පුරාවිද්‍යා බලධාරීන්ට වසන් වූ වසම්මලේ

රොෂාන් ප්‍රසන්න බණ්‌ඩාර
රජරට විශ්වවිද්‍යාලය

අනුරාධපුර රාජධානි සමයේදී මිහින්තලය වැදගත් ප්‍රදේශයක්‌ විය. මිහින්තලය ගැන කතාකරන අප සැමටම එකවරම මතක්‌වන්නේ දේවානම් පියතිස්‌ස රජුගේ කාලයේ මිහිඳු හිමියන් ඇතු`ඵ පිරිස බුදුදහම රැගෙන මෙහි පැමිණීම පිළිබ`දවයි.

මිහින්තලය වර්තමානයේ ද ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේ කරුණ මූලික කරගෙන බව අපි දනිමු. මිහින්තලය පුදබිම අපගේ ඉතිහාසයට වැදගත්වනවා සේම මිහින්තලය අවට පිහිටි පුරාවිද්‍යාත්මක අතින් වැදගත්වන ඇතැම් අප්‍රසිද්ධ ස්‌ථානයන් ද අපට බෙහෙවින් වැදගත් වේ. එසේ මිහින්තලය අවට පිහිටි අප්‍රසිද්ධ ස්‌ථානයක්‌ ලෙස - වසන්මලේ ලෙස හ`දුන්වන ස්‌ථානය හ`දුනාගත හැකිය. මෙම ස්‌ථානය 'වසුම්මලේ', 'වසන්මලේ' නමින්ද 'රාස්‌සගල' නමින්ද හැඳින්වේ. මෙය ගැමියන් අතර ප්‍රකට වන්නේ 'චිත්‍රගල' නමිනි. ඉතා ඝන කැලෑවක්‌ මැද පිහිටා ඇති මෙම ස්‌ථානයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා සිතුවම්, පොකුණු, ගල්ගුහා සහ වෙනත් නෂ්ටාවශේෂ දැකගත හැකිය. මෙය මුලින්ම අහම්බෙන් හමු වී ඇත්තේ 1988දී ගවයන් ගෙනඑන්නට ගිය ගොවි මහතෙකුටය.

බුලන්කුලම වැව ඉස්‌මත්තේ පිහිටා ඇති මෙම ගල් තලාව දිගින් මීටර් 800ක්‌ පමණ විහිදෙන අතර එහිද නැගෙනහිරට මුහුණලා පිහිටි බෙයදයේ නාග පෙනයක්‌ මෙන් සෑදුණු ගල් ලෙන් 4ක්‌ එක පෙළට දැකගත හැකිය. එතරම් ආනතියක්‌ නැති මෙම ගල් ගුහා අතරින් එක්‌ ගුහාවක කටාරමක්‌ද සහිත සිතුවමක්‌ දැකගත හැකිය. අනෙක්‌ ලෙනෙහි කටාරම් දැකගත නොහැක. මෙම සිතුවම අඩි 15ක්‌ පමණ උසට හා අඩි 10ක්‌ පමණ පළලකට විහිදී තිබෙනු දක්‌නට ලැබේ. මෙම ගල් ලෙන් සු`ඵ ආනතියක්‌ පවතින බැවින් ලෙනක්‌ ලෙස අර්ථකතනය කිරීමට ද නොහැකිය. නමුත් මේ ගල් ලෙනේ ඉදිරියෙන් ගඩොලින් හෝ වරිච්චි බිත්ති බැ`ද දැවයෙන් ආවරණයක්‌ සකස්‌ කළ ගල් ලෙනක්‌ ලෙස භාවිතා කරන්නට ඇතැයි සිතිය හැක. එසේ නිමකර තිබුණේ යෑයි සිතීමට හැකි සාධක ඒ අවටින් හ`දුනාගත හැකිය. ඒ අතර ගඩොල් කැබලි, උ`ඵ කැබලි, මැටි බදාම කැබලි සොයාගත හැක.

කටාරමට යටින් ඇති කොටස කපා ඔප මට්‌ටම් කර චිත්‍ර නිර්මාණය කර තිබෙනු දක්‌නට ලැබේ. මෙහි දක්‌නට ලැබෙන සිතුවම්වලින් ඉතිරිව පවතින්නේ ඉතා සු`ඵ ප්‍රමාණයකි. ඉතිරිව ඇති සිතුවම් අතරින් පැහැදිලිව රූප දෙකක්‌ පමණක්‌ හ`දුනාගත හැකිය. අනෙක්‌ කොටස්‌ බොහෝසෙයින්a විනාශයට පත්ව ඇති අතර එම ගල්ලෙනේ පහළම කොටසේ පමණක්‌ සිතුවම් දැකගත හැක. හමුවන එම රූප දෙකද දුර්වර්ණ වී ඇත. මෙම සිතුවම තුළ වැඩි වශයෙන් දක්‌නට ලැබෙන්නේ සුදු වර්ණයයි. බදාමයක්‌ යොදාගෙන නිර්මාණය කර ඇත. ඉතා සියුම්ව ගලමත එම බදාමය ආලේපකර ඇත. මෙලෙස නිර්මාණය කර ඇති මෙම සිතුවමේ කොටස්‌ කිහිපයක්‌ පමණක්‌ අද හ`දුනාගත හැකි වුවත් මෙම කොටස්‌ එකිනෙකට ගැලපෙන එක්‌ තේමාවක්‌ යටතේ නිර්මාණය කර ඇති සිතුවමක්‌ ලෙස තිබෙන්නට ඇති බව හ`දුනාගැනීමට පු`ඵවන.

මෙහි ඇති සිතුවම් අතර නාගයෙකුගේ රූපයක්‌ පැහැදිලිවම දැකගත හැකිය. එම සිතුවම් කොටසේ මැද ප්‍රදේශයේ නාගයෙකුගේ නාග පෙනයක්‌ දැකගත හැකිය. එහි නාගයාගේ දිව එළියට දමා සිටින ආකාරය පෙන්නුම් කරයි. මා`ඵවකුගේ කොරපොතු මෙන් වෘත්තාකාර හැඩයකින් නාගයාගේ ශරීරයේ පිට ප්‍රදේශය නිර්මාණය කර ඇති අතර ඒ ස`දහා රතු, කහ වැනි වර්ණ යොදාගෙන ඇත. එම නාග රූපයට ඉහළින් තවත් නාග රූපයක්‌ දැකගත හැකිය. එය මුලින් ස`දහන් කළ නාග රූපයට වඩා විශාලය. නාග රූපවල බඩ ප්‍රදේශය සමාන්තර කඩ රේඛාවක්‌ මෙන් තිත් ම`ගින් විචිත්‍රවත්ව අ`ද ඇත. එය සිතුවම පුරාම නාගයාගේ බඩ ප්‍රදේශයේ දැකිය හැකිය. එය සිතුවමට කලාත්මක බවක්‌ එක්‌ කරයි. 1988 දී මෙය සොයා ගන්නා විට භික්‌ෂූන් වහන්සේ නමක්‌ වටා මේ නාග රූප එතී සිටින ආකාරයට සිතුවම් කර තිබී ඇත. දිනෙන් දින විනාශ වන මේ සිතුවමේ අද ඒ කොටස විනාශයට පත්ව ඇත. මෙම නාග රූපවලට පහළම කොටසේ නාගයාගේ තවත් කොටසක්‌ දක්‌නට ලැබෙන අතර දඟර ගැසූ ස්‌වභාවයකින් එය නිරූපණය කර ඇත. එහිද කඩඉරි මෙන් තිත් පේළිs සමාන්තරව නිර්මාණය කර ඇත. මෙම රූපවලට පසුබිමෙහි වලාකු`ඵ මෙන් යමක්‌ සුදු පැහැයෙන් නිරූපණය කර ඇත. එම සිතුවමේ දකුණු පස අනෙක්‌ කොටස්‌ බෙහෙවින් විනාශ වී ඇති අතර එහි තැනින් තැන නාගයාගේ උදර ප්‍රදේශයේ පැවති කඩඉරි මෙන් විහිදුනු තිත් දැකගත හැකිය. ඒ අනුව එම කොටසේද නාග රූප කිහිපයක්‌ පවතින්නට ඇති බව අනුමාන කළ හැක.

මෙම නාග රූපවලට වම් පසින් පහළට වන්නට ඉතා කුඩා කාන්තා රූපයක්‌ දක්‌නට ලැබේ. ඇය -ප්‍රලම්භපාද ආසනයෙන් වම්පසට මඳක්‌ හැරී වාඩිවී සිටින ආකාරයක්‌ නිරූපණය වේ. ප්‍රලම්භන ආසනය යනු පුටුවක්‌ මත වාඩිවී සිටින ආකාරය නිරූපණය කිරීමයි. සිරුර ඉදිරිපසට පෙනෙන ලෙස නිර්මාණය කර ඇත. කාන්තාවගේ ඉන් පෙදෙස සීගිරි සිතුවම් මෙන් සිහින්ව නිර්මාණය කර ඇත. ඇයගේ වම් අතෙහි අත්ල උඩ යමක්‌ තබාගෙන ඇත. එයට ඉහළින් නාගයෙකුගේ පෙනයක්‌ දැකිය හැකිය. දකුණු අත උඩු කයට සමාන්තරව පහළට දිගුකොට ඇති අතර මැණික්‌ කටුව ළඟින් ඇඟිලි සිරුර දෙසට හැරී ඇත.

මෙම රූපයේ පාද වම්පසට හරවා ආසනයක වාඩි වී සිටින අතර පාද පහළට සිටින සේ නිර්මාණය කර ඇත. මෙම රූපයට ඉදිරියෙන් පාද පිහිටි ස්‌ථානයේ කුහරයක්‌ නිර්මාණය වී ඇත. ඒ මත බදාම තවරා රූපය ඇද තිබෙන්නට ඇත.මෙම රූපයේ දෑත්වල වළලු නිර්මාණය කර තිබෙන අතර ඒවා තරමක්‌ විශාලය. යටි කය ඉතා අලංකාර වස්‌ත්‍රයකින් (දෝතියකින් ) වැසී තිබෙන අතර එය රැලිවලින් අලංකාර වී ඇත. එම ඇ`දුම රතු මිශ්‍ර දුඹුරු පැහැයට සමාන වර්ණයකින් වර්ණකර ඇත. උඩු කයේ තනපටක්‌ දැකගත හැකි අතර එයද රතු පැහැයෙන් දක්‌වා ඇත. එය දුහුල් රෙද්දකින් නිර්මාණය කර ඇත්තේ විනිවිද පෙනෙන ආකාරයෙනි. හිස මඳක්‌ ඉදිරියට නමාගෙන සිටින අතර හිසෙහි අලංකාර ශීර්ෂ පළඳනාවක්‌ පැළ`ද ඇත. කර්ණාභරණ දැකගත හැකි අතර ගෙලෙහි මාලයක්‌ද පැළඳ ඇත. සිරුරේ වර්ණය ලා කහ පැහැයක්‌ ගන්නා අතර සිරුරේ අනෙක්‌ ආභරණ, අ`දුම් පැළ`දුම් තද රතු වර්ණයෙන් දක්‌වා තිබේ. සිරුර රේඛාවන් ම`ගින් මතුකර ඇති අතර එම රේඛා ඝනකමක්‌ දක්‌නට නොමැතිව සියුම්ව නිර්මාණය කර තිබේ. එසේ රේඛා ඇඳීමේදී වැරදි සිදුවී ඇති තැන්වල ඒවා එසේම තිබියදී නිර්මාණය කර තිබේ. එම රේඛා තද රතු මිශ්‍ර දුඹුරු පැහැයකින් ඇඳ ඇත.

මුහුණේ ප්‍රසන්න හැගීමක්‌ නිරූපණය කර ඇත. මුහුණේ අංග පැහැදිලිව හ`දුනාගත නොහැකිය. කෙසේ වෙතත් සමස්‌තයක්‌ ලෙස ගෙන බැලු කල සිරුරේ ලාලිත්‍ය කාන්තා රූපයේ නිවැරදි පරිමාණය, මුහුණේ ස්‌වරූපය ආදිය ම`ගින් මෙම රූපයේ සෞන්දර්යාත්මක බව නිරූපණය කර ඇත. මෙම රූපය බැලු බැල්මට සීගිරි අප්සරාවන්ට සමාන බවක්‌ දක්‌නට ලැබේ. මෙම සිතුවම්වල පසුබිම නිර්මාණය කර ඇත්තේ රතු මිශ්‍ර දුඹුරු පැහැයකට හුරු වර්ණයකිනි. සිතුවම ස`දහා රතු, කහ, කොළ සහ සුදු වර්ණ භාවිතා කර ඇති අතර රතු සහ කහ වර්ණයට මූලිකත්වයක්‌ දී ඇත. සමස්‌තයක්‌ ලෙස බැලූවිට සිතුවමේ තේමාව පිළිබ`ද පැහැදිලි අවබෝධයක්‌ ලබා ගැනීමට නොහැකිය. එහෙත් මෙම රූප දෙස බැලීමේදී මෙවැනි සිතුවමක්‌ දැනට හමුවී ඇත්තේ පළමු වරට බැවින් මෙය නාග ලෝකයේ යම්කිසි අවස්‌ථාවක්‌ නිරූපණය කරනවා විය හැකි බවට අනුමාන කළ හැකිය.

දුටුගැමුණු රජු රුවන්වැලි සෑයේ ධාතු නිධන් උත්සවයට අවශ්‍ය කටයුතු කරන අතර එහි තැන්පත් කිරීම ස`දහා සර්වඥ ධාතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතු ලබා දෙන ලෙස මහා සංඝයාට ආයාචනා කර ඇත. මහරහතන් වහන්සේලා එකල නාග ලෝකයේ තැන්පත් කර තිබුණු සර්වඥ ධාතු වැඩමවා ගෙනවිත් රජුට දීමට සැලසුම් කළහ. එම කාර්යය භාර වූයේ සොණුත්තර නම් මහරහතන් වහන්සේටය. උන්වහන්සේ මහා සංඝයා වහන්සේගේ නියමය පරිදි නා ලොවට වැඩමකර නා රජු ස`ගවාගෙන සිටි සර්වඥ ධාතු වැඩමවා එන්නට කටයුතු කළ බව මහාවංසයේ විස්‌තර කර ඇත. එසේ ගිය අවස්‌ථාවේ සිදුවූ සිදුවීමක්‌ මෙයින් නිරූපණය කරන බව අනුමාන කළ හැකිය. ඒ බව මහාචාර්ය ආරිය ලගමුව මහතාද අදහස්‌ ඉදිරිපත් කර ඇත.

මෙම සිතුවම සහිත ගල් ලෙනට පහළින් පර්වතය පාමුල ගලින් නිර්මාණය වූ පොකුණු දෙකක්‌ දැකගත හැක. මෙය දෙකක්‌ ලෙස ස`දහන් කළත් මේ පොකුණු දෙකම එකට පිහිටා ඇත. එක්‌ පොකුණක්‌ කුඩා වන අතර අනෙක්‌ පොකුණ තරමක්‌ විශාල එකකි. කුඩා පොකුණ පිහිටා ඇත්තේ විශාල පොකුණට ආසන්නයේ ඉහළින් ගල්තලාව දෙසට වන්නටය. විශාල පොකුණ භික්‌ෂූන් වහන්සේලා ස්‌නානය ස`දහා භාවිතා කරන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙම පොකුණට ජලය ලැබෙන්නේ වැසි ජලයෙන් බව පැහැදිලි වේ. එහිදී ගල් පර්වතයේ ඇති කුඩා පොකුණට මුලින්ම ජලය එකතුව පසුව විශාල පොකුණට ජලය එකතුවන ආකාරය දැකගත හැක. මෙම පොකුණුවලට ඉදිරියේ විශාල ගල්වලින් බැමි නිර්මාණය කර තිබුණු බව දැනට ඇති නටබුන්වලින් පැහැදිලිය. පොකුණු දෙක ඉදිරියේ නැගෙනහිර දෙසට වන්නට අඩි 50ක්‌ පමණ දිග පළල ඇති චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක්‌ පැවති බව දැකගත හැක. එය ගල් තලාව මත පස සහිත පොළොවේ පිහිටා තිබේ. දැනට විනාශවී ඇති මෙහි පාදමට යොදාගත් විශාල ගල් දැකගත හැකිය. මේ සියලු නෂ්ටාවශේෂ ඇතු`ඵ වාස්‌තු විද්‍යා නිර්මාණ දෙස විමසා බැලීමේදී පැහැදිලි වන්නේ මෙය සංඝාරාමයක්‌ බවයි. එහෙත් මෙහි ඓතිහාසික පසුබිම දෙස විමසා බැලීමේදී මිහිඳු හිමි පැමිණීමටත් පෙර සිටම මිහින්තලය ප්‍රසිද්ධියට පත්ව ඇත. පණ්‌ඩුකාභය රජු කුඩා කාලයේ මාමා වරුන්ගෙන් ආරක්‌ෂාවීමට වසම්මලේ සැඟවී සිටි බව ජනප්‍රවාදයේ ස`දහන් වේ. එසේම ක්‍රි.ව 5 වන සියවසේ රජ කළ පළමුවැනි කාශ්‍යප රජු ද ආරක්‌ෂාවට මෙහි සැඟවී සිටි බවට විශ්වාස කෙරේ.

මෙම වටිනා වූ කලා නිර්මාණයන් අද බොහෝ විනාශයට පත්වී තිබෙන ආකාරය දැකගත හැක. තවත් කනගාටුවට කරුණක්‌ වන්නේ වසම්මලේ නැමති ස්‌ථානය පිළිබ`දව එහි අවට ජීවත්වන වැඩි පිරිසක්‌ නොදැන සිටීමයි. පුරාවිද්‍යා බලධාරින්ගේ අවධානය යොමු වී නැති මෙම ප්‍රදේශය ඉක්‌මනින් සංරක්‌ෂණය කිරීමට භාජනය කළ යුතුව ඇත. මෙම ස්‌ථානයට පිවිසීමට හරිහැටි මාර්ගයක්‌ පවා නොමැති අතර මාර්ගයේ රජරට විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටිය පසුකර යාපනය දෙසට 1රැ2 නප පමණ යන විට වසම්මලේ නමින් ස`දහන් කළ පුවරුවක්‌ ස`දහන් කර තිබේ. එහි පෙන්වන මාර්ගය ඔස්‌සේ ගමන් කරන අයෙකුට මඳ දුරක්‌ ගියපසු අතරමං වනුයේ කැලෑව තුළ හරිහැටි මාර්ගයක්‌ පෙන්වා නොමැති නිසාය. ප්‍රදේශයේ ගොවි මහතුන් තම ගවයන් ගාල් කරන්නේද වසම්මලේ ලෙන ආශ්‍රිත වනයේය. ඒ නිසා එහි දැඩි පරිසර හානියක්‌ සිදු වේ. මෙම ප්‍රදේශයේ වන සතුන් බහුලව වාසය කරන නිසා ආරක්‌ෂාව පිළිබ`ද සැලකිලිමත් විය යුතුය. එම වනසතුන් ඉලක්‌ක කර බැඳ ඇති 'බඳින ක`දන්' වැනි දේවල්වලින්ද ආරක්‌ෂා විය යුතුය. සිතුවම් මත නරඹන්නන් විසින් විවිධ අකුරු ඇඳ තිබීමෙන්ද මේ වටිනා උරුමය විනාශයට පත්වී ඇත. පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති මෙම ප්‍රදේශයේ ආරක්‌ෂාවට බලධාරින් කටයුතු කර නොමැති ආකාරය හ`දුනාගත හැකිය. මෙයට පිවිසීමට මාර්ගයක්‌ සකස්‌ කර එහි ඇති වටිනා සිතුවම් ආරක්‌ෂා කිරීමට පියවර ගතයුතුව ඇත. සිතුවම් ඇති ලෙනෙ විවෘත පැත්තෙන් පැමිණෙන හුළං වැස්‌ස නිසා සිතුවමට වන හානිය අති විශාලය. එහි නරඹන්නන් කුරුටුගෑම නිසා සිතුවමට වන හානිය ද වැඩි නිසා එහි ආරක්‌ෂාවට යම්කිසි ආවරණයක්‌ යෙදීමේ අවශ්‍යතාව පවතී. අප උරුමයන් වශයෙන් කතා කළ යුත්තේ, ආරක්‌ෂා කළ යුත්තේ ප්‍රසිද්ධ උරුමයන් පමණක්‌ නොවේ. එම උරුමයන් ආරක්‌ෂා කරගන්නා අතරම මෙලෙස වියෑකී යන උරුමයන් ද අප මතු පරපුර වෙනුවෙන් ආරක්‌ෂා කළ යුතුව ඇත. මෙවැනි වටිනා උරුමයන් ආරක්‌ෂා කිරීමට බලධාරින් මෙන්ම ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන අප සැමගේ ද පරම යුතුකමක්‌ වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.