මා ඉදිරිපත් කළ දුම්වැටි විරෝධී පනත
එදා කැබිනට්‌ මණ්‌ඩලය විසිකළා

මගේ සහයට ආවේ රාජිත හා පාඨලී පමණයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

කුෂාන් සුබසිංහ

සෞඛ්‍ය ඇමැති ලෙස තමා එදා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ දුම්වැටි විරෝධී පනත කැබිනට්‌ මණ්‌ඩලය විසි කරද්දී මගේ පැත්ත අරගෙන කතා කළේ රාජිත ඇමැතිවරයා සහ චම්පික ඇමැතිවරයා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

දුම්වැටියට බාධාගෙන ආවොත් දැනට රටට එන සංචාරකයෝවත් එන එකක්‌ නැති බවත් ඒ නිසා මේ පනත රටේ සංචාරක කර්මාන්තයට බාධාවක්‌ වනු ඇති බව එදා කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කළ බව ජනාධිපතිවරයා පැවැසීය.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා දුම්වැටි විරෝධී ජාතික සම්මානයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස්‌ එ- හෝටලයේදී පෙරේදා (07 වැනිදා) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

මෙම අවස්‌ථාවට සහභාගි වීමට ලැබීම පිළිබ`ද මම ඉතාමත් සතුටට පත්වෙනවා. මා මිත්‍ර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දුම්වැටි විරෝධී ජාත්‍යන්තර සම්මානය ලැබීම එතුමාට පමණක්‌ නොවෙයි රජයට, ජනතාවට, රටට ලැබුණු විශිෂ්ඨ වූ ගෞරවයක්‌ ලෙසයි මා දකින්නේ. මේ සම්මානය අපි කාටත් ගෞරවයක්‌. මගේ හදපත්ලෙන්ම මම ඒ පිළිsබ`දව සතුටු වෙනවා.

මේ අවස්‌ථාවේදී 2013 සැප්තැම්බර් මාසයේa 03 වනදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මේ ජාත්‍යන්තර සම්මානය මා වෙත පුදකරන අවස්‌ථාවේ මතකය මගේ සිහියට නැගෙනවා ඒ මොහොතේ මා සිටි මානසික තත්ත්වයක්‌ එක්‌කම.

එදා පස්‌වරු තුනටයි ඒ උත්සවය අපි ආරම්භ කළේ. එදින උදේ නවලෝක රෝහලට ගිහිල්ලා මගේ මෑණියන්ගේ සුවදුක්‌ බලලා මම 10.30 ට 11 ට විතර බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවය පැවැත්වෙන ශාලාවට පැමිණියේ තව පැය කීපයකින් මගෙන් වෙන්වන මෑණියන් ගැන ශෝකයෙන්. ක`දුළු පිරි නෙතින් අන් අයගෙන් ක`දුළු ස`ගවාගෙන එනවිට මගේ හදවත් පුපුරායන සිද්ධියක්‌ මා ඇස්‌ දෙකට දුටුවා. ඒ තමයි එදා ඒ උත්සවයේ වේදිකාවට ගෙනවිත් තිබූ ජනාධිපති කොඩිය තිබෙන පෝඩියම් එක දවල් 11 ට එතනින් ඉවත් කරගෙන යැම.

මේ සුන්දර සන්ධ්‍යාවේ මේ අවස්‌ථාවට ආ විට වසරකට වැඩි කාලයක අතීතයට මගේ මතකය දිව ගොස්‌ මා හැ`ගීම්බර වුණා.

අද ජනාධිපතිවරයා විදියට මම සුබ පතන්නේ මගේ හෘද සාක්‌ෂියෙන්. රාජිත සේනාරත්න මැතිතුමාට ලැබුණ සම්මානය පිළිබ`දව ඔබලාට තියෙන සතුටට වඩා සතුටක්‌ මට තිබෙනවා. එහෙත් මම එදා සෞඛ්‍ය ඇමතිවරයා විදියට මේ සතුට ලබාගත් අවස්‌ථාවේ මා පින්වන්ත නොවුවත්, දුම්වැටියට, මත්aද්‍රව්‍යවලට විරුද්ධව ගෙන ගිය ජාතික සටන මෙන්ම ඖෂධ පනත ගෙන ඒමට ගෙන ගිය සටන තුළ අවසානයේදී මේ රටේ ජනතාව මාව ජනාධිපතිවරයෙක්‌ බවට පත්කළා.

මුළු මහත් ලෝක ප්‍රජාව මේ වනවිට බෝ නොවන රෝග ව්‍යාප්තිය පිළිබද ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා අපි අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ යහපත් සමාජයක්‌ ගොඩනගන්න වගේම නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක්‌ බිහිකරන්න කළ හැකි සියලු දේ ඉටුකිරීමට බැ`දී සිටිනවා.

දුම්වැටියට විරුද්ධව එදා ගෙන ගිය සටනේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ මට ලොකු ශක්‌තියක්‌ දුන් කිහිප දෙනෙක්‌a හිටියා. පාලිත මහීපාල අධ්‍යක්‌ෂ ජනරාල්තුමා, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මැතිතුමා, මහාචාර්ය කාලෝ ෙµdන්සේකා මැතිතුමා, වෛද්‍ය ලක්‌ෂ්මී මැතිණිය, විශේෂයෙන් අපේ නීති නිලධාරිනිය ඇතුළු ඒ කාර්ය මණ්‌ඩල එදා මට දුන්න ශක්‌තිය කිසිසේත්ම අමතක කරන්න පුළුවන් කමක්‌ නැහැ.

දුම්වැටිය මර්දනය කිරීම ස`දහා නව නීති සමිපාදනය කිරීමට කැබිනට්‌ මණ්‌ඩලයට කැබිනට්‌ සන්දේශය ඉදිරිපත් කළ විට කැබිනට්‌ මණ්‌ඩලයේ මූලාසනය මා දෙස බලා කිව්වේ මේ නීති අපි සම්මත කළොත් මේ රටට සංචාරකයෙක්‌ එන්නේ නැහැ. ලංකාවට ඇවිල්ලා සිගරට්‌ එකක්‌ බොන්න නැහැයි කියලා. එතකොට සංචාරකයෝ එන්නේ නැතිවෙයි කිව්වා. ඒ නිසා මේ නීතිය අවශ්‍ය නෑ කියලා කැබිනට්‌ මණ්‌ඩලයෙන් ඒ සන්දේශය එදා එළියට දැම්මා. ඒ වෙලාවේ එදා මගේ තනියට රාජිත සේනාරත්න ඇමැතිතුමත් චම්පික රණවක ඇමැතිතුමත් කතාකළා.

මේ සැරේ අයවැය යෝජනා තුළ සැර අඩු බියර්වල මිල අඩුකර තවත් වර්ගයක මිල වැඩිකරලා තිබුණා. මම ඒ පිළිබ`දව වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඇසූවිට මට ලැබුණුq උත්තරේ වන්නේ සැර අඩු වර්ගය අඩුකළා කියලා. නමුත් සැර අඩු වර්ගය ලංකාවේ කාන්තාවන් වැඩියෙන් පාවිච්චි කරන නිසා එයද ඉහළ දමන ලෙසට මා උපදෙස්‌ දුන්නා. පස්‌සේa ඒකත් ඉහළ දැම්මා.

දුම්කොළ හා මද්‍යසාර සම්බන්ධයෙන් රජය විදිහට ගෙන යන ප්‍රතිපත්තිය තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක්‌ බිහිකිරීමේ කාර්යය ස`දහා රජයක්‌ විදියට කළ හැකි දේ ඉෂ්ඨ කරනවා.

රාජිත සේනාරත්න ඇමැතිතුමා මම හ`දුනාගත්තේ 80 දශකයේ මැද භාගයේ එක්‌තරා දවසක නාරාහේන්පිට අභයාරාමයේ ශාලාවක්‌ තුළ. අපි ඒ කාලේ ෙ-.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්‌ඩුවට විරුද්ධව යම් යම් සටන් කරනකොට ඒ සාකච්ඡාවකට ඇවිල්ලා තමයි මුලින්ම මෙතුමත් එක්‌ක කතා බහ කළේ. රාජිත ඇමතිතුමා හැමතැනම සටනට නායකත්වය දුන්නා. අවශ්‍ය පරිවර්තනයන් සහ වෙනස්‌කම් වෙනුවෙන් සෑම විටම මූලිකත්වය ගත්තා. ගිය වසරේ නොවැම්බර් මාසේ 21 වැනිදා පැවැති ආණ්‌ඩුවෙන් මාව එළියට ගන්න මාව ධෛර්යමත් කරන්න, විශාල වැඩ කොටසක්‌ තාත්තයි පුතයි දෙන්නම සිදුකරනු ලැබුවා.

තමුන්නාන්සේලා දැක්‌කා පහුගිය කාලය පුරා රාජිත ඇමතිතුමා නිවැරදි දේ සත්‍ය දේ වෙනුවෙන් කතාකරමින් සිය වගකීම හා යුතුකම ඉටුකළ ආකාරය. ඒ නිසා එතුමා වැනි අමාත්‍යවරයෙක්‌ අපේ ආණ්‌ඩුවට, දේශපාලන වැඩවලට විශාල ධෛර්යයක්‌ හා ශක්‌තියක්‌ ලෙස මා සලකනවා.

අපේ ජාතික වගකීම් අපි ඉටුකරමින් අද ජීවත්වන ජනතාව වගේම හෙට උපදින දරුවන්ට හො`ද රටක්‌ හදන්න රාජිත ඇමැතිතුමත් මමත් කැපවෙන බව අවසාන වශයෙන් මා කියන්නට කැමතියි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.