SLIIT, 2015/2016 නව අධ්‍යයන වර්ෂයට සිසුන් බඳවාගැනේ

SLIIT උසස්‌ අධ්‍යාපන ආයතනයට 2015/2016 අධ්‍යයනය වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම පසුගිය නොවැම්බර් දෙවැනි දින මාලඹේ පිහිටි SLIIT පරිශ්‍රයේදී සිදුවිය. 2015/2016 අධ්‍යයනය වසරට SLIIT, නවක සිසුන් බඳවාගැනීමේ සමාරම්භක අවස්‌ථාව 4500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. SLIIT උසස්‌ අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්‌ඩලය, SLIIT, ඉහළ කළමනාකාරීත්වය, නව අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි වීමට පැමිණි සිසුහු මෙන්ම සිසුන්ගේ මාපියෝද මේ අතර වූහ. SLIIT මෙට්‌රෝ විශ්වවිද්‍යාලය, මාතර, නුවර, කුරුණෑගල හා යාපනයේ පිහිටි SLIIT මධ්‍යස්‌ථාන වලදී ද නව අධ්‍යයන වසර සඳහා සිසුන් බඳවා ගැනීම සිදුවිය.

SLIIT, තොරතුරු තාක්‌ෂණය, ව්‍යාපාර කළමනාකරණය හා ඉංජිනේරු විද්‍යාව ආදී විෂය ක්‌ෂේත්‍රයන්හි උපාධි පිරිනැමීමේ නියුතු මෙරට ප්‍රමුඛ පෙළේ උසස්‌ අධ්‍යාපන ආයතනයකි. SLIIT උසස්‌ අධ්‍යාපන ආයතනය මගින් තොරතුරු තාක්‌ෂණය, ව්‍යාපාර කළමනාකරණය හා ඉංජිනේරු විද්‍යාව ආදී විෂය ක්‌ෂේත්‍රයන් වල උපාධිධාරීන් 9000 කට අධික ප්‍රමාණයක්‌ මේ වනවිට බිහිකර ඇත. එමෙන්ම, තොරතුරු තාක්‌ෂණ වෘත්තිකයන් 21,000 කට අධික ප්‍රමාණයක්‌ SLIIT උසස්‌ අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර මෙරට තුළ සිටින තොරතුරු තාක්‌ෂණ වෘත්තිකයන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක්‌ මේ පිරිස අතරට අයත්ය.

''SLIIT උසස්‌ අධ්‍යාපන ආයතනය මගින් ඒ ඒ විෂය ක්‌ෂේත්‍රයන් වලට අදාළ පුළුල් දැනුමක්‌ සිසුන්ට හිමිකරදෙනවා. එමෙන්ම, සිසුන්ට වඩාත් ඵලදායී හා සාරවත් අධ්‍යාපනයක්‌ ලබාදෙන බවට අප සහතික වෙනවා. ගුණාත්මක බවින් ඉහළ අධ්‍යාපන ප්‍රමිතීන් පවත්වාගැනීමට, නව පර්යේෂණ සිදුකිරීමට හා නවීන අධ්‍යාපනික විධික්‍රම අඛණ්‌ඩව පවත්වාගැනීමට අප නිරතුරුව කටයුතු කරනවා. SLIIT, මෙරට පවතින උසස්‌ අධ්‍යාපන ආයතන අතර පුරෝගාමී ආයතනයක්‌ වීමට බලපෑ කරුණු කිහිපයක්‌ම පවතිනවා. ඉහළ සුදුසුකම් වලින් යුතු අධ්‍යයන කාර්ය මණ්‌ඩලයක්‌ අප සතුවීම, අධ්‍යයන පාඨමාලාවන්ට සරිලන මට්‌ටමේ පහසුකම් ලබාදීම හා විදෙස්‌ විශ්වවිද්‍යාලවල හවුල්කාරීත්වය තුළින් සිසුන්ට අධ්‍යාපන අවස්‌ථා හිමිකරදී තිබීම මේ අතරට ඇතුළත්ය.'' නවක සිසුන් බඳවාගැනීමේ අවස්‌ථාවට සහභාගි වී සිටි පිරිස ඇමතූ SLIIT උසස්‌ අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් ගමගේ මහතා ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.