හික්‌කඩුවේදී තරුණයන් දෙදෙනකුට වෙඩි තබා මරයි

රත්ගම - සංඛ විඡේසූරිය

හික්‌කඩුව, තිරාණගම ප්‍රදේශයේදී යතුරුපැදියක යමින් සිටි තරුණයන් දෙදෙනකු ඊයේ (08 දා) සවස 3.45 ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ හික්‌කඩුව, නාකන්ද හා බද්දේගම පතන ප්‍රදේශයේ පදිංචි අවුරුදු විසිඅටක තරුණයන් දෙදෙනකි.

මියගොස්‌ ඇති දෙදෙනා පෙත්තතන්ත්‍රිගේ නලීන් (28) සහ පතන ප්‍රදේශයේ පදිංචි ඇබිත්තගොඩගේ අසංක (28) ලෙස හඳුනාගෙන තිබේ.

දේශපාලන පළිගැනීමක්‌ දැයි යන්න පොලිසියට සැක පහළ වී ඇත.

ඝාතන සිද්ධියට සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර පොලිසිය පුළුල් පරීක්‌ෂණ ආරම්භ කර තිබේ.

සිද්ධිය වූ ස්‌ථානයට ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කීර්තිරත්න, හික්‌කඩුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. චානක ද සිල්වා ඇතුළු නිලධාරීන් පැමිණ පරීකAෂණ ආරම්භ කර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.