'සිරම්' ප්‍රචලිත කිරීමට කන්ග් එයි

චමිල කරවිට



කොරියානු සම්භවයක්‌ ඇති මල්ලවපොර ක්‍රීඩාවක්‌ ලෙසින් සැලකෙන 'සිරම්' ක්‍රීඩාව ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම සඳහා ජාත්‍යන්තර සිරම් සම්මේලන නියෝජිත සහ ශ්‍රී ලංකා සිරම් සම්මේලන ප්‍රධාන අනුශාසක වන වයි. එච්. තන්ග් මහතා හා ශ්‍රී ලංකා සිරම් නියෝජිතයන් අතර වූ හමුවක්‌ ඉකුත්දා පැවැත්විණ.

සිරම් ක්‍රීඩාව ශ්‍රී ලංකා පුරා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කරුණු රැසක්‌ පිළිබඳව පැවැති අදාළ සාකච්ඡාව අවසානයේ සිරම් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සියලු උපකරණ හා පහසුකම්ද ඒ සඳහා වූ පුහුණු කටයුතු වෙනුවෙන් කොරියානු පුහුණුකරුවකුගේ සේවයද ඉදිරියේදී ජගත් සිරම් සම්මේලනය හරහා ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බවද කන්ග් මහතා ප්‍රතිඥා දී තිබේ.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකා සිරම් සම්මේලන සභාපති ඩී. එන්. බෙනරගම, ජ්‍යෙෂ්ඨ උප සභාපති ආනන්ද පීරිස්‌, භාණ්‌ඩාගාරික ආර්. පී. ප්‍රනාන්දු සහ සිරම් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වූ උදිත පීරිස්‌ යන මහත්වරුන් සහභාගිවූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.