වැසිකිළි වළවල් උතුරා යාමෙන්
වළවේ ගඟ අසූචිවලින් පිරේ


හම්බන්තොට - නන්ද වික්‍රමගේ

ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට අයත් අම්බලන්තොට ජල පොම්පාගාරය ආසන්නයේ සිට රිදියගම දක්‌වා ඇති මාර්ගයේ කි. මී. දෙක තුනක්‌ දක්‌වා වලවේ ගඟ යාබඳව පිහිටුවා තිබෙන නිවාසවලට අයත් වැසිකිළි වළවල් වලවේ ගඟ රක්‍ෂිත ප්‍රදේශයන් හි ඉදිකිරීම නිසා වලවේ ගඟ පිටාර ගැලීමේදී වැසිකිළි වළවල් පිරී උතුරා යාම නිසා අසූචි පවා වලවේ ගඟට මුසුවී තිබෙන බව රිදියගම ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් සී. එදිරිසූරිය මහතා පවසයි.

මෙලෙස වලවේගඟ රක්‍ෂිත ප්‍රදේශයේ ස්‌ථිර නිවාස මෙන්ම පැල්පත් නිවාස දෙතුන් සීයක්‌ පමණ ඉදිකර තිබෙන බවත්, එම අය නිරන්තරයෙන්ම ගඟ සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවත්, වලවේගඟ පිටාර ගැලීමේදී වැසිකිළි වළවල්වල ඇති අසූචි සමඟ ගඟේ ජලය මුසුවීමෙන් එම ජලය ගඟ දිගේ පහළට ගලායාම සිදුවන බවත් මෙම ජලය මිනිසුන් බීමට සහ වෙනත් දේ සඳහා ද භාවිතයට ගන්නා බැවින්, මේ සඳහා විසඳුමක්‌ යොදන ලෙස පසුගියදා දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවෙන්ද ගොවි සංවිධාන ලේකම්වරයා විසින් ඉල්ලා සිටින ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.