ත්‍රස්‌තවාදය වැළැක්‌වීම පනත යටතේ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම දේශප්‍රේමය පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක්‌
- ගෙවිඳු කුමාරතුංග

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

"තක්‌කඩියාගේ අවසාන තිප්පල ජාතිවාදය" යනුවෙන් ප්‍රකාශ කළේ සැමුවෙල් ජොන්සන් නමැති විද්වතා මිස ජවහල්ලාල් නේරුතුමා නොවන බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ද වන අමසේකර මහතා එහිදී මසේද පැවසීය.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතමින් පසුගියදා කළ කතාවේදී, ජවහල්ලාල් නේරුතුමා "තක්‌කඩියාගේ අවසාන තිප්පල ජාතිවාදය" යනුවෙන් ප්‍රකාශ කර ඇති බව සඳහන් කළා. නමුත් එම ප්‍රකාශය කරල තිබෙන්නේ සැමුවෙල් ජොන්සන් නමැති විද්වතා මිස ජවහල්ලාල් නේරුතුමා නොවන බවට මාධ්‍ය මගින් නිවැරදි කළ යුතුයි. නැතිනම් ළමයින් වැරදි දේ ඉගෙන ගන්නා බවත් මෙහිදී අමරසේකර මහතා අවධාරණය කළේය.

ඒ පිළිබඳව තවදුරටත් අදහස්‌ දැක්‌වූ අමරසේකර මහතා, ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශය අපත් ඉලක්‌කකර කර ඇති ප්‍රකාශයක්‌ විය හැකි බැවින් ඒ පිළිබඳවත් මෙහිදී සඳහන් කළ යුතුයි. දේශප්‍රේමය කියන්නේ නරක දෙයක්‌ නොවෙයි. ප්‍රශ්නය වී තිබෙන්නේ තක්‌කඩියන් එය පාවිච්චි කිරීම. ඒක අලුතින් කියල දෙන්න අවශ්‍ය නෑ.

ඒ වගේම පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා කළ කතාවේදී තර්ක කිහිපයක්‌ම ඉදිරිපත් කරල තිබෙනවා. පසුගිය ආණ්‌ඩුව කොටි සාමාජිකයන් 12,000 ක්‌ නිදහස්‌ කර ඇති බවත් අපි ටික දෙනකු නිදහස්‌ කළ විට කෑ ගහන බවත් සඳහන් කළා. ගිය ආණ්‌ඩුව 12,000 ක්‌ නිදහස්‌ කළ බව ඇත්ත. එසේ නිදොස්‌ අය නිදහස්‌ කරල ටික දෙනකු රඳවාගෙන සිටියේ ඔවුන්ට චෝදනා තිබෙන නිසා එම ටික දෙනා අතර කොළඹ ප්‍රදේශයේ බෝම්බ පුපුරවන්න කටයුතු කළ අයත් සිටිනවා.

පුද්ගලයන් පමණක්‌ නෙවෙයි තහනම් කර තිබූ සංවිධාන 16 න් 8 කුත් නිදහස්‌ කරල තිබෙනවා. එම සංවිධාන අතර "ටෙමිල් ෙµරම්" නමැති සංවිධානයත් තිබෙනවා. එම සංවිධානය පසුගිය 27 වැනිදාට යේදී තිබුණ මහවිරු දිනය නිමිත්තෙන් විශාල පෙළපාලියක්‌ සංවිධානය කළා. එම පෙළපාලියේ ඊළාම් සිතියම සහිත පුවරු රැගෙන ගියා.

එපමණක්‌ නෙවෙයි එම සංවිධානයේ සාමාජිකයන් තමයි මහින්ද රාජපක්‍ෂ මහතා ලන්ඩනයට ගිය වෙලාවේ උද්ඝෝෂණය කළේ. එසේ කටයුතු කළ සංවිධාන තමයි මේ නිදහස්‌ කරල තිබෙන්නේ. එහෙම තත්ත්වයක්‌ තමයි දැන් තිබෙන්නේ. එම තත්ත්වය තුළ අපට පේන්නේ රටේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ වී ඇති ත්‍රස්‌තවාදීන් මුදාහරින බව තමයි.

ඒ ආකාරයටම ඉතිරි වී සිටින 300 ක්‌ නිදහස්‌ කරාවි. ඒ සඳහා තමයි ත්‍රස්‌ත විරෝධී පතන සහ ජාතික ආරක්‍ෂක පනත ඉවත් කිරීමට කටයුතු කරන්නේ. එමනිසා ජනාධිපතිතුමා ජාතික ආරක්‍ෂාව පිළිබඳව සහතික වන බව සඳහන් කළත් ඒක පිළිගන්න බෑ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි,වර්තමාන යහපාලන ආණ්‌ඩුවේ නායකයන් කරන ප්‍රකාශ කිසිවක්‌ සිද්ධ වෙන්නේ නෑ. විශේෂයෙන්ම සිරිසේන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කරන ප්‍රකාශ.

පරිසරය රැකීමට හැඟීමෙන් කටයුතු කරන බව ප්‍රකාශ කරනවා. නමුත් විල්පත්තුව වනාන්තරයට බදිවුදීන් ඇමැතිවරයා කරන දේ තහනම් කරල නෑ.

ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ ගෙවිදු කුමාරතුංග,

කොටි සංවිධානය මහවිරු දිනය සමරූ 27 වැනි දා උතුර සහ නැගෙනහිර ප්‍රදේශයේ පෝස්‌ටර් අලවා තිබුණා. දෙමළ ජනතාවගේ පිපාසය, දෙමළ ඊළම බවත් ශිවාජීලිංගම් ප්‍රකාශ කරල තිබෙනවා. එහෙම නම් අපි සිතන්නේ කොහොමද ජාතික ආරක්‍ෂාව ස්‌ථාපිතයි කියලා.

ජනවාරි 8 වැනිදා ප්‍රකාශ කළේ දෙමළ ඊළමක්‌ සඳහා කටයුතු කිරීම නිරර්ථක කටයුත්තක්‌ ලෙස සලකා එය අත්හැර ඒ අය ඉදිරියට ආ බවයි. නමුත් පසුගිය 27 දා ඇතිවූ සිද්ධීන් අනුව සිදුවී ඇති දේ පෙනෙනවා. ඒ අතර ශිෂ්‍යයකු සිය දිවි නසාගෙන තිබෙනවා. එම ශිෂ්‍යයා ලියූ ලිපියක්‌ බවට ඉදිරිපත් වූ ලිපියේ අත්අකුරු ඔහුගේ නොවන බව තහවුරුවී තිබෙනවා. නමුත් එම ප්‍රදේශවල පාසල් වැසුවා. එම ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයාට ඡන්දය දුන්නා නම් වෙනම රාජ්‍යයක්‌ වෙනුවෙන් කටයුතු කළ අයට එරෙහිව එක පියවරක්‌ ගෙන නෑ.

මොන රටේද තමන්ගේ හමුදා නිලධාරීන් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නේ. මේ සිද්ධවෙන දේ දේශප්‍රේමය පිළිබඳ අති දැවැන්ත ප්‍රශ්නයක්‌ බවත් ගෙවිඳු කුමාරතුංග මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.