අලුත උපන් දරුවා වෙනුවෙන්
ඉටුකළ යුතු චාරිත්‍ර  පිළිබඳ ඔබ දැනුවත්ද


සිඟිති දරුවෙකු යනු දෙමාපියනට මෙන්ම මුළු මහත් සමාජයටම මහඟු දායාදයකි. වටිනා සම්පතකි. එසේම දරුවෙකු යනු මුළු ලොවටම මිණි කැටයකි. ඒ අනුව සිඟිති දරුවෙකු ඉපදුනු අවස්‌ථාවේ දී මූලිකවම අපි සිදු කරනු ලබන්නේ එම දරුවා මොලොව එළිය දකින මෙහොත පදනම් කර ගනිමින් නැගෙනහිර ක්‌ෂිතිජයේ පායා ඇති ග්‍රහ තාරකා පදනම් කොට ගනිමින් ජන්ම පත්‍රයක්‌ දක්‌ෂ ජ්‍යෙdතිෂෙවීදියෙකු ලවා සාදවා ගැනීමයි.. එම දරුවා පූර්ව ආත්මභාවයේ සිදුකර ඇති පව් පින්, අපල හා සපල ලෙස එම ජන්ම පත්‍රය හෙවත් හඳහන තුළ මැනවින් සටහන්ව ඇත. එය පූර්ව ආත්ම භාවයේ කැඩපතකි.

සිංහල බෞද්ධ ජනසමාජය තුළ ජ්‍යෙdතිෂයට හිමිව ඇත්තේ ප්‍රමුඛ ස්‌ථානයකි. ඒ අනුව එම ජ්‍යෙdතිෂ සිද්ධාන්ත පදනම් කර ගනිමින් අලුත උපන් සිඟිsති දරුවෙකු වෙනුවෙන් ජන්ම පත්‍රයක්‌ සාදනු ලබයි. ඉන් අනතුරුව පළමුව සිඟිති දරුවෙකු සඳහා ගොඩනගන එම ජන්ම පත්‍රයට අනුව අපේ සංස්‌කෘතිය ද පදනම් කොට ගනිමින් අලුත උපන් දරුවෙකු වෙනුවෙන් දරුවාගේ මුල් අවුරුදු 03 ඇතුළත මූලිකව අප චාරිත්‍ර 08 ක්‌ ඉටු කරනු ලබන අතර ඒ අතරින් ප්‍රධාන චාරිත්‍ර 06 ක්‌ අප අනිවාර්යෙන්ම දරුවා වෙනුවෙන් ඉටුකළ යුතුයි.

එම මූලික චාරිත්‍ර 08 ලෙස නම් තැබීම, රන්කිරි කට ගෑම, හිරු දැක්‌වීම, ආගමික ස්‌ථානයක්‌ වෙත දරුවා කැඳවාගෙන යාම, හිසකෙස්‌ කැපීම, ගැහැනු දරුවන්ගේ කන් විදීම, දරුවාට ඉඳුල් කට ගෑම, අකුරු කියවීම එම චාරිත්‍ර 08 ලෙස අපට දැක්‌විය හැකිය. මෙහිදී හිරු දැක්‌වීම ලෙස හඳුන්වනු ලබන්නේ මවුකුසින් මොළොව ජන්ම ලාභය ලැබූ සිඟිති දරුවා පළමු වරට දොරට වැඩීමේ අවස්‌ථාවයි. දරුවෙකුගේ මතු ජීවිතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඔහු හෝ ඇය පිළිබඳව ඒ ඒ අවස්‌ථාවල අනුගමනය කරනු ලබන නැකැත් පිළිවෙල අනුවය ඒ අනුව බත් කැවීමේ නැකතින් දරුවාගේ ශරීර සෞඛ්‍යයත් අකුරු කියවීමේ නැකතින් දරුවාගේ මතක ශක්‌තියත් ඇතිවේ. මෙම සියලු කටයුතුවල ජ්‍යෙdතිෂයට හිමිවන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. ඒ අනුව දෙමාපියන් විසින් දරුවකු වෙනුවෙන් ඉටුකළ යුතු මූලික චාරිත්‍ර හය නම්

*  නිවැරදිව ගණ පිහිටුවා දරුවාට අර්ථවත් නමක්‌ තැබීම.

* සුබ නැකතට නිවැරදිව ජීවම් කර පංචායුධයක්‌ කර පැළඳීම.

* සුබ නැකතට මංගල හිස කෙස්‌ රොද කැපීම.

* ගැහැනු දරුවන්ගේ කන් විදීම,

* සුබ නැකතට ඉඳුල් කට ගෑම.

* සුබ නැකතට අකුරු කියවීම.

* නිවැරදිව ගණ පිහිටුවා දරුවාට අර්ථවත් නමක්‌ තැබීම.

මෙම චාරිත්‍රය දරුවාට ජීවිත කාලය තුළම බලපාන ඉතාම වැදගත් චාරිත්‍රයකි. විශේෂයෙන් සිඟිති දරුවෙකුට ජන්ම පත්‍රයේ උපන් නැකත අනුව එම නැකතට සීහෙන ලෙස නිවැරදිව ගණ පිහිටුවා අර්ථවත් නමක්‌ තැබිය යුතුය. මෙම නම් තැබීම පිළිබඳව අපට බෞද්ධ ඉතිහාසය තුළද කරුණු අසන්නට ලැබේ. අලුත උපන් දරුවෙකුට නමක්‌ තැබීමේදී එය ඉතාමත්ම සුපරීක්‌ෂාකාරීව කළ යුතු කටයුත්තකි. මූලිකවම දරුවා උපන් ජන්ම නැකත පදනම් කොට ගැනීමෙන් නමක්‌ තැබිය යුතු අතර එසේ අපහසු අවස්‌ථා වල පමණක්‌ උපන් ලග්නයට හෝ උපන් දිනයට හිමි අක්‌ෂරයක්‌ ගෙන අර්ථාන්විත නමක්‌ තැබිය යුතුය. විශේෂයෙන් නම් තැබීමේදී ගණ පිළිබඳව සැලකිළිමත් වීම ප්‍රධාන සාධකයක්‌ වනු ඇත.

සුබ නැකතට නිවැරදිව ජීවම් කර පංචායුධයක්‌ කර පැළඳීම.

දරුවාට පංචායුධයක්‌ පැළඳීමද ඉතාම වැදගත් වන චාරිත්‍රයකි. විශේෂයෙන් නිවැරදිව ජීවම් කරන ලද පංචායුධයක්‌ දරුවා ඉපදී මාස 03 කට පසු දරුවාගේ ගෙලෙහි සුබ නැකතකට අනුව පැළඳිය යුතුය. එමගින් ඔබගේ සිඟිති දරුවාට ගුප්ත බලවේග වලින් මෙන්ම සියලු දෙයින් පිහිට ආරක්‌ෂාව ලැබෙනු ඇත.

සුබ නැකතට මංගල හිස කෙස්‌ රොද කැපීම.

ඔබගේ සිඟිති දුවගේ හෝ පුතුගේ මුල්ම හිස කෙස්‌ රොද කැපීම අපි මංගල හිස කෙස්‌ කැපීම ලෙස හඳුන්වමු . මෙහිදී මෙම කටයුත්ත සුබ නැකතකින් කළ යුතුය. එය ජ්‍යෙdතිෂ නියමයයි. එය මගහැර කටයුතු කිරීම තුළින් විවිධාකාරයේ බාධක එල්ල වනු ඇත. එයට හේතු වන්නේ අසුබ වේලාවක කෙස්‌ කැපීමෙන් දරුවාට කරදර ඇතිවේ යෑයි මතයක්‌ පුරාණයේ සිටම අප ජන සමාජය තුළ පැවතීමයි. එය අපට සරලව බැහැර කළ නොහැක. විශේෂයෙන් එසේ අසුබ වේලාවක මෙම කටයුත්ත සිදු කිරීම තුළ අනාගතයේ දරුවාට වචන උච්චාරණයේ දුබලතා, ගොත බව, ගොඵ බව, ඇති වේ යෑයි විශ්වාසයක්‌ අප සමාජය තුළ පවතී. එය අපට කිසිසේත් අසත්‍යක්‌ යෑයි බැහැර කළ නොහැක. මෙම මංගල කෙස්‌ රොද කැපීම දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින අවස්‌ථාවක හිරු අවරට යාමට පෙර සුබ වේලාවක සිදු කළ යුතුය. දරුවාගේ ජන්ම (උපන්) නැකතට ගැලපෙන එසේම නැකැත් වශයෙන් අස්‌විද, රෙහෙණ, මුවසිරස පුනාවස, පුෂ, උත්‍රපල්, හත, සිත, සා, සුවණ, දෙනට, සියාවස, රේවතී යන නැකතක්‌ යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බ්‍රහස්‌පතින්දා හා සිකුරාදා යන දිනයක්‌ මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. එසේම ලග්න වශයෙන් වෘෂභ, මිථුන කටක කන්‍යා තුළා ධනු මීන යන ලග්නයක්‌ තක්‌කාල ලග්නය ලෙස උදාව ඇති රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත. දරුවාගේ ජන්ම නැකත මේ සඳහා යොදා නොගත යුතුය. සුදු හඳුන්, විළඳ, පිචිච මල් මිශ්‍ර කරගත් පිරිසිදු දිය ස්‌වල්පයක්‌ හක්‌ ගෙඩියකට දමා එම හක්‌ ගෙඩිය දරුවාගේ හිස වටා තුන් වරක්‌ කරකවා එහි ඇති වතුර ස්‌වල්පයක්‌ දරුවාගේ හිස මුදුනට ඉසින්න. ඉන්පසු හිස මුදුනේ සිට හිස කෙස්‌ කැපිය යුතුය. කෙස්‌ රොද කීහිපයක්‌ කපා එය බැස යන ජලාශයකට දැමිය යුතුය. හිස කෙස්‌ කැපීමෙන් පසු දරුවා නාවා ගැනීම යහපත් වනු ඇත. මෙහිදී පිරිමි දරුවන්ට ඉපදී මාස 3, න් හෝ 5 න් ද ගැහැනු දරුවන්ට මාස 2, 4, 8 යන කාල සීමා ද හිස කෙස්‌ කැපීමට සුදුසු වේ.

ගැහැනු දරවන්ගේ කන් විදීම,

ගැහැනු දරුවන් වෙනුවෙන් පමණක්‌ සිදුකෙරෙන මෙම චාරිත්‍රය ඉතාමත් ම වැදගත් ය. මෙය ලේ වහනයකට සම්බන්ධ නිසාවෙන් ඉතා කල්පනාකාරීව හා නිවැරදි සුබ නැකතක කළ යුතුය. මෙම වාරිත්‍රය මේ අතර ප්‍රධාන එකකි. එය දුබල වුවහොත් දරුවාගේ අනාගත ගෘහ ජීවිතයට එය බලපාන බව අප ජන සමාජය තුළ ආකල්පයක්‌ හා විශ්වාසයක්‌ ඇත. මේ සඳහා නැකැත් යොදා ගැනීෙමීදී කනේ විස කලාව නැති දිනයක්‌ තෝරා ගත යුතු අතර විස කලාව පවතින විට කන් විදීම සිදුකළ විට කන්වල තුවාල හා කන් පෙති පැසවීම් ඇති වීමේ අවදානමක්‌ පවතිනු ඇත. මේ සඳහා හිරු අවරට යාමට පෙර සුබ වේලාවක්‌ මෙන්ම පංචාංගය සුබ පුර පස සඳුදා, බදාදා, බ්‍රහස්‌පතින්දා හා සිකුරාදා යන දිනයක්‌ යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. කන් විදින තැනැත්තා හෝ තැනැත්තිය මනා වූ දයා කරුණාවෙන් යුත් ඒ සඳහා පළපුරුද්දක්‌ ඇති අයෙකු විය යුතුය.

පළතුරු යුෂෙන් හෝ වෙනත් කිරි වර්ගයකින් පෝෂණය වූ දරුවා අප රටේ ප්‍රධාන ආහාරය වූ බත් හා ව්‍යාංජනයට හුරු වන ප්‍රථම අවස්‌ථාව ලෙස ඉඳුල් කට ගෑම හඳුන්වා දිය හැකිය. ඉහත සඳහන් අන් කරුණු සේම මෙහිදීද දරුවාගේ ජන්ම (උපන්) නැකතට ගැලපෙන එසේම නැකැත් වශයෙන් අස්‌විද, රෙහෙණ, පුනාවස, පුෂ, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, හත, සිත, සා, අනුර, සුවණ, දෙනට, සියාවස, රේවතී යන නැකතක්‌ යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බදාදා බ්‍රහස්‌පතින්දා හා සිකුරාදා යන දිනයක්‌ හා කාල හෝරාවක්‌ මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. මේ සඳහා හිරු අවරට යාමට පෙර සුබ වේලාවක්‌ මෙන්ම පංචාංගය සුබ පුර පස දිනයක්‌ මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. මෙහිදී පිරිමි දරුවන්ට ඉපදී මාස 10, න් හෝ 12/14 යන ඉරට්‌ටේ මාසවලද, ගැහැනු ළමයින්ට මාස 9, 11 ,13 යන ඔත්තේ මාසවල එම කාල සීමා ද යොදා ගත යුතුය.

ජීවිතයේ අත්‍යවශ්‍යම අංගය ආහාරය වන නිසාවෙන් මෙම කටයුත්ත දෙමාපියන් විසින් ඉතාමත් නිවැරදිවම ඉටු කළ යුතුය. නැකතට පෙර බුද්ධ පූජාව දරුවාට අත ගස්‌සවා පූජාකර බුදුන් වැඳිය යුතුය. ඒ සඳහා නිවැරදි වත් පිළිවෙත් අනුගමන කිරීම බෙහෙවින්ම සුබ දායක වනු ඇත. දරුවා නිරෝගීව සිටින අවස්‌ථාවක්‌ මේ සඳහා යොදා ගත යුතුය. පිරිසිදු ඇතිරිල්ලක්‌ නිවසේ මැද බිම එලා ඒ මත සියලු ආහාර ස්‌වල්පය බැගින් වෙන වෙනම තබන්න. කිරිබත්, කැවිලි වර්ග, කෙසෙල් හා වෙනත් පළතුරු වර්ග, රෙදි පිළි, රන් රිදී, ළමා පින්තූර, සෙල්ලම් බඩු ද එම ඇතිරිල්ල වටේ තබා නැකතට විනාඩියකට පෙර දරුවා ඒ මත තබන්න. දරුවා යමක්‌ රැගෙන කටේ තබා ගත හොත් එය සුදුසු සේ සැලකේ. නැතහොත් නැකැත් වේලාවට බත් ටිකකට කිරි හොදි ස්‌වල්පයක්‌ දමා පිඩු කොට පිරිමි දරුවෙකුට මව විසින්ද ගැහැනු දරුවෙකුට පියා විසින්ද කැවිය යුතුය.

සුබ නැකතට අකුරු කියවීම

මෙම චාරිත්‍රය දරුවෙකු ගේ ජීවිතයේ අතිශය වැදගත් වූ චාරිත්‍රයකි. එම දරුවා සමාජයේ යහපත් මෙන්ම දැන උගත්a පුරවැසියෙකු වීමට නම් ඉතාමත් සුබ වේලාවක මෙම කටයුත්ත ඉටු කළ යුතුය. මෙම චාරිත්‍රය එදා මෙන්ම අදත් සුබ වේලාවකට සිදු කිරීමට අප ජන සමාජය තුළ ඇත්තේ ඉමහත් වූ උනන්දුවකි. ඒ අනුව පුරාණයේ නම් දරුවාට අකුරු කියවීම යෙදී ඇති සුබ ෙවීලාව තුළ කැවුම් කිරිබත් ආදිය රැගෙන ගමේ පන්සලට හෝ අකුරු කියවන වියතාණන්ගේ නිවෙසට හෝ යාම සිරිතයි. ඒ අනුව ජ්‍යෙdතිෂානුකූලව දරුවාගේ ජන්ම නැකතට සීහෙන ලෙස යොදා ගත් සුබ වේලාව තුළ හාමුදුරුවන්ට හෝ ගුරුවරයාට බුලත් අතක්‌ පිළිගන්වන ළමයා ගුරුවරයාගේ දෙපා මත සිරස තබා පළමුව වදී. ඉන් අනතුරුව ගුරුවරයා විසින් ආදාල පොත දරුවා අත තබා "ස්‌වස්‌ති සිද්ධම්" (යහපතක්‌ම වේවා) යෑයි පවසා දරුවා පොතට වැඳීමෙන් අනතුරුව අකුරු කීපයක්‌ දරුවාට කියවා අකුරු කීපයක්‌ දරුවා ලවා ලියවනු ලබයි. මුල් කාලීනව මෙම කටයුත්ත ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා මූලික කොටගෙන සිදු වුවත් අදවන විට එය වෙනස්‌ව එය ගෙදරම වැඩිහිටියෙකු විසින් කරන තත්වයට පත් වී ඇත. කෙසේ වෙතත් මෙම සුබ කටයුත්ත දරුවාට හිතවත් උගත් බුද්ධිමත් ගුණ ගරුක වැඩිහිටියෙකු විසින් කළ යුතුය. අකුරු කියවීමට අස්‌විද, රෙහෙණ, මුවසිරස පුනාවස, පුෂ, හත, සිත, සා, අනුර, සුවණ, සියාවස, රේවතී යන නැකතක්‌ යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බ්‍රහස්‌පතින්දා හා සිකුරාදා යන දිනයක සුදුසු හෝරාවක සුදුසු පංචම කාල හෝරාවක්‌ මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. එසේම රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත. එසේම අට වැන්නේ කිසිම ග්‍රහයෙකු නැති උභය ලග්නයක්‌ උදා වූ වේලාවක මෙම නැකත සකස්‌ විය යුතුය. අකුරු කියවීම මුල් කාලීනව වයස අවුරුදු 05 ට පෙර සිදු කළ යුතු වුවද, වත්මනේ එය පෙරපාසල් සංස්‌කෘතියත් සමගින් වයස 03 ට පෙර කියවිය යුතු යෑයි මතයක්‌ ගොඩ නැගී ඇත.

අකුරු කියවීමේ අවස්‌ථාෙවීදී ගණ දෙවියන්ට විශේෂ ස්‌ථානයක්‌ හිමි වන අතර ධාරණ ශක්‌තිය ඇති වීම, සබකෝලය දුරු වීම, විභාග සම්මුඛ පරීක්‌ෂණ ආදියට පෙනී සිටීමට ආත්ම ධෛර්ය ඇතිවීම, ආදිය සඳහා ගණ දෙවි පූජාවක්‌ මගින් ආශිර්වාදය ලබා ගැනීම මෙම කටයුත්තේදී ඉතාමත් වැදගත් වනු ඇත.

අලුත උපන් සිගිති දරුවා වෙනුවෙන් ඉහත සඳහන් චාරිත්‍ර නිසිපරිදි ඉටු කිරීම දරුවාගේ මතු අනාගතය යහපත් වීමට හේතු වන බැවින් එම කටයුතු හරියාකාරව ඉටු කිරීම දෙමාපියන්aගේ යුතුකමකි.

"තසුනි" ජ්‍යෙdතිෂ සේවය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.