අවලාද නැගීමෙන් අපේ ගමන
වැළැක්‌විය නොහැකියි

ජවිපෙ නායක අනුර දිසානායක කියයි

"ජනතා විමුක්‌ති පෙරමුණ මඩ ප්‍රහාරවලින්, අවලාදවලින් වට්‌ටන්න බැහැ" යෑයි එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08 වැනිදා) පැවසීය.

ඊයේ (08 දා) දිවයින ඉරිදා සංග්‍රහයේ පළ වූ ප්‍රධාන ප්‍රවෘත්තිය සහ විශේෂාංග ලිපියක්‌ සම්බන්ධයෙන් මාධ්‍ය හමුqqවේ කරුණු දක්‌වමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කීය.

බත්තරමුල්ල පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (08 වැනිදා) පැවැති එම මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මේ මාධ්‍ය සාකච්ඡාව අද දින කැඳවූයේ ඉරිදා දිවයින පුවත්පතේ පළකර තිබෙන ප්‍රධාන ප්‍රවෘත්තිය හා විශේෂාංගය සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක්‌ අවධාරණය කිරීමටයි. මේ ප්‍රවෘත්තිය සහ විශේෂාංගය තනිකරම අවලාද සහ මඩ ගැසීම අරමුණු කරගත් අසත්‍ය තොරතුරුවලින් පිරුණු එකක්‌ බව ජනතා විමුක්‌ති පෙරමුණ මේ රටේ මාධ්‍ය ආයතනවලට සහ ජනතාවට දන්වා සිටිනවා.

අප මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පසුගිය කාලයේත් වර්තමානයේත් දිගින් දිගටම ක්‍රියා කරමින් සිටිsනවා. පසුගිය කාලයේ මාධ්‍ය ආයතන ගිනි තබා, බෝම්බ ගැසූ අවස්‌ථාවලදී වගේම මාධ්‍යවේදීන් පැහැර ගැනීම සහ තර්ජනයට ලක්‌ වූ සියලු අවස්‌ථාවලදී ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව ඇතුළු අනෙකුත් කටයුතු වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිය දිවයින අද ප්‍රවෘත්තිය පළකර තිබෙන්නේ කිසිසේත්ම මාධ්‍ය ආචාර ධර්ම හෝ පිළිගත් මාධ්‍ය භාවිතයක්‌ ඇතුළේ නෙවෙයි. තනිකරම කැලෑ පත්තරයක්‌ බවට අද දිවයින ඉරිදා පත්තරය පත්ව තිබෙනවා. මෙය කිසිසේත්ම දිවයින පොදු මාධ්‍යවේදීන්ගේ අදහස නොවන බව අපි දන්නවා. මේ පිටුපස සිටින්නේ පරාජිත රාජපක්‍ෂ කල්ලියේ අවශ්‍යතාවය අනුව ක්‍රියා කරන ඉතා සුළු පිරිසක්‌. කුමාර වෙල්ගමගේ සොහොයුරු නිමල් වෙල්ගම දිවයින පුවත්පතේ අයිතිකරු වශයෙන් ක්‍රියා කරන අතර ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද රාජපක්‍ෂ පාලන සමයේ හිටියා.

ඒ කාලයේ ටෙලිකොම් සමාගමේ දැන්වීම් සහ අනෙකුත් විවිධ ප්‍රචාරක කටයුතු සඳහා නිමල් වෙල්ගම විසින් උපාලි ප්‍රවෘත්ති පත්‍ර ආයතනයට කොතරම් මුදල් ලබා දී තිබේදැයි පාර්ලිමේන්තුවේදී අප ප්‍රශ්න කරනවා. ඒ වගේම ඉරිදා දිවයින ප්‍රධාන කර්තෘ අනුර සොලමන්ස්‌ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක්‌. ඒ උපදේශකලා ගුවන්තොටුපළවලදී ප්‍රභූ වරප්‍රසාද ඇතුළු වාහන හිමිකම්, ඉන්ධන, වැටුප් සහ තවත් අතිවිශාල බලයක්‌ තිබුණු බව කව්රුත් දන්නවා. ඒ වගේම මේ ප්‍රවෘත්තිය පළකර තිබෙන ජනිත සෙනෙවිරත්න කියන්නේ කවුද? වරායට සම්බන්ධ කළමනාකරණ ආයතනයක 2011.08.09 දින සිට 2014.12.31 දක්‌වා සේවය කළ කෙනෙක්‌. මේ කාලය තුළ ඔහු විවිධ මාධ්‍ය ආයතන ගණනාවක වැඩ කර තිබෙනවා. ඒ වගේම සෑම දිනකම වරායට අනුබද්ධ ආයතනයේ සේවයට පැමිණි අයෙක්‌ බව අත්සන් කර තිබෙනවා. මම වගකීමෙන් කියන්නේ ඔහු කර තිබෙන්නේ එක දිනයක ඒ ආයතනයට ගොස්‌ මුළු මාසයටම පැමිණි බවට අත්සන් කිරීමයි. රාජපක්‍ෂ පාලනය බිඳවැටීමෙන් පසු 2015 මාර්තු 31 වැනි දින නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් ඔහුව ඉවත් කර තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය කර්තෘ වශයෙන් සිටින මනෝඡ් අබේදීර ටෙලිකොම් ආයතනය හරහා විවිධ මූල්‍ය අවභාවිතයන් ඇතුළු චෝදනා රැසකට ලක්‌ වූ අයෙක්‌. අනුර සොලමන්ස්‌, ජනිත සෙනෙවිරත්න, මනොඡ් අබේදීර යන අය ගැන අප ඉදිරිපත් කළ චෝදනා වැරදි නම් ඔප්පු කරන ලෙස අප ඔවුන්ට අභියෝග කරනවා. නිශ්චිතව නමක්‌ හෝ ලියන්නේ කාටද කියලා හෙළි නොකර ව්‍යංගයන් ගණනාවක්‌ විශේෂාංග ලිපියෙන් දීලා තිබෙනවා. මේ ලියන්නේ කවුරු ගැනද කියලා පාඨකයාට සම්පූර්ණයෙන් ඒaත්තු යනවා. ඉරිදා දිවයින අද රාජපක්‍ෂ කල්ලියේ මඩ µeක්‌ටරියක්‌ බවට පත්වෙලා. පත්තර පාඨකයන් සල්ලි දීලා පත්තරයක්‌ ගන්නේ සත්‍යය දැනගන්න. නිවැරදි තොරතුරු දැනගන්න. මඩ අවලාද පළ කරන පච දිවයින ගැන ජනතාව තීරණයක්‌ ගනීවි කියලා අපි විශ්වාස කරනවා. පැවති පාලනය පෙරළා දමන්න විවිධ ආකාරයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ මූලිකත්වය ගෙන ක්‍රියා කළා. රාජපක්‍ෂ කල්ලිය අදත් කුපිත වී සිටින්නේ මේ නිසයි. මේ අවස්‌ථාවේදී දිවයින පුවත්පතේ සිටින සැබෑ මාධ්‍යවේදීන්ට නින්දාවක්‌ කර තිබෙන්නේ. ඔවුන්ට අද පත්තරය ඇතුලේ අරගලයක්‌ කළ යුතුව තිබෙනවා. තමන්ගේ මාධ්‍ය නිවැරදි කරමින් ගැනීමෙන් බේරා ගන්න කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක්‌ වී තිබෙනවා.

ජනතා විමුක්‌ති පෙරමුණ අවලාද නැගීමෙන්, මඩ ප්‍රහාරවලින් වට්‌ටන්න පුළුවන් පක්‍ෂයක්‌ නෙමෙයි. මේකෙන් තහවුරු වෙන්නේ මඩ ප්‍රහාර එල්ල කරන්නන්ගේ දුප්පත්කමයි. මේ සම්බන්ධයෙන් නීතිමය උපදෙස්‌ ගන්න අපි කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම අපහාස නඩු සම්බන්ධයෙන් වසර ගණනාවක්‌ ඇදි ඇදී යැම ගැන අපට හොඳ අවබෝධයක්‌ තිබෙනවා. මේ අවස්‌ථාවේදී අප ජනතාව හමුවී මේ අවලාදකරුවන් ගැන තීරණයක්‌ ගැනීමට බාර කරනවා. මෙවැනි අවලාද නගන පත්තර මිලදී ගන්න ඕනෑද කියන කාරණය ජනතාව නැවත සලකා බලයි කියල අපි විශ්වාස කරනවා. තව දෙයක්‌ මේ මහත්තුරුන්ට කියන්න අවශ්‍යයි. අපි මේ දේශපාලනය තෝරාගෙන තිබෙන්නේ අපේ ඇස්‌ ඉදිරිපිට මිනිසුන් ඝාතනය කරනවා දැක දැකයි. මේ දේශපාලනය වෙනුවෙන් අපි මරණයට වුවත් මුහුණදෙන්න පැකිලෙන්නේ නැහැ. ඒ නිසා අවලාදවලින් අපව නවත්වන්න උත්සාහ කරනවා නම් ජනිත සෙනෙවිරත්න, මනෝඡ් අබේදීර, අනුර සොලමන් කල්ලියට අපි කියන්නේ ඔවුන්ට වැරදී ඇති බව යි. මේ ප්‍රශ්නය දැන් ජනතාව ඉදිරියේ අප විවෘත කර තබනවා.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස්‌ දක්‌වමින්

මාධ්‍ය ආයතනයක සේවය කරනකොට තවත් මාධ්‍ය ආයතනයක්‌ සම්බන්ධයෙන් තොරතුරු පළකිරීමේදී කිසියම් ගැටලුවක්‌ ආචාර ධාර්මිකව තිබෙන බව අපි දන්නවා. නමුත් මාධ්‍යවේදීන්ට නිගා දෙන මාධ්‍ය ආයතනවලටත් නිගාදෙන මෙවැනි අවලාද පරාජය කරන්න මාධ්‍යවේදීන් වගේම මාධ්‍ය ආයතනවලටත් වගකීමක්‌ තිබෙන බව අපි විශ්වාස කරනවා. ඒ වගකීම ඉටුකරන්න කියලා අපි ඉල්ලීමක්‌ කරනවා. කුණු වී සැරව ගලන තත්ත්වයක්‌ තිබෙන මේ රටේ තවත් කුණු ගොඩකට ඉරිදා දිවයින පුවත්පත මේ හරහා එකතු වී ඇති බව පැහැදිලියි. අනුර සහෝදරයා ඉලක්‌ක කරගෙන අනිත් අයත් තම තමන්ගේ හිත්වල තිබුණු දේවල් ලියපු බව අපි දැක්‌කා. අපි කියන්නේ ඉතා වගකීමෙන්. ඉරිදා දිවයිනේ පළකර තිබෙන ප්‍රධාන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්. මේ පිටුපස සිටින කල්ලිය සම්බන්ධයෙන් කනගාටු වෙනවා හැර වෙන කරන්න දෙයක්‌ නැති බවයි. මහින්ද රාජපක්‍ෂ මහත්තයගේ ඇඟේ එල්ලී ඉන්න කුණු කන්දක්‌ වුණු හාදයා මේ මුළු ක්‍රියාදාමය පිටුපස ඉන්න බව අපි දන්නවා. ඒ වගේම රාජපක්‍ෂ පාලන සමයේ ගත කළ සැප ජීවිත අහිමි වුණු තව පිරිසකුත් මේ පිටුපස ඉන්නවා. මේ එල්ල කර තිබෙන කෝපය අනුර සහෝදරයාට විතරක්‌ නොවෙය.s ජනතා විමුක්‌ති පෙරමුණ මේ රටේ පක්‍ෂයක්‌ වශයෙන් ඉටුකරන කාර්යභාරයට විරුද්ධව පළ කර තිබෙන කෝපයක්‌.

මාධ්‍යවේදීන් ඔබ කවුරුත් දන්නවා. පසුගිය පාර්ලිමේන්තු සමයේ මේ රටේ ඇත්ත විපක්‍ෂ නායකයා වශයෙන් ජනතාව පිළිගත්තේ අපේ අනුර දිසානායක සහෝදරයා බව. ඒ නිසා රාජපක්‍ෂ කල්ලිය පරාජය කිරීමේ ප්‍රධාන වැඩ කොටසක්‌ පක්‍ෂයක්‌ ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ ඉටුකරන අතර අනුර සහෝදරයාගේ නායකත්වය විශාල කාර්යභාරයක්‌ ඉටුකරනු ලැබුවා. අදත් කෝපයට පත්වී සිටින මේ පිරිස්‌ ඉටුකරන්නේ ඒ අයගේ වියරුවයි. මේක තනි සිද්ධියක්‌ නෙවෙයි. ජනතා විමුක්‌ති පෙරමුණ මේක බාරගන්නේ පක්‍ෂයට විරුද්ධව ගෙනයන කුමන්ත්‍රණයක්‌ විදියටයි. මේ පිටුපස ප්‍රධාන වුවමනාවන් කිහිපයක්‌ එළිදැක්‌වෙනවා. රාජපක්‍ෂ කල්ලියේ වේදනාව, ඔවුන් වටේ සිටි අනාථ වූ පිරිසේ වේදනාව, වංචා දූෂණ ගැන පරීක්‍ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් නොදීම සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ ගෙනයන අරගලයට විරුද්ධ පිරිසගේ වුවමනාව, වගේම වර්තමාන ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය නිසා කලකිරී සිටින ජනතාව ජනතා විමුක්‌ති පෙරමුණ වටා එක්‌රැස්‌වීම වළක්‌වා ගැනීම ආදී වුවමනාවන් මේ තුළින් ඉටුකර ගැනීමට උත්සාහ කර තිබෙනවා. මේ රටේ තිබෙන දූෂිත දේශපාලනය සමස්‌තයක්‌ වශයෙන් අතුගා දැමීමට ක්‍රියාකරන අතරම රාජපක්‍ෂ කල්ලියට නැවත මේ රටේ බලය ගන්න ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා. ඒ නිසා මඩ, අවලාදවලින් ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයන් නම්මා ගන්න බැහැ. ඒ වගේම ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන ගමන වළක්‌වන්නත් බැහැ. මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ජනතා විමුක්‌ති පෙරමුණේ සියලු සාමාජිකයන් දැනුවත් කරනවා. මුළු පක්‍ෂයක්‌ වශයෙන් ජනතාව ඒකරාශී කරමින් මේ දුෂ්ඨ කල්ලියේ අරමුණුත් ජනතාවට එරෙහි සියලු ෙද්‍රdaහී ක්‍රියාවනුත් පරාජය කිරීමේ වගකීම අපි ඉටුකරමින් සිටිනවා.

ඒ නිසා අපේ පක්‍ෂයේ සාමාජිකයන්ටත් විවිධාකාරයේ හිතවතුන්ටත් සියලුම ප්‍රගතිශීලී කණ්‌ඩායම්වලටත් ලෝකය පුරා සිටින අපට විවිධාකාරයෙන් අනුග්‍රහ දෙන අයටත් අපි අවධාරණය කරන්නේ මේ කැලෑ පත්තර ගහලා කැලෑ පත්තරවල පළකර තිබෙන දේ වලින් නොමඟ නොයන ලෙසයි. මේ පත්තරයේ ප්‍රධාන ප්‍රවෘත්තියේ බොරු කිසි දවසක ඇත්ත වෙන එකක්‌ නෙවෙයි.

ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩල සභික ලාල්කාන්ත මහතා අදහස්‌ දක්‌වමින්

ලංකාවේ දේශපාලනය කුණු ගොඩකට වැටී තිබෙන බව කවුරුත් දන්නවා. මේ කුණු වෙච්ච තැනින් ගොඩ ගන්න ලොකු අරගලයක්‌ කිරීමේ කාර්යභාරය මාධ්‍යවේදීන්ටත් පැවරී තිබෙනවා. සමහර මාධ්‍ය ආයතනත් කුණු වෙච්චි ගොඩට වැටී තිබෙනවා. කුණු වෙච්චි දේශපාලනයට කර ගහන්න ගිහිල්ලා ඉරිදා දිවයින පත්තරෙත් කුණු ගොඩට වැටිලා. පසුගිය කාලයේම සමහර මාධ්‍යවේදීනුත් සමහර මාධ්‍ය ආයතනත් අනුර සහෝදරයාට, ටිල්වින් සහෝදරයාට, විජිත සහෝදරයාට වගේම මාවත් ඇති තරම් පට්‌ට ගහලා තිබෙනවා. ලාල් කාන්ත, අනුර සහෝදරයාට විරුද්ධව කටයුතු කරන බව කියා තිබුණා. තවත් අය කිව්වේ ලාල් කාන්ත යූ. ඇන්. පී. යට යනවා කියලා. මේ වගේ විවිධ බොරු ප්‍රචාර යවා තිබෙනවා. ඒ මාධ්‍ය ආයතන මේ ප්‍රවෘත්ති වැරදි බවට කිසිම තැනක නිවැරදි කළේ නැහැ. පසුගිය කාලයේ අනුර සහෝදරයා සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘත්ති පළ කළා. එµa. සී. අයි. ඩී. එක මෙහෙයවන්නේ අනුර සහෝදරයා බව කියා තිබුණා. අරලියගහ මන්දිරයේ අනුර සහෝදරයාට කාමරයක්‌ තිබුණු බව කියා තිබුණා. මේ ප්‍රවෘත්ති එකක්‌වත් ඇත්ත නෙවෙයි. මේ අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන්නේ පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලනය වට්‌ටන්න අනුර සහෝදරයාගේ නායකත්වයෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ අපි කවුරුත් ක්‍රියාකළ නිසයි.

ඒ විතරක්‌ නෙවෙයි, මහින්ද රාජපක්‍ෂගේ පරාජයෙන් පස්‌සේ විපක්‍ෂ නායකකම ගන්න බාධා කළේ අනුර සහෝදරයා බව ඔවුන් දන්නවා. මහින්ද රාජපක්‍ෂට අගමැති වෙන හීනයක්‌ තිබුණා. ඒක සාර්ථක කරගන්නත් බැරිවුණා. දැන් විපක්‍ෂයේ කාර්යභාරය ජනතා විමුක්‌ති පෙරමුණේ අනුර සහෝදරයා ප්‍රමුඛව අපේ පක්‍ෂය කරට අරගෙන තිබෙනවා. මේ නිසා දැන් වටකරගෙන ගහන්න පටන් අරගෙන තිබෙනවා. මේවාට උත්තර නොදෙන්නේ ඇයි කියලා අපේ සාමාජිකයන් වගේම හිතවතුනුත් ප්‍රශ්න කරනවා. ඒ නිසා මේ නිශ්චිත ප්‍රශ්නයේදී අපි මේ පැහැදිලි කිරීම් ටික කරන්න තීරණය කළා. අපේ පක්‍ෂයෙන් පන්නපු ඔක්‌කොම ටික මහින්ද රාජපක්‍ෂගේ ගුබ්බෑයමට ගත්තා. මේ මඩ පත්තරේ ඒ ගුබ්බෑයමට වැටිලා අපිට මඩ ගහන්න පටන්ගෙන තිබෙනවා. දිවයින පත්තරේ අපි ගරු කරපු කර්තෘවරුන් යටතේ එක්‌තරා අවධියක විශාල වැඩ කොටසක්‌ කළා. නමුත් අද වැටී තිබෙන තත්ත්වය ගැන ඉතාම කනගාටුදායකයි. මේ පත්තරේ මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා

දූෂිත රාජපක්‍ෂ කල්ලිය ජාතිවාදය අවුස්‌සා, නැවත බලය ගන්න පසුගිය කාලයේම උත්සාහ කළා. ඒ උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු දැන් මඩ ගහන්න පටන්ගෙන තිබෙනවා. රාජපක්‍ෂ කල්ලියේ වුවමනාවන් මත දිවයින පත්තරය ඒ කුණු ගොඩටම වැටිලා. රාජපක්‍ෂ කල්ලිය වෙනුවෙන් දැන් මඩ, අවලාද නැගීම ඔවුන් තෝරාගෙන තිබෙනවා. ජනතාවට අපි අවධාරණය කරන්නේ නිවැරදි තොරතුරු ලබාගන්න තවත් මාධ්‍ය විශාල ප්‍රමාණයක්‌ තිබෙන නිසා ඒ හරහා ඇත්ත තොරතුරු ලබාගත හැකි බවයි. ජනතා විමුක්‌ති පෙරමුණ සම්බන්ධයෙන් මේ රටේ ගොඩනැඟී තිබෙන විශ්වාසය බිඳවට්‌ටන්න උත්සාහ කරපු හැම අවස්‌ථාවකම ඒ උත්සාහයන් අසාර්ථක වුණා. මේ ප්‍රවෘත්තිය පළ කිරීම තුළින් අපේ පක්‍ෂය වඩාත් සංවිධානාත්මකව, සාමූහිකව සහ වඩාත් නිවැරදිව වෙනදාට වඩා සක්‍රීයව ක්‍රියාකරන්න හැකිවී තිබෙනවා. විවිධ වරප්‍රසාදවලට යටත්වූ මාධ්‍යවේදීන් යෑයි කියාගන්නා අයට ජනතාව නිවැරදි පිළිතුරු ලබාදෙයි. කොන්ද පණ නැතිව නමක්‌ සඳහන් නොකර ලියපු ලිපි කුණු බක්‌කියට වැටෙනවා වගේම ඒ මාධ්‍යකරුවනුත් කුණු බක්‌කියට වැටෙනවා. තමන් ලියපු දේ ඔප්පු කරන්න හැකියාවක්‌ ඔවුන්ට නැහැ. අපි නම් ගම් සහිතව ඉදිරිපත් කළ තොරතුරු අසත්‍ය යෑයි ඔප්පු කරන්න හැකිනම් අභියෝගය බාරගන්නා ලෙස අපි නැවතත් අවධාරණය කරනවා. ජනතා විමුක්‌ති පෙරමුණේ නායකත්වය කෙරෙහි විශ්වාසය බිඳ වට්‌ටන්න මේ කුණු අවලාදවලට හැකි වෙන්නේ නැහැ. ජනතාවත් එක්‌ක එකතුවී මේ බොරුව පරාද කරන බව අපි ස්‌ථිර වශයෙන්ම කියා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

විමල් වීරවංශගේ ගෝලයෙක්‌ ලංකාදීප පත්තරේට මේ බොරු ප්‍රවෘත්තිය දෙන්න උත්සාහ කර තිබෙනවා. ඒ ප්‍රවෘත්තිය පළකර ගැනීම වෙනුවෙන් විශාල ප්‍රයත්නයක්‌ දරා තිබෙන බව අපට පැහැදිලියි. එය ප්‍රතික්‍ෂේප කිරීම පිළිබඳව වගකීමෙන් මාධ්‍ය හසුරුවන ඒ කර්තෘවරයාට අපි ස්‌තුතිවන්ත වෙනවා.

රාජපක්‍ෂ කල්ලිය පරාජයෙන් පස්‌සේ බලය ගන්න මේ දක්‌වා දරපු සියලු ප්‍රයත්න අසාර්ථක වෙලා. අපි විශ්වාස නොකළත් ඔවුන් ජනතාව පොළඹවලා කිහිප දෙනකුගේ මූලිකත්වයෙන් පොල් ගැහුවා. මේ රටේ මිථ්‍යාව යළිත් වපුරමින් බලය ගන්න හදපු ප්‍රයත්නයත් අසාර්ථකයි. එµa. සී. අයි. ඩී. ය අහෝසි කරන්න විවිධ උත්සාහයන් ගෙන ගියා. නමුත් මේ වනවිට වංචනිකයන්, දූෂිතයන් සිදුකළ වංචා - දූෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරමින් සිටිනවා. ඒ වගේම මේ පරීක්‍ෂණවල ප්‍රතිඵලයක්‌ විදියට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනඒමේ ක්‍රියාදාමයක්‌ සිදුවෙමින් තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව පෙන්වලා දූෂිතයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියා කරපු ආකාරය අපි දැක්‌කා. මැයි දිනය පවත්වන්න ඉස්‌සර ගාල්ලද, කිරුළපනද කියලා ගෙනිච්ච සංවාදය මැයි පළමුවැනිදා හවස්‌ වෙනකොටම ඉවර වී තිබුණා. ඒ වගේම ජනතා විමුක්‌ති පෙරමුණ මැයි දිනය පවත්වපු ආකාරය ජනතාව තුළ ගෞරවයක්‌ ඇතිවී තිබෙනවා. මේවා අපේ දේශපාලන ජයග්‍රහණ. රාජපක්‍ෂවරුන්ට යළි බලය ගන්න ඉඩ නොතබා අලුතින් මහජන බලවේග එකතු කරගනිමින් ජනතාවට ජයග්‍රහණ ලබාදෙන්න අපි ක්‍රියාකරමින් සිටිනවා. අපේ ප්‍රධාන දේශපාලන ක්‍රියාමාර්ග අත්හැරදමා මේ අවලාද, මඩ ප්‍රහාර පිටුපස්‌සේ අපි දුවන්නේ නැහැ. මේ අවලාද නිර්මාණය කරන ප්‍රධානියා වෙච්ච අපිත් එක්‌ක හිටපු හාදයාට මේ බව තේරෙන්න ඕනෑ. දැන් එය තේරුම් ගන්නත් බැරි තත්ත්වයට ඔවුන් බංකොළොත් වෙලා. මේ වගේ ප්‍රවෘත්තිවලින් අපව පරාජය කරන්න උත්සාහය කරනවා නම් ඒක මහා මුලාවක්‌ කියලා ඒ මහත්වරුන්ට අපි කියන්න කැමතියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.