විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දරුවන් වැඩිහරියක්‌ අනුරාධපුරයටවත් ගිහින් නෑ

බෙලිඅත්ත - රාමනායක

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දරු දැරියන්ගෙන් 50% ක්‌ වත් අනුරාධපුරයටවත් ගිහින් නැහැ. මේ ගැන මා සමීක්‍ෂණයක්‌ කළා. දරුවන් කියන්නේ පන්ති යනවා කිසි විවේකයක්‌ නැහැ කියලයි. දරුවන්ට දැනුම විතරක්‌ දුන්නට මදි. දරුවන්ට ප්‍රඥව දෙන්න ඕන.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්‍ෂ කොමසාරිස්‌ මහාචාර්ය නිමල් ද සිල්වා මහතා එසේ පැවසුවේ විශ්‍රාමලත් හම්බන්තොට බාලදක්‍ෂ කොමසාරිස්‌ රාමනායක මහතාට උපහාර පිණිස තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ පැවැති උපහාර රැස්‌වීම අමතා කතා කරමිනි.

ඒ මහතා තවදුරටත් කතා කරමින්.....

බාලදක්‍ෂ ව්‍යාපාරය අද පාසල් දරුවන්ගේ හදවත, මනස, සංවර්ධනය කරන වටිනා ව්‍යාපාරයක්‌. උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය බාලදක්‍ෂ ව්‍යාපාරය සංවර්ධනය කිරීමට කිසිම උනන්දුවක්‌ නොදැක්‌වීම කනගාටුවට කරුණක්‌. අපේ දරුවන්ගේ මනසට අප රටේ ශිෂ්ටාචාරය පිළිබඳ දැනුවත් කළ යුතුයි. අපේ පෞරාණික ශිෂ්ටාචාරය සහ එහි ප්‍රෙෘඨත්වය ගැන විදේශිකයන් මවිත වනවා. ඒත් අපේ දරුවන්ට ඒ ගැන කිසිම හැඟීSමක්‌ තැකීමක්‌ නැහැ. ඒ නිසාම දැනුම පමණක්‌ දරුවන්ගේ මනසට පිරෙව්වාම දරුවන් වල්මත් වෙලා.

අද දරුවන්ට සමාජයෙන් ලැබෙන්නේ වැරදි ආකල්පයි. මේ නිසා දරුවන් හරි තැනට ගන්නට බාලදක්‍ෂ ව්‍යාපාරය යොදා ගත යුතු යෑයි ඒ මහතා පැවසීය.

මෙම අවස්‌ථාවට හිටපු දිස්‌ත්‍රික්‌ බාලදක්‍ෂ කොමසාරිස්‌වරුන්ද මූලස්‌ථාන බාලදක්‍ෂ කොමසාරිස්‌ ගාමිණී කරුණාරත්න මහතාද නව දිස්‌ත්‍රික්‌ බාලදක්‍ෂ කොමසාරිස්‌ අනුර චන්ද්‍රදාස මහතාද සහ පෝතක බාලදක්‍ෂ කොමසාරිස්‌ සුජාතා රාජපක්‍ෂ මහත්මියද විදුහල්පතිවරුද ප්‍රදේශවාසීහු සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.