2016 මාර්තු 15 අගහරුවාදා

 

 

 

    
    Divaina Editor
    contact webmaster

මින්පසු නොදන්වාම
විදුලිය කපනවා
රටටම දෙන්න
මණ්‌ඩලේ විදුලිය නෑ

- විදුලිබල නියෝජ්‍ය ඇමැති කියයි

මේ වන විට රටේ අවශ්‍යතාවට සරිලන තරම් විදුලිබල ධාරිතාවක්‌ මණ්‌ඩලය සතුව නොමැති නිසා දැනුම්දීමකින් තොරව වරින්වර විදුලිය කපා හරින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා "දිවයින"ට පැවැසීය.

රට පුරාම විදුලිය බිඳ වැටුණු පසු නොරොච්චෝල බලාගාරයෙන් මෙගොවොට්‌ නවසියයක්‌ම අහිමි වීමෙන් මේ වන විට මෙගොවොට්‌ 350-400 ක පමණ හිඟයක පවතින බව නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

විදුලිය බිඳවැටීම ගැන අගමැතිගෙන්
විශේෂ ප්‍රකාශයක්‌


මීට කලින් විදුලිබල ශක්‌ති උත්පාදනය හා බෙදාහැරීම සම්බන්ධව පැවැත්වූ සාකච්ඡා වට කීපයක්‌ම වූ අතර, වර්තමානයට හා අනාගත අභියෝගයන්ට සරිලන නිසි සැලැස්‌මක්‌ විදුලිබල මණ්‌ඩලය සතුව තිබුණේ නැත. ඒ නිසා මණ්‌ඩලයට පරිබාහිර දේශීය හා විදේශීය උපදේශකවරුන්ගේ සේවය ලබා ගනිමින් නව සැලැස්‌මක්‌ සකස්‌ කිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින්නෙමු.

විදුලිය උපපොළවලට ජනපති අණින්
හමුදා රැකවල්

රටපුරා පිහිටි විදුලිය බෙදා හරින මධ්‍යස්‌ථානවලට (විදුලිය උප පොළවල්වලට) යුද හමුදා ආරක්‍ෂාව ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (14 වැනිදා) නියෝග කර ඇත.

ප්‍රදේශ රැසක්‌
අදත් අඳුරේ
හෙටත් අඳුරේ

ඉල්ලුම සපුරාලීමට තරම් විදුලිබල ධාරිතාවක්‌ ලංකා විදුලිබල මණ්‌ඩලය සතුව නොමැති නිසා ඊයේ (14 වැනිදා) දවසේත් පැය කිහිපයක්‌ම, දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය කපා හැරීමට මණ්‌ඩලයට සිදු වී තිබිණි.

නොරොච්චෝලෙට
පණ එන්න
දින 4 ක්‌ යනවා

සියලු අර්බුද පරීක්‍ෂා
කර අවශ්‍ය
වෙනස්‌කම් කරනවා

- ලංවිම සභාපති කියයි

"අපේ විදුලි සම්ප්‍රේෂණ මාර්ග පද්ධතිය ශක්‌තිමත් නැහැ. පසුගිය කාලයේදී මෙම විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නිවැරදි ලෙස සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කළාද යන්න ප්‍රශ්නයකි. මේ සියලු අර්බුද පිළිබඳව පරීක්‌ෂණ කර අවශ්‍ය වෙනස්‌කම් කිරීමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්‌ඩලයේ සභාපති අනුර විඡේපාල මහතා "දිවයිනට" පැවැසීය.

විදුලිය බිඳ වැටීම් ගැන සොයන්න සීඅයිඩී විමර්ශන
රටපුරා විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ නිසා සිදු වූවක්‌ද එසේනම් ඊට සම්බන්ධ පුද්ගලයන් කවුද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) පුළුල් විමර්ශනයන් ආරම්භ කර ඇත.

දෙහිවල දුම්රියපොළේ බෝම්බ පිපිරවූ
කොටින්ට අනුබල
දුන් දෙදෙනා
වසර 2 ක්‌ සිරගෙට

දෙහිවල දුම්රිය ස්‌ථානයේ නවතා තිබූ දුම්රියක බෝම්බ අටවා පුපුරුවා හැර මගීන් 64 දෙනකු ඝාතනය කිරීමට හා තවත් 275 දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ට ආධාර අනුබලදීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනකුට කොළඹ විශේෂ මහාධිකරණ කොමසාරිස්‌ අයිරාංගනී පෙරේරා මහත්මිය ඊයේ (14 දා) වසර 2 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළාය.

එජාප වෘත්තීය සමිති උද්ඝෝෂණයක්‌
අද හයිඩ් පිටියේදී

එක්‌සත් ජාතික පක්‌ෂයට අනුබද්ධිත වෘත්තීය සමිති ඒකාබද්ධව සංවිධානය කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ අද (15 දා) සවස 2.00 ට කොළඹ හයිඩ් පිටියේදී ආරම්භ වන බවත් එයට සහභාගි වන ලෙස පක්‌ෂ භේදයෙන් තොරව සියලු දෙනාට ආරාධනා කරන බවත් සංචාරක සංවර්ධන, ඉඩම් සහ ක්‍රිස්‌තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඊයේ (14 දා) බත්තරමුල්ල, ඉඩම් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

විදුලිය බිඳ
වැටුණේ මෙහෙමයි

අපට හැඟෙන ප්‍රශ්නය වී ඇත්තේ මෙගාවොට්‌ දෙකක්‌ වෙනුවෙන් විදුලි ඉංජිනේරුවරයකු සිටින ලංකා විදුලිබල මණ්‌ඩලයට මෙම තාක්‍ෂණික ගැටලුවට විසඳුම් සෙවීමට නොහැකි වීමය.

බස්‌නාහිර පළාත් පෞද්ගලික
බස්‌රථවල හිඟමන්
යෑදීම තහනම්

බස්‌නාහිර පළාතේ පෞද්ගලික බස්‌ රථවල යාචකයන්ට සිඟමන් යෑදීම සපුරා තහනම් බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

මැති ඇමැතිවරුන්ගේ
දීමනා වැඩි කිරීමට
ඒකාබද්ධ විපක්‌ෂය විරුද්ධයි

දිනේෂ් ගුණවර්ධන

අය-වැය ලේඛනය අසාර්ථක සංඛ්‍යා ලේඛන බොරුවක්‌ බවට ඒකාබද්ධ විපක්‌ෂය කළ ප්‍රකාශය අද සත්‍යයක්‌ වී තිබෙනවා. ආණ්‌ඩුව දෙවැනි අයවැයක්‌ ඉදිරිපත් කිරීමට තරම් බංකොලොත් භාවයට පත්ව හමාරයි. ඒ නිසා ඒකාබද්ධ විපක්‌ෂය විසින් ආණ්‌ඩුව ගෙදර යෑවීම සඳහා 17 වැනිදා කැඳවා තිබෙන යෝධ ජනතා රැලිය දේශපාලන වෙනසක්‌ නොනවත්වා ගමන් කරන දැවැන්ත ආරම්භයක්‌.


මිලියන ගණනක්‌
වැයකරන මන්ත්‍රී
දීමනා හකුලා ගන්න

- රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමය

වෛද්‍යවරුන්හට සියලු අදාළ පාර්ශවවලින් අනුමත වි, චක්‍ර ලේඛ පවා නිකුත් වි තිබූ සේවා සුවිශේෂි දීමනා ලබා නොදී සිටීමට රජය කටයුතු කළේ ආර්ථික ගැටලු හුවා දක්‌වමිනි. රජයේ සේවකයන් හා පොදු ජනතාවට තිත්ත බෙහෙත් බීමට සූදානම් වන ලෙස දැනුම් දෙන බලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දීමනා හා වරප්‍රසාද සම්බන්ධයෙන් දක්‌වන ප්‍රතිපත්තිය ජුගුප්සාජනකය.


විදුලිය බිඳ වැටීමත් රාජපක්‌ෂලාගේ
වැඩක්‌ විය හැකියි

ඇමැති ජෝන් අමරතුංග

පසුගිය දිනවල සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම් රාජපක්‌ෂලාගේ ජනතාව කුලප්පු කිරීමේ දේශපාලන වැඩපිළිවෙළක්‌ විය ....


යෝෂිතට ඇප
පුරා මාස එකහමාරක කාලයක්‌ මුළුල්ලේ රක්‌ෂිත භාරයේ පසුවූ යෝෂිත රාජපක්‌ෂ, රොහාන් වැලිවිට, වෛද්‍ය අෂාන් රවිනාත් ප්‍රනාන්දු හා කවිෂාන් දිසානායක යන මහත්වරුන් ඊයේ ඇප මත මුදා හැරිණි.

නිශාන්ත ගැන
තීරණය අද

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි මුදල් යොදවා සී. එස්‌. එන්. නාලිකාව ආරම්භ කිරීම හා පවත්වාගෙන යැම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත භාරයට පත් කර සිටින යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන් සිවුදෙනකු රුපියල් ලක්‍ෂය බැගින් වූ මුදල් ඇප මත හා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප අටක්‌ මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (14 දා) නියෝග කළේය.

මහින්ද සමඟ ඒකාබද්ධ
විපක්‍ෂයේ 41ක්‌ 17 දා
ජනසටනට
ස්‌ථිරවම එනවා

- ඩලස්‌ අලහප්පෙරුම
ආණ්‌ඩුවට එරෙහිව කොළඹ, හයිඩ්පිටියේදී මෙම 17 වැනිදා පවත්වන ජන සටන විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් හතළිස්‌ එක්‌ දෙනාම (41) කුමන අභියෝග පැමිණියද නියත වශයෙන්ම සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්‌ථානයේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. 

'නේවි කපිලගේ'  සිරුර භාර ගැනීමට බිරිඳ බැහැ කියයි
කප්පම් සිද්ධියක්‌ මත දංකොටුqව ඉරබඩගම කොස්‌හින්න ජනශූන්‍ය ප්‍රදේශයේදී වෑන් රථයක්‌ තුළ 10 දා පුළුස්‌සා ඝාතනයට ලක්‌ කළ "නේවි කපිල" නමැත්තාගේ සිරුර භාර ගැනීමට ඔහුගේ බිරිඳ වන මාකඳුර ගෝනවිල පදිංචි කොඩිතුවක්‌කු ආරච්චිගේ කාංචනී ඉසුරු ප්‍රියංගනී (36) නමැත්තිය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

මන්ත්‍රී දීමනාව වැඩි කළ හේතුව
දකුණු ආසියානු රටවල
අඩුම මන්ත්‍රී
දීමනාව මෙය නිසාලු

පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා ඉහළ දැමීමට අවධානය යොමුව ඇත්තේ දකුණු ආසියානු රටවල මන්ත්‍රීවරුන්ට වඩා මෙරට මන්ත්‍රී වැටුප හා දීමනාව අඩු මට්‌ටමක පවතින නිසා බව පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට කීවේය. 

උතුරේ ජනතාව ඉල්ලන්නේ
ඔවුන්ගේ ඉඩම්,
ඒ යුතුකම අප
ඉටුකළ යුතුයි

යාපනයේ ජනතාවට ඉඩම් බෙදා දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි

උතුරේ ඉඩම් අවතැන් ජනතාවට භාරදෙන විට දකුණේ සුළු පිරිසක්‌ රජයට විවේචන එල්ල කරනවා. ඕනෑම වැඩක්‌ කරන විට විවේචනය කරන මිනිසුන් සිටීම සාමාන්‍ය දෙයක්‌. උතුරේ අවතැන් කඳවුරුවල සිටින අසරණ ජනතාවගේ දුක සැප ඇවිත් බලලම මේ විවේචනය කරනවා නම් තමා ඊට කැමති යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

විදුලි අර්බුදය සොයන්න
ජනපති කමිටුවක්‌
පත් කරයි

රට තුළ හදිසි විදුලිය ඇනහිටීම් හා ඒ සම්බන්ධයෙන් ඇති වී ඇති තත්ත්වය සොයා බලා කඩිනම් පියවර රජයට නිර්දේශ කිරීමට හත්දෙනකුගෙන් යුත් කමිටුවක්‌ පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 වැනිදා) පියවර ගෙන ඇත.

දයා මාස්‌ටර් සහ ජෝර්ඡ් මාස්‌ටර්
ගැන ගන්නා ඉදිරි පියවර අධිකරණයට දන්වන්න

නීතිපතිගේ දැනුම්දීම
ජුලි 4 වැනිදාට දන්වන්නැයි අධිකරණය කියයි

එල්ටීටීඊ සංවිධානයේ හිටපු මාධ්‍ය උපදේශක දයා මාස්‌ටර් හා හිටපු භාෂා පරිවර්තක ජෝර්ඡ් මාස්‌ටර් යන සැකකරුවන්ට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ දැනුම්දීම මෙම ජුලි 4 වැනිදා දන්වන ලෙස .....

2500 නොගෙවන හාම්පුතුන්ට එරෙහිව නීතිමය පියවර
කම්කරු ඇමැති
ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න

අංශයේ අවම වැටුම රුපියල් 10000 ක්‌ කිරීම පිළිබඳව තීරණය ගනු ලැබුවේ සේව්‍ය සේවක සහ රාජ්‍ය නිලධාරීන් යන පාර්ශ්ව සමග පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසුව බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


සියලු
පහසුකම් සහිතව කුලියාපිටියේ දරුවා
ත්‍රිත්ව විදුහලට භාරගැනීමට
එකඟ වෙලා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශ්‍රෝෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

පියා ඒඩ්ස්‌ රෝගයෙන් මියගොස්‌ ඇති බවට සැකකිරීම නිසා ප්‍රදේශයේ පාසල් කීපයකට ඇතුළත් කර ගැනීම ප්‍රතික්‍ෂේප වූ කුලියාපිටියේ පදිංචි දරුවාට ඉගෙනීම ලැබීමට පාසලක්‌ සොයාදීමට අවශ්‍ය පියවර ගත් බවත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඔහු ඇතුළත් කර ගැනීමට කැමැත්ත පළකර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ඊයේ ශ්‍රෝෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.


  
 
 
  • සේයා සදෙව්මි ඝාතනයේ නඩු තීන්දුව අද

    තම පස්‌ (5) වන උපන්දිනය මහත් ඉහළින් සැමරීමට පෙරුම් පුරමින් සිටි සේයා සදෙව්මි බක්‌මීදෙනිය (අවු. 4 මාස 11 දින 25) නමැති මල් කැකුළක්‌වන් දරුවා නිදියහනෙන් පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස දූෂණය කර පසුව කෲර ලෙස ගෙල මිරිකා ඝාතනය කිරීමේ අනුවේදනීය සිද්ධියේ නඩු තීන්දුව බස්‌නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් 15 වැනි දින (අඟහරුවාදා) මීගමුව මහාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කෙරේ.
     
  • තඹුත්තේගම මැද මහ විදුහලේ
    නාමල්ගෙන් තවත් නිපැයුමක්‌


    2013 වර්ෂයේ නව නිපැයුම් තරගයට ඉදිරිපත් වී ජයග්‍රහණය කොට රන් පදක්‌කම් ලැබූ තඹුත්තේගම මධ්‍ය මහා විදුහලේ ඉගෙනුම ලැබූ නාමල් උදාර පියසිරි ශිෂ්‍යයා ලෝක නව නිපැයුම් තරගයට ඇමෙරිකාවට ගොස්‌ ජයග්‍රහණය කර ඇත. ඔහුගේ නමින් මයින ප්ලැනට්‌ 31465 නමින් නම් කළ තරුවද හිමි නාමල් උදාර පියසිරි රජයේ අනුග්‍රහය ඇතිව විශේෂ සහායක තනතුර ලැබී ලංකා තෙල් සංස්‌ථාවේ සේවයට පත් කර තිබේ.

 


 
  • ශ්‍රී ලාංකේය සමාජය තුළ 'ළමයා' සුරක්‍ෂිතද?

    දරුවා සහ දෙමාපියන් අතර පවතින සම්බන්ධතාව ගිලිහී යාමයි. තරගකාරී ආර්ථික සමාජ ක්‍රමය සමඟ පොරබදමින් හැල්මේ දුවන දෙමාපියන්ට දරුවා යනු තම ජීවිතයේ තවත් එක්‌ සාධකයක්‌ පමණක්‌ බවට පත්වී තිබේ. ඕනෑම යුවලක්‌ සෑම ලිංගික එක්‌වීමකදීම දරුවෙකු බලාපොරොත්තු නොවේ. ලිංගික අවශ්‍යතාව හා දරුවෙකුගේ අවශ්‍යතාව යනු එකක්‌ නොව දෙකකි. නමුත් මේ දෙක එකක්‌ බවට පත්වූ විට විශාල ප්‍රශ්න රැසකට මුහුණදීමට දෙමාපියන්ට සිදුවේ. තමන්ට ප්‍රමාණවත් දරුවන් සිටියදී තවත් දරුවෙකු හදා වඩා ගැනීමට වත් පොහොසත්කමක්‌ නොතිබියදී බලාපොරොත්තු රහිත අවස්‌ථාවක දරුවෙකු පැමිණීම දෙමාපියන්ගේ ජීවන රටාව දෙදරා යාමකි. එවිට ගබ්සා කිරීමේ තීරණවලට දෙමාපියෝ එළඹෙති. වැඩිහිටියන් ඒ සඳහා විරුද්ධ වන විට කරන්නට දෙයක්‌ නොමැති නිසා දරුවාව හදා ගනිති.
     
  • වරාය නගරය නතර කළ යුතුයි

    ඔවුන් බලයට පැමිණෙන විට සඳහන් කළේ රටේ යහපාලනය ස්‌ථාපිත කරන බවය. යහපාලනයේ ප්‍රධාන අංගයක්‌ වන්නේ වගවීම ය. රජයක්‌ හෝ දේශපාලකයෙක්‌ හෝ රාජ්‍ය නිලධාරියකු විසින් තමන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන්, තමන් ලබා දුන් අනුමැතියක්‌ සම්බන්ධයෙන් හෝ නිර්දේශ සම්බන්ධයෙන් පමණක්‌ නොව තමන් ගත් තීරණයක්‌ සම්බන්ධයෙන් ද වගකීම දැරීම වගවීම යි. වරාය නගර ව්‍යාපෘතිය වත්මන් රජය යටතේ දී ද ක්‍රියාත්මක කිරීමට දැඩි උත්සාහයක්‌ දැරීමෙන් පෙනී යන්නේ යහපාලනය යටතේ වගවීම යන්න වචනවලට පමණක්‌ සීමා වී ඇති බවය.

  

  • වෝග් ජුවලර්ස්‌ සිසු නැණ රන් ප්‍රදාන
    ජාතික මෙහෙවර යළිත් වරක්‌


    ශ්‍රී ලංකාවේ ස්‌වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන වෝග් ජුවලර්ස්‌ විසින් මෙවරත් අ.පො.ස. උසස්‌ පෙළ විභාගයෙන් විශිෂ්ටතම ලෙස සමර්ථ වූ සිසු සිසුවියන්ට සහ ඔවුන්ගේ පාසල් සඳහා වෝග් සිසු නැණ රන් ප්‍රදාන පිරිනමන ලදී. මෙලෙස දෙවන වරටත් අ.පො.ස. උසස්‌ පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ටතම ලෙස දස්‌කම් දැක්‌වූ සිසුන් සහ ඔවුන්ගේ පාසල් ඇගයීමේ උළෙල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් වෝග් ජුවලර්ස්‌හිදී පැවැත්විණි.

  


 

  

Kapruka Shopping |  News





 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.