ජය ශ්‍රී මහා බෝධිය හා බැඳුණු සංස්‌කෘතිය

මංගලිකා රාජපක්‌ෂ
අභයගිරි විහාර ව්‍යාපෘතිය
mangalikarajapaksha90@gmail.com

බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබීමට පිට දුන් ශ්‍රී මහා බෝධිය අතිශය සම්භාවනාවට පාත්‍ර වූ වස්‌තුවකි. සංකල්පයක්‌ ලෙස බෝධිය යන්න හැ`දින්වූයේ ඇයි ද යන්න විමසා බැලිය යුතු කරුණකි. පළමුවෙන්ම ආනන්ද බෝධිය හා සම්බන්ධ කතා පුවත බෝධි සංකල්පය ගොඩනැඟීමටත් ව්‍යාප්ත වීමටත් හේතුවක්‌ වූ බව කිව හැකිය. බුදුරජාණන්වහන්සේ දෙවුරම් වෙහෙරෙහි නොමැති අවස්‌ථාවල උන්වහන්සේ හමුවීමට පැමිණෙන බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා ආනන්ද හිමියන්ගේ ඉල්ලීම මත බෝධියක්‌ රෝපණය කරන ලදී. ඒ අනුව එය බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සංකේතයක්‌ තරමට ම එහි වටිනාකම ඉහළ මට්‌ටමක තැබූයේ බුදුන් පමණට ම බෝධිය උසස්‌ බව දැක්‌වීමට ය. එයින් බෝධි වෘක්‌ෂය ඉඳුරාම බුද්ධ සංකේතයක්‌ විය. මෙම බෝධිය තමන් වහන්සේ දෙව්රමෙහි නිබඳ වැඩ සිටීමක්‌ වනබව බුදුරජාණන්වහන්සේ විසින් ද දේශනා කර තිබේ.

බුද්ධ පරිනිර්වානයෙන් ශතක කිහිපයක්‌ ගත වනතුරුම කැටයම් වැනි කලා ක්‌ෂේත්‍රයෙහි බුදුරුව නිර්මාණය කර නැත. එසේ කිරීම බුදුරජාණන්වහන්සේට කරන අගෞරවයක්‌ ලෙස කලාකරුවා සලකන්නට ඇත. ඒ වෙනුවට යොදා ගත් සිරිපතුල, ධම්ම චක්‍රය ආදී සංකේත අතරට බෝධි වෘක්‌ෂය ද අන්තර්ගත කර තිබේ. මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සැදැහැවතුන්ට පිං සිදුකරගත හැකි, සඟ මොක්‌ සුව ලබාගත හැකි ස්‌ථාන 4 ක්‌ දක්‌වා ඇති අතර ඉන් එක්‌ තැනක්‌a ලෙස බුද්ධත්වය ලැබූ තැන දක්‌වා තිබේ. ඉන් එකක්‌ ශ්‍රී මහා බෝධි වෘක්‌ෂ මූලයයි. බෝධිය ඇතුළු සහජාත වස්‌තු 6ක්‌ මහබෝසතුන් හා එකම දවසේ උපන් බව බුද්ධවංසට්‌ඨ කථාවේ සඳහන් වේ

බෝධි ශබ්ධයෙහි අර්ථය

ඇසතු - Focis Tsils (EUPHORGIACEAE)
බෝ - Stephania Japonica (MENISPERMACEAE)
බෝධිය - Stictocardia Tillifolia (CONVOLVULACEAE)

ඇසතු ගස "ෆීකුස්‌‌" පවුලට අයත් ය. පොදු වශයෙන් මේ පවුල "කිරි ගස්‌" නමින් හඳුන්වයි. මෙම පවුලේ සාමාජිකයින් 5කි. ඉන් බෝධිය අයත් වන්නේ Ficus Religiosa පවුලටයි.

ශ්‍රී මහා බෝධිය බැතිමතුන් විසින් හඳුන්වනු ලබන්නේ "සිරිමා හාමුදුරුවෝ" යන බැතිබර වහරකිනි. සිරිමා යන අප්‍රාණික වස්‌තුවට හාමුදුරුවෝ යන ගෞරවාර්ථ නාමපදය එක්‌කර තිබේ. බෝධිය යන වචනය කියූ පමණින් මනසට නැඟෙන්නේ බෝධි වෘක්‌ෂයයි. නමුත් අද අප ශ්‍රී මහා බෝධිය යන නමින් හඳුන්වනු ලබන ශාකයෙහි සැබෑ නම "ඇසතු" හෝ "ඇහැටු" යන්නයි. එහෙත් එය පිළිගන්නා කිහිපදෙනෙකුවත් සොයාගැනීම අමාරු කාර්යයකි. බෝධි යන්නෙන් ගම්‍යවන වනිතාර්ථ වෙනස්‌ දර්ශනයක්‌ ගනී. බුදුදහම මඟින් පෙන්වා දී ඇති සිද්ධාන්තමය අර්ථ රාශියක්‌ ඒ සඳහා වේ.

පදයක අර්ථ විශ්ලේෂණය කොට බැලීමේ දී කෝෂග්‍රන්ථ උපකාරි වේ. ඒ අනුව බෝධි ශබ්ධයේ විවිධාර්ථ ගැන විමසා බැලීම වටී. අභිධානප්පදීපිකාවත් එහි සූචියත්, අධෝ ලිපි අකාරාදියත් බෝධි ශබ්දය පිළිබඳව ප්‍රමාණික විග්‍රහයක්‌ ඉදිරිපත් කරයි. එය යෙදෙන අවස්‌ථාව අනුව අර්ථ කිහිපක්‌ දක්‌වා තිබේ.

1 සර්වඥතා ඥානය යන අර්ථයෙන්

2 ආර්යමාර්ග ඥාන යන අර්ථයෙන්

3 ප්‍රඥප්ති යන අර්ථයෙන්

4 අශ්වත්ථ වෘක්‌ෂ යන අර්ථයෙන්

5 නිර්වාණ යන අර්ථයෙන්

අමරකෝෂය

අශ්වත්ථ වෘක්‌ෂය, පළොල්, දිවුල් ආදී වෙනත් වෘක්‌ෂ සඳහා (අනෙකුත් බුදුවරයන්ගේ බෝධි වෘක්‌ෂ)

ශබ්ද කල් වෘක්‌ෂය ඊට පර්යාය වශයෙන් අශ්වත්ථ නාමය යෙදෙන බව

Pali English Dictionary

1 විශිෂ්ට ඥානය දැනීම බුද්ධත්වය
2 බෝධි නම් බුද්ධිය ය. බෝධි වෘක්‌ෂය ය. අශ්වත්වයයි. බුදුරදුන් විශිෂ්ට ඥානාවබෝධය ලබාගත් වෘක්‌ෂ මූලයයි.

Sanskrit English Dictionary

මිනිසෙකු විසින් ලබන විශිෂ්ට බුද්ධියත්, ඥානයත් ලබා ගැනීමෙන් බෞද්ධයන්ගේ බුද්ධ හෝ ජෛනයන්ගේ ජින තත්ත්වයට පත්වීම, බුද්ධිමත්භාවයට පැමිණීම

ශ්‍රී සුමංගල ශබ්දකෝෂය

කොටස්‌ 5කට බෙදා දක්‌වා ඇත

1 ධර්මඥානය 2 සර්වඥතාඥානය 3 අවබෝධ කරන පුද්ගලයා
4 අවබෝධ කරනු ලබන නිවන 5 අවබෝධට ආධාර වූ වෘක්‌ෂය

බෝ ශාකයක්‌ ලෙස

බෝ ගස අයත් වන්නේ මොරේසියේ (Moraceae) කුලයටයි. සියලුම නුග විශේෂ මෙන් බෝ ගසෙහි අතු වලින් පහතට එල්ලා වැටෙන වායව මුල් හට නොගනී. බෝ පත්‍ර මද දිස්‌නයක්‌ සහිත වන අතර ලා කොළ පැහැති කුඩා උප පත්‍ර පාදයේ දක්‌නට ලැබෙයි. පත්‍ර තලය යටි පැත්තේ කෝෂ්ඨාෂ්මය යනුවෙන් හඳුන්වන පත්‍ර සෛල තුළ තැන්පත් වූ කැල්සියම් කාබනේට්‌ ස්‌ඵටික දක්‌නට ලැබෙන අතර මෙම ස්‌ඵටික ශාකයට වැඩිපුර උරාගත් කැල්සියම් ලවණ ගබඩා කර තබා ගන්නා එක්‌ ක්‍රමයක්‌ වේ.

දෙසැම්බර් සිට මාර්තු දක්‌වා කාලය තුළ බොහෝ බෝ ගස්‌ වල පත්‍ර හැලී යයි. ඉන්පසු අලුත් දලු ලා වැඩෙන බෝ ගසේ මාස කිහිපයකින් පුෂ්ප හට ගැනීම සිදු වේ. වර්ණවත් පෙති නොදරන ඒකලිංගික ඉතා කුඩා පුෂ්පිකා විශාල ප්‍රමාණයකින් සමන්විත වූ ප්‍රාග් දුම්බරය නමින් හඳුන්වන පුෂ්ප මංජරියක්‌ කඳේ හෝ ශාඛා කක්‌ෂවල හට ගනී. රවුම් හැඩැති මෙම පුෂ්ප මංජරී තනිවම හෝ පොකුරු වශයෙන් දැකිය හැකි ය. ස්‌ත්‍රී පුෂ්පිකා පරාගනයෙන් පසු කුඩා ඵල බවට පත් වේ. ඉදුණු විට බෝ ඵල රෝස, දම් හෝ කළු පැහැයක්‌ ගනී. බෝ පොතු ඩයි වර්ග හා ටැනින් සාදා ගැනීමට ද සර්ප විෂට ඖෂධයක්‌ වශයෙන් ද භාවිත කරයි. බෝ පත්‍ර පණුවන්ගේ ආහාර ලෙස යොදා ගැනේ.

බෝ ගස්‌ චීනය, තායිලන්තය හා ඉන්දියාවේ හිමාලය ආශ්‍රිත වනාන්තරවල දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්‌ථාන වල රෝපණය කර ඇති බෝ ගස්‌ හැරුණු විට මෙරට වනාන්තර වල එය දැකීම දුර්ලභය. Ficus arnotfiana ලෙස හඳුන්වන කපුටු බෝ හෙවත් කවුඩු බෝ විශේෂය බොහෝ විට බෝ ශාකය හා රූපීය සමානකම් දක්‌වයි. නමුත් Ficus religious වඩා විශාලව වැඩෙන අතර පත්‍ර අල්‍රය ඉතා සිහින්ව හා දිගුව පිහිටන හෙයින් Ficus religious ශාකයෙන් වෙන් කර හඳුනාගත හැකි ය. එසේම කපුටු බෝ හො`දින් වැඩෙන්නේ බෝ ශාක මෙන් පස මතුපිට නොව තාප්ප, බිත්ති මත හෝ ගල් සහිත බිම්වල ය.

බෝධි ආගමනයෙහි පසුබිම

"මහාබොධි`ඤaච ථෙරි`ඤaච ආණපෙතුං මහීපතී

ථෙරෙන වුත්තවචනං සරමානො සකෙ ඝරෙ"

යත ගාථාවෙන් පටන්ගෙන මහාවංශයේ ගාථා 68 ක්‌ ශ්‍රී මහා බෝධිය වැඩමවීම සම්බන්ධයෙන් 18 වන පරිච්ඡේදයේ සඳහන් වේ.

මහින්දාගමනයත්, සංඝමිත්තාගමනයත් ලංකා ඉතිහාසයේ අතිශය වැදගත් අනුස්‌මරණීය සිහිවටන බවට විවාදයක්‌ නැත. එය සිදුවන්නේ දේවානම්පියතිස්‌ස රාජ්‍ය කාලයේ දීය. මා මෙහි දී කතා කිරීමට බලාපොරොත්තු වන්නේ එකී අනුස්‌මරණීය සිද්ධි 2 පිළිබඳව නොවෙතත් සංඝමිත්තාගමනය හේතුවෙන් මෙරටට වැඩමවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ප්‍රථම ඒ හා බැඳුණු ප්‍රකට ඉතිහාසයත් එකී සිද්ධිවල සමවිෂමතාවත් විමසා බැලීම වටී.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවීමට මූලික හේතුව වන්නට ඇත්තේ අනුලා දේවිය ප්‍රධාන කාන්තා පාර්ශ්වය පැවිදි වීමට අවසර ඉල්ලා සිටීමයි. මේ වන විට ඉන්දියාවේ අශෝක රජතුමා සටන් මඟින් රාජ්‍යයන් අල්ලා ගැනීම නවතා ධර්මවිජය ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරමින් සිටියේය. ඔහුගේ රට රටවලට ධර්මය ව්‍යාප්ත කිරීමේ කාර්යයේ එක්‌ පියවරක්‌ ලෙස අසල්වැසි රට වූ ශ්‍රී ලංකාවට තම පුත් මහින්ද තෙරුන් එවන අතර එහි මුඛ්‍ය පරමාර්ථය වූයේ බුදුරදුන්ගේ දහමත් ඒ හා බැඳුණු සංස්‌කෘතියත් මෙහි පිහිටුවා ස්‌ථාවර කිරීමත් ය. බුදුදහම ගෙන ඒමට පෙර ඒ වන විට මහලු වියේ සිටි මුටසීව රජුගෙන් පසු තිස්‌ස රජු රාජ්‍ය බාරගන්නා තුරු ගමන ප්‍රමාද කරන ලදී. මේ අනුව ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව රැගත් සංඝමිත්තා තෙරණිය ලංකාවට පැමිණෙයි. මිහිඳු හිමියන් මහමෙවුනා උයන පිළිගත් දිනයේ ම අනුලා දේවිය ප්‍රධාන පිරිසක්‌ බණ අසා තමන් ඇතුළු පිරිසට ද පැවදි වීමට අවසර ඉල්ලා සිටින ලදී. මිහිඳු හිමියන්ට එය කළ නොහැකි බවත් ඒ සමඟ සංඝමිත්තා තෙරණියත් සමඟ ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව වැඩමවන ලෙසට හසුන්පතක්‌ අශෝක රජු වෙත මහින්ද හිමියන්ගේ අවසරයෙන් තිස්‌ස රජු යවන ලදී. එම ලිපියත් රැගෙන පළපුරුදු අරිට්‌ඨ කුමරු ඇතුළු පිරිස වප් මාසයේ පුරපස දෙවැනි දින දඹකොළ පටුනෙන් නැව් නැඟ පැළලුප් නුවර බලා ගියහ. අරිට්‌ඨ කුමරු හසුන බාර දී කාරණය සැල කළ පසු අශෝක රජු ඊට අකමැත්ත පළ කළ ද සංඝමිත්තා තෙරණියගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව කැමැත්ත ලැබුණි.

බෝධියේ ඇති වටිනාකම රජතුමා හො`දින් ම දනී. ඔහුට ඇති වූ ප්‍රශ්නය වූයේ මෙබඳු ආනුභාවසම්පන්න බෝධියට ආයුධයන් තබා ශාඛාවක්‌ ලබාගන්නේ කෙසේද යන්නයි. ඇමතියන්ගෙන් විමසා ධර්මධර මොග්ගලීපුත්තතිස්‌ස හිමියන් ගෙන්වා මේ සම්බන්ධයෙන් අදහස්‌ විමසන ලදී. මොග්ගලීපුත්තතිස්‌ස හිමියන් බුදුරජාණන්වහන්සේ මරණ මංචකයෙහි දී දේශනා කරන ලද අධිෂ්ඨාන 5 සඳහන් කිරීමෙන් අනතුරුව කටාහය නිමවීය. මහත් උත්සවයකින් පසු ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සහිත කටාහය සංඝමිත්තා කුමරියට භාරදෙන අතර එහි ආරක්‌ෂාවට විදුරින්ද නා රජු පත් කරයි.

ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව රැගත් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස දඹකොළ පටුනට ගොඩබසින ලදී. එතැන් සිට මහත් පෙරහැරින් මංගල මහා වීථීය ඔස්‌සේ මහමෙව්නාවේ බෝධි රෝපණය උදෙසා පිළියෙල කර තිබූ ස්‌ථානයට වැඩමකරවී ය. පසුව සොළොස්‌මහා කුලයන්ගේ ද ආධාර ඇතිව පොළවෙහි සිටුවීමට ක්‍රියා කරන ලදී. මේ උදාරතර අවස්‌ථාවට මිහිඳු මාහිමි, සඟමිත් තෙරණිය, තිස්‌ස රජු, රජ පිරිවර, කතරගම ක්‌ෂත්‍රියයන්, චන්දනගාමයෙහි ක්‌ෂත්‍රියයන්, තිවංක බ්‍රාහ්මණ ගමේ අය, ආදි මහත් ප්‍රභූ පිරිසක්‌ රැස්‌ වූහ. ඒ අවස්‌ථාවේ දී වැටුණු ඵලයකින් බෝ පැළ 8ක්‌ පැන නැඟිණි. අෂ්ටඵලරුහ බොධි ලෙස හඳුන්වන්නේ ඒ බෝ පැළ 8යි. ඒවා, දඹකොළපටුන, තිවංක බ්‍රාහ්මණගම, ථූපාරාමය, ඉස්‌සරසමණාරාමය, පඨමක චෛත්‍ය ස්‌ථානය, රෝහණයේ කතරගම, රෝහණයේ චන්දනගම යන ස්‌ථානවල සිටුවන ලදී. එම පැළවලින් හට ගන්නා ලද දෙතිස්‌ඵලරුහ බෝ පැළ අනුරාධපුරයේ සිට යොදුනෙන් යොදුන දුරකින් පිහිටුවන ලදී.

ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ තනතුරු හා ශිල්ප ශ්‍රේණීන්

මේ සම්බන්ධයෙන් විවිධ මූලාශ්‍රවල විවිධ කරුණු සඳහන් වේ. සිංහල බෝධි වංශයේ එන කුල හ බැඳුණු තනතුරුත් කුමාරවරු උදෙසා පිරිනමන ලද තනතුරුත් මෙසේ පෙන්වා දිය හැකිය.



දඹදෙණි යුගයේ ආරම්භක රජු ලෙස සැලකෙන විජයබාහු රජු (ක්‍රිස්‌තු වර්ෂ 1215-1236) ගැන සඳහන් කරන රාජාවලිය ඔහු "ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩාගෙන ආ සඟබෝ වලිය නොනැසී පැවත එන" බව සඳහන් කරයි. මහනුවර යුගයේ දී නුවර කලාවිය මහවන්නියා තනතුර හෙබ වූ නුවරවැව පවුල ඉහතින් දැක්‌ වූ බෝධිගුප්ත කුමාරයාගෙන් පැවත එන බව කියනු ලැබේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්‌ථානයේ ගිහි භාරකාරත්වය දැරූ මෙම පවුල් අද නියෝජනය කරන්නේ නුවරවැව වලව්වේ බුලන්කුලම පවුල ය.

මේ හැර විවිධ කුලවල අයට ද වෙන වෙනම තනතුරු ලබා දෙන ලදී. ඒ අනුව කුලයෙහි ප්‍රධාන තැනැත්තාට ලබා දුන් තනතුරු පහතින් දැක්‌වේ.

  


මහාවංශයේ සඳහන් දේව කුල, වෙස්‌ස කුල, ගෝප කුල, තරච්ඡ කුල, කුලිංග කුල බෝධිවංශයේ නොමැත. කෙසේ වෙතත් ශ්‍රී මහා බෝධියේ දෛනික හා වාර්ෂික ආවතේව සඳහා පිරිස්‌ තෝරාතැනීමේ දී අශෝක රජු විශේෂ අවධානයක්‌ යොමු කර ඇති බව පෙනේ. බෝධියත් සමඟ මෙහි පැමිණි කුලවල සංඛ්‍යාව ප්‍රකටව ඇත්තේ අටලොස්‌ කුලයක්‌ වශයෙනි. කෙසේ වෙතත් ශ්‍රී මහා බෝධිය මුල් කරගෙන මෙරටට පැමිණි ශිල්ප ශේ්‍රණීන් හා පරිවාර පිරිස්‌ තම රාජකාරින් නිසි ආකාරයෙන් ඉටු කරමින් ශ්‍රී මහා බෝධින් වහන්සේ ආරක්‌ෂා කළ බව පෙනේ.

රාජධානි නිරිත දෙසට මාරුවීමෙන් හා 1815 න් පසු ශ්‍රී මහා බෝධීන් වහන්සේ

සිංහල රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වීමත් සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැදගත්කම ක්‍රමයෙන් අඩුවන්නට පටන්ගත් බව සිතේ. ඊට හේතුව වූයේ අගනගරය මාරු වීමත් සමඟ, රාජධානි නගරයට ගෙන යා හැකි දන්තධාතුන් වහන්සේගේ වටිනාකම ආගමික වශයෙන් පමණක්‌ නොව දේශපාලනමය වශයෙන් ද වැදගත් වීමයි. මේ තත්ත්වය නිසා සිදු වූයේ සියලු දෙනාගේ අවධානය දළදාව කෙරෙහි යොමු වීමයි. මහනුවර යුගය වන විට ස්‌ථීර මන්දිරයක දළදාවහන්සේ තැන්පත් කිරීමෙන් අනතුරුව සියලු දෙනාගේ අවධානය ඒ දෙසට යොමු විය. මහනුවර යුගයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් වැලිවිට ශ්‍රී සරණංකර හිමිගේ අනුශාසනය පරිදි උඩරට භික්‌ෂු ශාසනය ප්‍රතිසංවිධානය කළ අවස්‌ථාවේ ශ්‍රී මහා බෝධිය ප්‍රධාන අටමස්‌ථානයේ කටයුතු විධිමත් කර අටමස්‌ථානයේ නායක හාමුදුරුවන් හට අනුනායක තනතුරක්‌ ද පිරිනමන ලදී. බෝධීන් වහන්සේ වටා ඉදි කර තිබූ ප්‍රාකාරය ශක්‌තිමත්ව ඉදි කිරීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කටයුතු සැලසීය.

1831 දී පමණ අනුරාධපුර අටමස්‌ථානාධිපති වූ ඉපලෝගම අනුනායක හිමි මහනුවර කොමසාරිස්‌ මණ්‌ඩලය ඉදිරියට ගොස්‌ ශ්‍රී මහා බෝධීයේ පිළිමගෙය ප්‍රතිසංස්‌කරණය කිරීමට ආධාර ඉල්ලා සිටියේය. බ්‍රිතාන්‍යයන් විසින් 1833 දී කරන ලද පාලන ප්‍රතිසංස්‌කරණ අනුව නුවර කලාවිය පරිපාලන දිස්‌ත්‍රික්‌කය පිහිටුවා අනුරාධපුරය එහි පාලන මධ්‍යස්‌ථානය ලෙස තෝරා ගන්න ලදී. 1831 පමණ අනුරාධපුරයෙහි සංචාරය කළ ෙµdaබ්ස්‌ දක්‌වන පරිදි එවකට අනුරාධපුරයේ එළිපෙහෙලිව තිබුණේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පමණි. ඒ අවට ආණ්‌ඩුවේ ගොඩනැඟිsලිs හා තවත් ගොඩනැඟිලි ඉදිවන්නට විය. මේ හේතුව නිසා ම 1903 දී සිදු වූ අනුරාධපුර කෝලාහලයේ දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ අයත් භූමි භාගයේ තිබූ මල් කඩයකට ද හානි සිදුවිය. ශ්‍රී මහා බෝධිය අභියස හේවිසි වාදනය සීමා කිරීමට ආණ්‌ඩුව ගත් තීරණයට විරුද්ධව 1905 දී අරගලයක්‌ද ඇති විය.

ඉහළ ම මළුවේ ඇත් පවුර හා ඇති රන් වැට 1969 දී මහනුවර ශ්‍රී මහා බෝධි ආරක්‌ෂක රන්වැට දායක සභාව විසින් මුදල් එකතු කොට කරවන ලද්දකි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ හාත්පස ගරා වැටී තිබුණු ගොඩනැඟිලි ප්‍රතිසංස්‌කරණ කටයුතු පටන් ගත්තේ මෙම සියවස ආරම්භයේ දී පමණය. ශ්‍රී මහා බෝධී වෘක්‌ෂයට නැගෙනහිර දෙසින් බෝධි ප්‍රාකාරයට යාව පිහිටි පුරාණයේ පටන් බෝධිඝර ලෙස ප්‍රසිද්ධ නටබුන්ව තිබුණු පිළිමගෙය අටමස්‌ථාන කොමිටියේ අවසර ඇතිව ගාල්ලේ අතපත්තු වලව්වේ ඇඩ්මන් ගුණරත්න වාසල මුදලිතුමාගේ ප්‍රධානත්වයෙන් දායක පිරිසක්‌ විසින් සාදවන ලදී. මේ අතර අටමස්‌ථානාධිපති රතනපාල හිමි සංඝයා වහන්සේලාට උඩමළුවට නැඟීම පිණිස පඩිපෙළක්‌ ද කරවන ලදී. දෙවියන් යෑද ප`ඩුරු ඔප්පු කරන කාල දේවතා යන නමින් ප්‍රසිද්ධ විෂ්ණු දේවාලයක්‌ ශ්‍රී මහා බෝධි මළුව තුළ පිහිටා තිබේ. එය මහනුවර යුගයේ දී පැමිණෙන්නට ඇත.
 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.