සන්තුට්‌ඨි පරමං ධනං·
පරම ධනය සතුට බවට පත්වූ
උත්පාදන ආර්ථිකයක්‌ ගොඩනඟනවා

- ඇමැති පාඨලී චම්පික රණවක

සිරිමන්ත රත්නසේකර

ඇතැම් පක්‍ෂවල නායකයින් දන්නේ විවේචන කරන්න සහ හරසුන් කතා කියන්න පමණක්‌ බවත් ඔවුන්ට පාලනයක්‌ භාරදුන් විට එය නිවැරදිව කරන්න නොදන්නා බවත් මහා නගර සහ බස්‌නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.

එම නායකයින් පාලනය දූෂණයේ යොදවන බවත් හෙතෙම කියා සිටියේය.

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් මහා නගර සහ බස්‌නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පසුගියදා (6 දා) එම අදහස්‌ පළ කළේ ජාතික හෙළ උරුමයේ කොළඹ දිසා සමුළුව බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති අවස්‌ථාවේදීය.

ජාතික හෙළ උරුමයේ ඉදිරි වසර සඳහා නව නිලධාරි මණ්‌ඩලයක්‌ පත්කර ගැනීම මෙහි ප්‍රධාන කර්තව්‍ය වූ අතර ආරම්භක දිනයේ සිට වසර 15 ක්‌ පුරා විවිධ ගැටලු හමුවේ නොසැලී පක්‍ෂය වෙනුවෙන් කැපවීමෙන් වැඩකළ කොළඹ දිසාව පුරා විසිරී ඇති ආසන 15 සහෘද සාමාජිකයන් පිරිසකට උපහාර පිදීමද මෙහිදී සිදුකෙරුණි.

මෙම අවස්‌ථාවට රන්පත්විල විමලරතන නායක ස්‌වාමීන් වහන්සේ, බස්‌නාහිර පළාත් සභා අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරල ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්‌ සහභාගී වූහ.

එහිදී සම්මේලනය අමතා අදහස්‌ දැක්‌වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද පැවැසීය.

අද රට රකිමු හෙට දිනට මග කියමු යන තේමාව යටතේ අද මේ දිසා සභාව අපි පවත්වන්නේ. පසුගියදා ගම්පහ දිසා සභාව ආදි දිසා සභා ගණනාවක්‌ පවත්වලා තමයි මේ කොළඹ දිසා සභාව අද පවත්වන්නේ. අපි අද රට රකිමු කිව්වහම කවදත් අපි රට රකින්න ඉදිරිපත් වෙච්ච බලවේගයක්‌. මේ රටේ ජාතික ආරක්‍ෂාව තමයි සියලුම කරුණුවල පදනම පසුබිම වන්නේ. ඒ නිසා රටේ ආරක්‍ෂාවට යම්කිසි අර්බුදයක්‌ අනතුරක්‌ තියෙනවා නම් රට රකින්න අපි අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා.

අද මේ රටේ සාමාන්‍ය වැඩකරන කම්කරුවෙක්‌ගේ ආදායම රුපියල් 1000 ඉක්‌මවලා තියෙනවා. හැබැයි පාරේ යාචකයෝ ඉන්නවා. අපි දුප්පත්කම නැති කරන්න හැම දවසකම කතා පවත්වලා තියෙනවා. දුප්පත්කම නැති කරන්න නොයෙක්‌ වැඩපිළිවෙලවල් ඉදිරිපත් කරලා තියෙනවා. ජනසවිය, සමෘද්ධි හා දිවිනැඟුම ආදී වැඩසටහන් දියත් කරලා තියෙනවා.නමුත් අපිට බැරි වුණා මේ රටේ යාචකයින්ගේ ප්‍රශ්නය විස¹ ගන්න. මේ ප්‍රශ්නය ගැටලුවක්‌ හැටියට අරන් අප විසඳන්න ඕනේ. කොළඹ පැල්පත්වාසී දුගී ජන කණ්‌ඩායමක්‌ ජීවත් වෙනවා. තාත්තා පේමන්ට්‌ එකේ නම් පුතත් පේමන්ට්‌ එකට බහිනවා. අම්මා පාරේ නම් දුවත් පාරට බහිනවා. තාත්තගෙ රැකියාව තිS්‍රවීල් රස්‌සාව නම් පුතත් තිS්‍රවීල් රස්‌සාව කරනවා. පරම්පරාවෙන් පරම්පරාවට මේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගිහිල්ලා නැහැ. විවිධ වැඩපිළිවෙළවල් රාශියක්‌ මේ රටේ දියත් වෙලා තියෙනවා. නිවාස ව්‍යාපෘති ඉදිවෙලා තිබෙනවා. ඡන්දෙන් ඡන්දෙට නිවාස ලබාදෙනවා කියලා විවිධ වැඩපිළිවෙල් තිබිලා තියෙනවා. හැබැයි ඔවුන්ගේ ජීවිත වෙනස්‌ කරන්න වැඩපිළිවෙළක්‌ තිබිලා නැහැ. ඒක නිසා අපි ඒකට වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතුයි.

මේ රට ඉතා දියුණු රටක්‌ කියලා කියනවා. නගරයට ගියාම ඉතාමත් ලස්‌සනට තියෙනවා. නමුත් තවත් තැනක කැළි කසළ කඳු තියෙනවා. ඒවා ඒ ඒ නගර සභාවල වගකීම. නමුත් ඒවා විසඳන්න අද ජාතික මැදිහත්වීමක්‌ අවශ්‍ය වෙලා තියෙනවා. නැත්නම් රට ඉතාමත් බරපතළ පාරිසරික ව්‍යසනයකට පත්වෙන්න පුළුවන්. හුඟක්‌ අය බලන්නේ මේක තල තල මේකෙන් ධනය උත්පාදනය කරන්න. නමුත් මේ ප්‍රශ්න විසඳන්න ඉතාම අපහසු බව කියන්න ඕනේ. දේශපාලන විරුද්ධවාදීන් නිසා තමයි මේ රටේ කසළ කඳු ගොඩනැඟිලා තියෙන්නේ. බ්ලූ මැන්ඩල් කුණු කන්ද 1997 දී ඉවත් කරන්න ලෑස්‌ති වෙනකොට කොළඹ කුණු අපට එපා කියලා දේශපාලකයෝ උද්ඝෝෂණ කෙරුවා. එතකොට එතන තිබුණේ පුංචි කුණු කන්දක්‌. නමුත් අද ඒක විශාල ලෙස වර්ධනය වෙලා තියෙනවා. 2010 අපි පරිසර අමාත්‍යාංශයේ ඉන්නකොට ඒක විශාල ව්‍යසනයක්‌ බවට පත්වෙලා තියෙනවා. කොළොන්නාවේ කුණු කන්දට 2008 අපි වැඩපිළිවෙළක්‌ සකස්‌ කෙරුවා ඒක කරන්න දුන්නේ නැහැ. එදත් කොළඹ කුණු අපට එපා කියලා විරෝධතා ඇති කළා. අද කුණු ටොන් ලක්‍ෂ 30 ක්‌ දක්‌වා වර්ධනය වෙලා තියෙනවා. පානීය ජල බිඳක්‌ ගන්න බැරි තරමට අද ජලය දූෂණය වෙලා තියෙනවා. කැලණි ගඟ විනාශ වෙලා තියෙනවා. දස ලක්‍ෂ ගණන් ජනතාවක්‌ අද මෙම ප්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. අපි මේවාට විසඳුම් දෙන්න හදනකොට ඒවාට විරුද්ධ වෙලා පටු දේශපාලන අරමුණු ඉටුකරගන්න කටයුතු කළ නිසා අද විශාල සෞඛ්‍ය ගැටලු බවට පත්වෙලා.

අද දැන උගත් මධ්‍යම පාන්තික ජනතාව විශාල ගැටලුවලට මුහුණ දෙනවා. ශක්‌තිමත් පොදු ප්‍රවාහන සේවයක්‌ නොමැති කමින් අද පාරට බැස්‌සම වාහන පිරිලා. මෙයට අවුරුදු 30 කට කලින් කොළඹ නගරයට ආවේ බස්‌ 32000 ක්‌. අද එන්නේ 29000 යි. එදා කොළඹට ආවේ පොදු වාහන ඒ විදිහට. එදා පෞද්ගලික වාහන ආවේ ලක්‍ෂයයි. අද එනවා පන්ලක්‍ෂයක්‌. අපි කොළඹ විතරයි මේ ප්‍රශ්නේ කිව්වට අද කොහේ ගියත් කොයි නගරේ ගියත් මේ ප්‍රශ්නේ මේ විදිහටම තියෙනවා. අද උපදින දරුවන්ට පාසල් නැහැ. මොකද අපේ දැන උගත්කම්වලට සරිලන පාසල් ගොඩනැඟිලා නැහැ.

මේ රටේ හොඳ රෝහල් පද්ධතියක්‌ තියෙනවා. සෑම කිලෝ මීටර් 10 ක්‌ ඇතුළතම ඩිස්‌පෙන්සරි තියෙනවා. ලෝකේ තියෙන ලොකුම රජයේ රෝහල තියෙන්නේ කොළඹ තියෙන මහ රෝහල. ඇඳන් හත්දාහක්‌ තියෙනවා. හැබැයි අපේ ජනතාවට සෞඛ්‍ය ගැටලුවක්‌ ආවහම විශාල ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. අද මේ රට ඇතුළේ මේ වගේ ප්‍රශ්න ගණනාවක්‌ අපට තියෙනවා. ගම්බද ප්‍රදේශයේ ගොයම් ටික කපාගන්න, රබර් ටික කපා ගන්න ජනතාව නැහැ. හැබැයි සෞදි අරාබියට ගිහිල්ලා ගල් ගහලා මරාදාන ජනතාවක්‌ අපේ රට තුළ ඉන්නවා. මේ ගැටලුවලට අපි විසඳුම් හොයන්න ඕනේ. මේවා සම්බන්ධයෙන් ජනතාවගේ හදවත් තුළ හැඟීම් අවුස්‌සලා ඡන්දය ඉල්ලගෙන පාර්ලිමේන්තුවට යන්න වරප්‍රසාද ගත්තට වැඩක්‌ නැහැ. මේ ප්‍රශ්න විසඳන මඟකට අප රට පිවිසිය යුතුයි. එනිසා ජාතික හෙළ උරුමයේ අපි මේ රට හදන මගට පිවිසෙන්න ඕනේ කියලා කල්පනා කරලා තිබෙනවා. සටන් පාඨවලින් තොරව මේ රට හදන්න පුළුවන් ප්‍රායෝගික මඟක්‌ අපි නිර්මාණය කරන්න තීරණය කරලා තියෙනවා.

ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා ඇවිත් ආර්ථිකය විවෘත කළා. නොයෙක්‌ විවේචන තිබුණා. නමුත් චන්ද්‍රිකා මැතිනිය මහින්ද මහත්තයා නොයෙක්‌ අඩු වැඩි වශයෙන් ඒක තමයි ඉදිරියට ගෙන ගියේ. එහි හොඳ නරක දෙකම තිබුණා. දැන් සමහරු කියනවා අපි ආයෙත් 77 තැනින් පටන්ගන්න ඕනේ කියලා. සමහරු හිතනවා 94 තැනින් පටන් ගන්න ඕනේ කියලා. සමහරු හිතනවා 2005 තැනින් පටන් ගන්න ඕනේ කියලා. ඒවා සේරම අතීතයට අයිති දේවල්. අපට නව ජන වරමක්‌ පසුගියදා ලැබුණා. ජනවාරි 08 වැනිදා එයට අනුව මේ රටේ නව උත්පාදන ආර්ථික ක්‍රමයක්‌ ඇතිකර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. රටේ පරිසරය ආරක්‍ෂා කරමින්, රට තුළ නව නිෂ්පාදන ඇති කරමින්, සමාජයේ දුප්පත්කම නැති කරමින් සමාජ අසමානතා අයින් කරමින් පුද්ගලයන්ගේ සමෘද්ධිය මුල් කර ගත්ත නව ආර්ථිකයක්‌ ගොඩනැඟිය යුතුයි.

එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සන්තුට්‌ඨ§ පරමං ධනං කියලා. පරම ධනය සතුට කියලා. පරම ධනය සතුට බවට පත්වෙච්ච නව ආර්ථික ක්‍රමයක්‌ ගොඩනඟා ගැනීමයි නව උත්පාදන ආර්ථිකයක ප්‍රධාන අරමුණ වන්නේ. ඒ නිසා තමයි ජාතික හෙළ උරුමය එදා 2014 ඔක්‌තෝබරයේදී පවත්වපු පක්‍ෂ සමුළුවේදී නව උත්පාදන ආර්ථිකයක්‌ තමයි රටේ අනාගතය කියලා කිව්වේ. එදා ඒක වැඩි දෙනෙක්‌ කල්පනා කළේ නැහැ. අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් එදා අපි ඉදිරිපත් කරපු නව උත්පාදන ආර්ථික ක්‍රමය පිළි අරගෙන තියෙනවා. ඒකයි අපි කියන්නේ මේක සටන් පාඨ ව්‍යාපාරයක්‌ නෙමෙයි, උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ නෙමෙයි, හැබැයි ප්‍රශ්නයක්‌ ඇති වුණොත් අභියෝගයක්‌ ආවොත් සටන් පාඨ විතරක්‌ නෙමෙයි උද්ඝෝෂණ කරන්නත් අපි මැලිවෙන්නේ නැහැ. මේ ඉදිරි වසර 5 තුළ මේ නව උත්පාදන ආර්ථික ක්‍රමය ශක්‌තිමත්ව තබා ගෙන යැමට අපි සියලු දෙනාම ඇප කැප වෙන්න ඕනේ මිත්‍රවරුනි. අපේ රට සටන් පාඨ නිසා විශාල වශයෙන් විනාශ වෙච්ච රටක්‌. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ.

1921 කොළඹ නගරය අවට ප්‍රදේශය සැලසුම් කරන්න බ්‍රිතාන්‍ය ජාතික පැට්‌රික්‌ ගෙට්‌ස්‌ පැමිණියා. එදා කොළඹ වරාය තමයි ලෝකයේ 05 වෙනි තැන තිබුණේ. එදා සිංගප්පූරු, ඩුබායි වරායවල් තිබුණේ නැහැ. ක්‌වාලාලාම්පූර්, බැංකොක්‌ නගර එදා තිබුණේ නැහැ. එකම නගරය එකම වරාය, එකම වාණිජ මධ්‍යස්‌ථානය වුණේ ආසියාවේ ශ්‍රී ලංකාවේ කොළඹයි. අද 34 වැනි තැනට වැටිලා තියෙනවා. ඒ වරාය නගරයේ කොළඹ නගරයේ දුක්‌ ගැනවිල්ල තියෙනවා. මොනවා නිසාද සටන් පාඨ දේශපාලනය නිසා, සටන් පාඨවලින් වැඩකරපු නිසා මියගිය ලී ක්‌වාන් යූ කිව්වා සිංගප්පූරුවක්‌ ගොඩනැඟුණේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට පිංසිද්ධ වෙන්න කියලා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.