ජයවර්ධනපුර සරසවියට ඉංජිනේරු පීඨයක්‌

වසන්ත ලියනගේ, ශ්‍යාම් නුවන් ගනේවත්ත

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා ඉංජිනේරු පීඨයක්‌ ස්‌ථාපිත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අනුමැතිය ඊයේ (08 වැනිදා) ලැබුණ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරසිංහ මහතා "දිවයින" ට පැවසීය.

මෙම ඉංජිනේරු පීඨය ආරම්භ කිරීම සඳහා මානව සම්පත් හඳුනා ගැනීම, ගොඩනැඟිලි ඉදිකිරීම, අධ්‍යයන ගොඩනැඟිලි ආදී කටයුතු සිදු කිරීමට නියමිත බවද කියා සිටියේය.

මෙම ඉංජිනේරු පීඨයේ ප්‍රථම ශිෂ්‍ය කණ්‌ඩායම ලබන අගෝස්‌තු මාසයේ දී බඳවා ගන්නා බවද පැවසීය.

ඉංජිනේරු පීඨයක්‌ විශ්වවිද්‍යාලයට ලබාදීමට උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ලබාදුන් සහාය අගේ කරන බවද උපකුලපතිවරයා කීවේය.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.