කැස්‌බෑවකු මැරූ ධීවරයා දැලේ



කැස්‌බෑවෙකු අල්ලා මරා දැමූ ධීවරයකු 04 දා දහවල් අත්අඩංගුවට ගත් බැව් මන්නාරම පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ මන්නාරම නාවික හමුදා නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත සිදුකළ වැටලීමකදී, කැස්‌බෑවකු අල්ලා මරා දැමූ මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේ ධීවරයකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

අදාළ කැස්‌බෑවා කිලෝ ග්‍රෑම් 50 ක පමණ බරකින් යුතුව සිටි බැව්ද පොලිසිය පැවසීය. සැකකරු මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

දිනසේන රතුගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.