වසන්ත සොයිසා ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

මිහින්තලේ - රංග චතූ

ගිනස්‌ වාර්තා තැබූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 35 දෙනා මෙම මස 18 වැනිදා දක්‌වා නැවතත් රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා 07 දා නියෝග කළේය.

7 දා සැකකරුවන් අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළත් සොයිසා ඝාතනයේ නීතිපති වාර්තාව අධිකරණය වෙත නොලැබීම හේතුවෙන් නඩු විභාගය කල් තැබිණි. වසන්ත සොයිසාගේ පුත් ගිසර ද සොයිසා ගෙන් මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි සටහන් කරගැනීමද එහිදී සිදු කෙරිණි.

දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මෙම සිද්ධියේ නීතිපති වාර්තාව ලැබෙන තෙක්‌ සියලු සැකකරුවන්ට මිනී මැරුම් චෝදනාව පවතින බවත්, නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා පරීක්‍ෂණ කටයුතු මෙහෙයවන බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉඳුනිල් හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.