අන්තවාදී මත වපුරන කල්ලි 15 ක්‌ ක්‍රියාත්මකයි
ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ කියති

සිරිමන්ත රත්නසේකර

අන්තවාදී වහාබ් සලාµs මතවාද පැතිරවීමේ රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් සංවිධාන පහළොවක්‌ (15) ක්‌ මෙරට ක්‍රියාත්මක බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 වැනිදා) සඳහන් කළහ.

මෙම සංවිධාන රට පුරා ක්‍රියාත්මක බවත් උන්වහන්සේ කියා සිටියහ.

මෙම මතවාදය පතුරුවන රාජ්‍ය නොවන සංවිධාන වන්නේ ෂෂRධ ෂRධ අල්ජිබාබ්, මුස්‌ලිමාත්, මුස්‌ලිම් ඒඩ්, උAඵශ නීඩා, හීරා ඵFCD සෙරන්ඩිබ් වන බවත් පැවසූ උන්වහන්සේ ශ්‍රී ලංකා තවුහිදී ජමාද් සංවිධානය, සමස්‌ත ලංකා තවුහිද් ජමාද් සංවිධානය, පුන්නන් අන්සාර් සංවිධානය, ජමාත් ඉස්‌ලාම් සංවිධානය, හා සලාµs සංවිධාන අනෙකුත් සංවිධාන බවත් කියා සිටියහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 වැනිදා) එම කරුණු සඳහන් කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.