කරදර අඩු කරන මාර පරාජය පිරිත

මෙම පිරිත නිතර සිහිකිරීම පවා ගුණ දෙනු ඇත. සොරසතුරු බිය. ග්‍රහ අපල, වැනි උවදුරු මෙන්ම අමනුෂ්‍ය උවදුරු දුරු කිරීමේ මහඟු බලයක්‌ මෙහි ඇත. එබැවින් මෙම පිරිතෙන් පැන්, රන්තැඹිලි තෙල් පිරිත් කර ප්‍රයෝජනයට ගැනීමද යහපති.

මිනිසුන්ට කරදර කම්කටොලු පැමිණීම සමාන්‍ය දෙයකි. එම කරදරවලින් මිදීම සඳහා මිනිසුන් විවිධ වූ පිහිට පැතීම ද සාමාන්‍ය දෙයකි. එවැනි පිහිට පැතීම්වලදී විවිධ වූ ගුපAතමය දේ තුලින්ද සහනයක්‌ බලාපොරොත්තු වෙති. කෙසේ වෙතත් කරදරවලට පත් නොවී යහපත්ව ජීවිත ගත කරන්නට ඇත්නම් එය කෙතරම් භාග්‍යක්‌ද? නමුත් අපට කරදරවලට මැදි නොවී සිටීමට බැරිය. එසේ වුවද බෞද්ධ අපට අපගේ බෞද්ධ සංස්‌කෘතිය තුළින් ලැබී ඇති බොදු පිළිවෙත් රාශියක්‌ ඇති අතර දුක්‌ කරදර ජයගැනීම පිණිස භාවිතා කළ හැකි මාර පරාජය පිරිත නැකත පාඨක ඔබ වෙත ඉදිරිපත් කරන අතර මෙහි ප්‍රතිඵල සත්‍ය බව අත්දැකීමෙන් කිව හැකිය.

මෙම පිරිත උදේ සවස 7 වරක්‌ යමෙක්‌ සඡ්Cධායනා කරන්නේ නම් ඉතා මැනවි. මෙම පිරිතේ අඩංගු වනුයේ බුදුගුණ සත්‍යක්‍රියාවකි. එයට තමාගේ ප්‍රතිපත්ති ශක්‌තියද මුසු කර සත්‍ය ක්‍රියාකරන්නාට අපමණ පිහිට ලැබිය හැක. සැබවින්ම මෙම පිරිත කලණ මිත්‍රයකු වැනිය. එබැවින් මෙම පිරිත නිතර සිහිකිරීම පවා ගුණ දෙනු ඇත. සොරසතුරු බිය. ග්‍රහ අපල, වැනි උවදුරු මෙන්ම අමනුෂ්‍ය උවදුරු දුරු කිරීමේ මහඟු බලයක්‌ මෙහි ඇත. එබැවින් මෙම පිරිතෙන් පැන්, රන්තැඹිලි තෙල් පිරිත් කර ප්‍රයෝජනයට ගැනීමද යහපති.

සතුටු සිතින් සැක නැතිව ප්‍රයෝජනයට ගත යුතු මාර පරාජය පිරිත බුදුරදුන්ගේ ශ්‍රී මුඛ දේශනාවක්‌ නොවන අතර පසුකාලීනව අටුවාචාරීන් වහන්සේලා විසින් සකසන ලද්දකි. කෙසේ වුවත් බුදුගුණ සත්‍ය ක්‍රියාව කිසිවිටෙක්‌ අසත්‍යයක්‌ නොවන අතර ඒ සත්‍ය දහම තුළ පවතින බැවින් ස්‌වභාව ධර්මයා අපට ඇහුම්කන් දෙනු නොඅනුමානය.

මාර පරාජය පිරිත හා එහි සිංහල අර්ථයද පහත දක්‌වා ඇති අතර එය නිතර භාවිතයෙන් සියල්ලන්ට යහපත උදාවන අතර පීඩාකාරී මනසට විවේකයක්‌ද ගෙන දෙනු ඇත.

මාර පරාජය පිරිත

පඨවි බලසුන්දරී - සම්බඤ්ඤ බෝධි මණ්‌ඩලං
අසංෙඛ්‍යං මාරසෙනං - ජයෝ ජයතු මංගලං
කකුයන්ධො කෝණා ගමනෝ -
කස්‌සපෝ ගෝතම මුනි

මෙත්තෙයෙH පඤ්ච බුද්ධාතෙ -
සීසෙමෙ සෙන්තු සබ්බදා
එෙත්‍යං ආනුභාවෙන - යක්‌ඛා දෙවා මහිද්ධිකා

සබ්බේපි සුතා හොන්තු -
මම මිත්තා සහායකා
සම්බුද්ධෙ අට්‌ඨ වීසංච -
ද්වාදසංච සහස්‌සකෙ
පංචසත සහස්‌සානි - නමාමි සිරසාදරං

තේසං ධම්මංච සංඝංච - ආදරෙන නමාමහං
නමක්‌කාරානු භාවෙන - සබ්බේ භයා උපද්දවා
අනෙකා අන්තරායාපි -
විනස්‌සන්තු අසේසතො

තේරුම

මහී කාන්තා තොමෝ කම්පා වීමෙන් සර්වඥයන් වහන්සේට බෝමැඩ අයත් වීමෙන් අසංඛ්‍ය අපරිමාන වූ මාර සෙනග පැරද පලා ගියහ. බුදුන්ට ජය අත් විය.ඒ සත්‍යයෙන් මටද ජයමංගල්‍යයක්‌ම වේවා·

කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී යන පසේ බුදුවරුන් වූ ඔබ වහන්සේලා හැම කල්හි මාගේ සිරසෙහි පිහිටත්වා·

උන්වහන්සේලාගේ ආනුභාවයෙන් මහා සෘද්ධිමත් වූ යක්‍ෂ දේව මනුෂ්‍යාදී සියල්ලෝම සුවපත් වෙත්වා මා ඔබ හැමගේ සහායකයෙකි. මිත්‍රයෙකි. ඔබ හැම මගේ මිත්‍රයෝය, සහායකයෝ ය.

අටවිසි බුදුවරයන් වහන්සේලා ද පන්ලක්‍ෂ දොළොස්‌ දහසක්‌ බුදුවරයන් වහන්සේලාද සිරස නමා ආදරයෙන් වඳිමි.

උන්වහන්සේලාගේ ධර්ම රත්නය, සංඝ රත්නය ද, මම ආදරයෙන් වඳිමි, නමස්‌කාර ආනුභාවයෙන් සියලු භය හා උපද්‍රවයෝ ද, නොයෙකුත් අනතුරුද ඉතිරි නොවී දූරීභූත වෙත්වා·

මෙම පිරිතේ බලය ඔබට එහි තේරුම් කියවන විට පැහැදිලි වේ. කෙසේ වෙතත් අද වන විට ගුප්ත ශාස්‌ත්‍රය ශාස්‌ත්‍ර ඥානය අල්ප අය අතරට පත්වීම නිසා කරදරයට පත් ජනයාව තවත් මුලාවෙන් හා අන්ධානුකරණයෙන් වෙලා තවත් කදරදර උග්‍ර කර දෙන යුගයකි. බෞද්ධයත් වන අපට උතුම් තුණුරුවන්ගේ ගුණ බලයෙන් කරදරවලින් මිදීමට හැකියාව හා අවස්‌ථාවන් තිබියදීත් අප එවන් දේ පසුපස යැමත් දුක්‌මුසු කරුණකි. එබැවින් මෙකී පිරිත ඔබ විසින්ම සඡ්Cධායනා කර එහි ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකි තමාගේ සීල ගුණය සමඟ බැඳී පවතින්නකි.

ආර්. රධික ජීවන්ත
කොළඹ විශ්වවිද්‍යාලය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.