සමාජ ඒකාබද්ධතාව, සමාජ සංහිඳියාව ගැන කතා කරන මැති ඇමැතිවරු ක්‍රියාවෙන් ඒ දේ නොකරන තැනට පත්වෙලා. මේ වන විට සිංහල සමාජය තුළ විශාල කඩාවැටීමක්‌ තිබෙනවා.

කාටත් පිළිගත හැකි සමාජ බෙදුම්වාදයක්‌ නොවන ලෙස පාසල් නිල ඇඳුම් සඳහා නව වැඩපිළිවෙළක්‌ සකසන ලෙස අප අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

පොදුවේ සැමට එක මුදලක්‌ ලබාදීම ඉතා සාධාරණයි. එක වසරේÊසිට පහ වසර තෙක්‌ එක මුදලකුත්, හය වසරේ සිට තවත් මුදලකුත් ලබාදීම යෝග්‍යයි.

දේශපාලන බල ලෝභය නිසා දරුවන්ට හෙටක්‌ නැතිව යනවා. යහපාලනය තුළ සියල්ල බිඳී යමින් තිබෙනවා.

ජාත්‍යන්තර පාසල් තුළ සංස්‌කෘතිය කියා මුකුත් රැකෙන්නේ නැහැ. ජාත්‍යන්තර පාසල් කරන්නා වූ රටවල්වල අනන්‍යතාව අනුව එම ජාත්‍යන්තර පාසල් ඔවුන් හැඩගස්‌සනවා. මෙය ඉතා භයානක තත්ත්වයක්‌.

පාසල් දරුවන් පමණක්‌ නොව ගුරුවරියන් පවා මුහුණු ආවරණය කරගෙන ඉගැන්වීම් කරගෙන යනවා. මෙය දැක්‌කහම බල්ලන් නම් උඩු බුරනවා. එම තිරිසන් සතුන්ට දැනෙන අනතුර රටේ ජනතාවට නොදැනීම පුදුමයට කරුණක්‌.

අප රට අරාබියේ කොලනියක්‌ කරමින් තිබෙනවා. ලෝකයේ අනෙක්‌ රටවල් තම තමන්ගේ අනන්‍යතාව රැකගෙන ඉදිරියට යද්දී අප රට පමණක්‌ ආපස්‌සට යනවා.

අපි වෙනත් රටකට ගියොත් එම රටේ භාෂාව ඉගෙන ගන්න වෙනවා. නැතුව අපේ භාෂාවෙන් වැඩ කරන්න වෙන්නේ නැහැ. නමුත් අපේ රටේ මහ ජාතියට සුළු ජාතීන්ගේ භාෂා ඉගෙන ගන්න වෙලා. මහ ජාතියට සුළු ජාතියට ඕන ලෙස වැඩ කරන්න සිදුවෙලා.

අජිත් පී. පෙරේරා යෝජනා කළා සවුදි අරාබියට අපේ කාන්තාවන් නොයෑවිය යුතුයි කියලා. එම යෝජනාව රංජිත් සියඹලාපිටිය මහතා රැස්‌වීමකදී ස්‌ථිර කළා. සවුදියට කාන්තාවන් යවනවාට වඩා හොඳයි ඔවුන්ව අපායට යවන එක.

ලෝකයේ අන් කිසිදු රටක නොමැති ලෙස තාඩන පීඩන සෞදි අරාබියේ තිබෙනවා. ඒ රටේ වහල් සේවයට අපේ කාන්තාවන් නොයෑවිය යුතුයි. ශිෂ්ඨ සම්පන්න මිනිස්‌සු අනුමත නොකරන ක්‍රමවේද අප හෙළාදැකිය යුතුයි.

අද රට අම්බලමක්‌ වෙලා. ජාතියක්‌ ලෙස අපි ලොකු පවක්‌ ගෙවමින් සිටිනවා. අද රටේ ආර්ථිකය බරපතළ අනතුරකට ලක්‌වෙලා. පාලකයන්ගේ නිවට නියාලුකම තුළ රට අනතුරකට ලක්‌වෙලා. රටේ බුද්ධි අංශයක්‌ ක්‍රියාත්මක නොවන තැනකට පත්වෙලා. අන්තවාදීන්ට රට තුළ ගොඩනැඟෙන්න හොඳ පරිසරයක්‌ ගොඩනැඟී තිබෙනවා. අයි.එස්‌.අයි.එස්‌., තලෙයිබාන් ඇතුළු අන්තවාදීන් රට තුළ ගොඩනැඟෙනවා. එහෙත් පාලකයන් ඒ ගැන උනන්දුවක්‌ දක්‌වන්නේ නැහැ.

මෙහිදී බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි දිලන්ද විතාන මහතාද අදහස්‌ දැක්‌වූ අතර එම අවස්‌ථාවට ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝද එක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.