වලසුන් ගැන අපූරු තොරතුරු

ඇමරිකානු කළු වලසා (Ursus Amaricanus)

ඇමරිකානු කළු වලසාගේ නිජබිම ලෙස සැලකෙන්නේ උතුරු ඇමරිකාවයි. අවුරුදු 15 -20 දක්‌වා කාලයක්‌ ආයුෂ හිමි මෙම වැඩුණු වලසෙකු සාමාන්‍යයෙන් කි. ග්‍රෑ. 125- 150 දක්‌වා බරකින් යුක්‌තයි. අදින් වසර පන්දහකට පමණ පෙරදී ජීවත් වූ කළු වලසුන්ගේ ආදී නාමයන් පිළිබඳ තොරතුරු උතුරු ඇමරිකාවෙන් හමුවේ. කුඩා දැස රවුම් කන්, දුඹුරු පැහැගත් මුඛය සහ නාසය, කළු ලොමින් වැසුණු ශරීරයක්‌ හිමි මොවුන් බෙහෙවින්ම රෞද්‍ර පෙනුමකින් යුක්‌තය.

ආසියාතික කළු වලසා (Asiatic Black Bear)

ආසියාව නිජබිම කරගත් සර්ව භක්‍ෂක ආසියාතික කළු වලසාට අවුරුදු 25- 30 දක්‌වා දිගු ආයුෂ හිමිය. දකුණු ආසියාතික කඳුකර හා නිවර්ථන වනාන්තර තුළ නිවැසි මොවුන් නිශාචරයන්ය. වැඩුණු ආසියාතික පිරිමි කළු වලසකුගේ ශරීර බර කිලෝ ග්‍රෑම් 130 - 150 ක්‌ පමණ වේ. මොවුන්ගේ ශරීරය මීටර් 1.5 ක්‌ පමණ දිගු වේ.

දුඹුරු වලසා (Ursus Arctos)

මොවුන්ගේ නිජබිම ආසියාව, යුරෝපය හා උතුරු ඇමරිකාව දක්‌වා විහිදීමත් පෙන්වයි. අවුරුදු 20- 25 දක්‌වා ආයුෂ හිමි දුඹුරු වලසුන්ද සර්ව භක්‍ෂකයන්ය. පරිණත බවට පත් වූ දුඹුරු වලසකු කිලෝ ග්‍රෑම් 800 දක්‌වා ශරීර බරකින් යුක්‌තය. වලස්‌ විශේෂ අතරින් වඩාත් බිහිසුණු වලසා වන මොවුන් වැඩි වශයෙන් ජීවත් වන්නේ ඝන වනාන්තරවල හෝ කඳුකර බිම්වලය. දුඹුරු වලසකු කෙළින් සිටගත් විට උස මීටර් තුනකට ආසන්නය.

සන් වලසා (Helarcotos Malayanus)

සර්ව භක්‍ෂක සන් වලසාගේ නිජබිම ගිණිකොණ දිග ආසියාවයි. මොවුන්ගේ උපරිම ආයු කාලය වසර 20-25 දක්‌වා වේ. පරිණත වූ සන් වලසකු කිලෝ ග්‍රෑම් 50- 75 දක්‌වා බරකින් යුක්‌තය. වෙනත් වලසුන්ට සාපේක්‍ෂව සන් වලසාගේ කුඩා බව කැපී පෙනෙයි. පපුවේ සහ නාස්‌ විවරවලට උඩින් පවතින කහ පැහැ ලොම් පිහිටීමේ ලක්‍ෂණය නිසාත් කුඩා ශරීර නිසාත් සන් වලසා හඳුනා ගැනීම බෙහෙවින්ම පහසුය. කුඩා රවුම් කන් සහිත මොවුන් ඉතාම කලහකාරීය. ගස්‌ නැඟීමට රුසියන්ද වේ. මොවුන්ගේ ගහණය ඉතා අඩුය.

සුදු වලසා (Ursus Maritimus)

හිමෙන් පිරි ආක්‌ටික්‌ ප්‍රදේශවල ජීවත් වන මොවුන්ගේ නිජබිම වන්නේ රුසියාව, කැනඩාව හා ඇලස්‌කාවයි.

සියලු වලස්‌ වර්ග අතරින් විශාලතම වලස්‌ විශේෂය සුදු වලසුන්ය. මොවුන්ගේ සිරුර මීටර් 3 - 3.6 දක්‌වා පමණ දිගය පරිණත සුදු වලසකු කිලෝ ග්‍රෑම් 1000 ක්‌ පමණ බරකින් යුක්‌තය. මොවුන්ට ශරීර උෂ්ණත්වය ආරක්‍ෂා කර ගැනීමට උපකාර වන්නේ සුදු පැහැති ලෝම සහිත ඝනකමයි. සුදු වලසුන්ගේ පරිණාමය වසර මිලියන 20 ක පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. මුල්ම අවධියේ මොවුන්ගේ සිරුර සිවලෙකුට සමාන විය.

ක්‍රමයෙන් මාංශ පේශි ශක්‌තිමත් වෙමින් ශරීර දිග වර්ධනය වෙමින් පරිණාමය වූ සුදු වලසා අදින් වසර එක්‌ලක්‍ෂ පනස්‌ දහසකට පමණ පෙර අද දකින තත්ත්වයට පරිණාමය වූ බව සත්ව විද්‍යාඥයන්ගේ අදහසයි. ඉතා දක්‍ෂ පිහිනුම්කරුවන් වන මොවුන්ට පැයට කිලෝමීටර් 10 ක පමණ වේගයෙන් එක දිගට කිලෝ මීටර් 100 ක්‌ වුව පිහිනා යැමට හැකිය. ජීවත් වන ප්‍රදේශ අධික ශීතලෙන් යුක්‌ත වුවත් ශරීරයේ තැන්පත් වී ඇති ඝන මේද තට්‌ටුව ශරර උණුසුම රැක ගැනීමට මොවුන්ට විශාල දායකත්වයක්‌ ලබා දෙයි. පිහිනීමට සුපිරි දක්‍ෂකම් දැක්‌වුවත් අධික තරබාරු සිරුර වාරු කරගෙන ඉතා සෙමින් ඇවිදින මොවුන්ගේ ඇවිදීමේ වේගය පැයට කිලෝ මිටර් 4 - 5 ක්‌ පමණ වේ. එමෙන්ම කිසියම් හෝ ආකාරයකින් සුදු වලසුන්ට වේගයෙන් දිවීමට නම් නොහැකියි. හිම මත පැද්දෙමින් ඇවිදින මොවුන් දවසේ වැඩිම කාලයක්‌a ගතකරන්නේ නිද්දටයි. මෙම තත්ත්වයට මග පාදා ඇත්තේද ස්‌වභාවධර්මයයි. ආක්‌ටික්‌ ප්‍රදේශවල සුලබව කෑම සොයා ගත නොහැකි බැවින් ශරීරයේ පවතින ආහාර තුළින් ශරීර ශක්‌තිය රැක ගැනීමට දවසින් වැඩි කාලයක්‌ නින්දට වැටීම මොවුන්ට යහපත් ජීවිත ආරක්‍ෂාවකි. කුඩා රංචු ලෙස ජීවත් වන මොවුන් සුදුසු ආහාරයක්‌ ලැබුණු පසු සාමකාමී ලෙස බෙදාහදා ගෙන කෑමට හුරුවී සිටී. සුදු වලසුන් ප්‍රචණ්‌ඩ වන අවස්‌ථා දෙකකි.

Ö සහකාරියන් සොයා හිම අතරේ ඇවිද යන විට

Ö පැටවුන් වැදූ වලස්‌ මවක්‌ තම පැටවුන් රැක ගැනීමට

මොවුන්ගේ ප්‍රියතම ආහාරය වන්නේ ආක්‌ටික්‌ සීල් මසුන්ය. සීල් මත්ස්‍යයකු බුදින විට සුදු ලෝම පුරා බෙහෙවින් ම ලේ තැවරේ. ආහාර බුදීමෙන් පසු මොවුන්ගේ ලොකුම රාජකාරිය වන්නේ ලේ තැවරුණු ලෝම පිsරිසිදු කිරීමයි. හිම මත පෙරළී පෙරළී සිරුරු පිරිසිදු කරගන්නා මොවුන්ගේ එම ඉරියව් බෙහෙවින් ප්‍රියදසුනකි. ශරීරය පිරිසිදු කරගන්නා විටද, සහකාරිය තම වසඟයට ගැනීමටද සුදු හිම මත පෙරළෙමින් විනෝද වීම මොවුන්ගේ දිවිය පුරා කැපී පෙනෙයි. මෙහි අරුත නොදන්නා මුත් වැඩිහිටියන් අනුකරණය කරන හිම වලස්‌ පැටවුන්ගේ ද ප්‍රධාන විනෝදාංශය වන්නේ හිම මත පෙරළෙමින් විනෝදවීමයි.

මොවුන්ගේ සන්නිවේදනය ද ඉතා අපූරුය. තවත් සතෙකු සතු ආහාරයෙන් කොටසක්‌ ඉල්ලීම සඳහා අනුගමනය කරන්නේ අනෙකාගේ නාසය මත තම නාසය ඇතිල්ලීමයි. කෝපය ප්‍රකාශ කරන්නේ උස්‌ හඬින් හුස්‌ම ගැනීමෙන් හා ගෙරවීමෙනි. පැටවුන් වැදූ මව්වරුන් ද කෝප වූ විට, තදින් ගෙරවීම හා උස්‌ හඬින් හුස්‌ම ගැනීම සිදු කරයි. ගැහැනු සුදු වලසකු වසර හතරකින් පරිණත බවට පත් වේ. මොවුන්ගේ අභිජනන සමය අප්‍රේල්, මැයි කාලයයි. සහකරුවකු සොය ගන්නා වලස්‌ ෙනුව සති 2 -3 කාලයක්‌ සහකරුවා සමග වාසය කරයි. පිළිසිඳ ගැනීමක්‌ වූ විගස සති කීපයකට, අවශ්‍ය ආහාර ලබා ගැනීමට ඇයගේ සහකරුවා උපකාර සපයයි. පැටවුන් බිහි කිරීම සඳහා සුදුසු හිම බිමක අවපාතයක්‌ (බේසමක ආකාර වළක්‌) සකස්‌ කරන්නට සහකරුගේ මිතුරු සුදු වලසුන්ද උපකාර කිරීම මොවුන්ගේ දිවියේ එක්‌තරා විශේෂත්වයකි. ගර්භණී සමයේ වලස්‌ ෙනුවගේ හෘද ස්‌පන්දනය මිනිත්තුවකට වාර 48 - 27 දක්‌වා පහළ බසී. ඒ පැටවුන් බිහි කිරීමට අවශ්‍ය දේහ ශක්‌තිය ආරක්‍ෂා කර ගැනීමට ස්‌වාභාවිකව සිදුවන ක්‍රියාවලියක්‌ බව සත්ව විශේෂඥයන්ගෙත් මතයයි.

වලසුන් පිළිබඳ පොදු ලක්‍ෂණ

Ö වලසුන්ට ඉතාම හොඳ මතකයක්‌ හිමිය. වසර ගණනාවකට පෙර මුණගැසුණු වලසෙකු වුවත් ඔවුන්ට මතක තිබේ. ඉන්නා ඉසව්වේ සිට සැතපුම් 20 කට ඈතින් ඇති කෑමක්‌ හෝ විලෝපිකයන් (සතුරන්) හෝ තම පැටවුන් හෝ සහකාරියන් සහ සහකරුවන් හෝ හඳුනා ගන්නට පවා ශක්‌තිමත් ඉවක්‌ වලසුන් සතුය.

Ö වලසා බුද්ධිමත් ක්‍ෂීරපායි සතෙකි. මිනිසුන් විසින් අටවන උගුල්වලට අසු නොවී ඒවා මතට ගල් පෙරළා ඇම ලෙස තබා එහි කෑම ආහාරයට ගන්නට තරම් ශූරයන්ය.

Ö වලස්‌ ෙනුවක්‌ ගර්භනී වූ පසු කලලයේ වර්ධණය මාස කීපයකට නවතී. මේ අවධියේදී වලස්‌ ෙනුවගේ සිරුරේ බර වැඩි වේ. එවැනි බර වැඩිවීම සිදුවෙමින් පසු කලලය නැවත නැවතත් වර්ධනය වීම අරඹයි. සිරුරේ බර වැඩි නොවුණහොත් කලලය නොවැඩි යහපත් වලස්‌ දරු උපතක්‌ සිදු නොවේ.

Ö වලසුන් නිද්‍රd සහගත වන අවස්‌ථාවල ඔවුන්ගේ සිරුරේ පවතින අපද්‍රව්‍ය ප්‍රොaටීන බවට පත් වී ශරීරයට ශක්‌තිය ලබාදෙයි. ආහාර ඉතා හිඟ ආක්‌ටික්‌ ප්‍රදේශවල ජීවත් වන සුදු වලසාට මෙය ස්‌වභාවධර්මයේ අමිල දායාදයකි.

වලසුන් විශේෂවලට ආවේණික තොරතුරු -

Ö ගොඩබිම වාසය කරන විශාලතම මාංශ භක්‍ෂක ක්‍ෂීරපායි සත්වයා සුදු වලසාය.

Ö සුදු වලසුන්ගේ සම කළු පැහැතිය. රෝමවල වර්ණක නැත. ආලෝකය පරාවර්ථනය වීම නිසා මෙම අවර්ණ රෝම සුදු පාටින් දිස්‌ වේ.

Ö කෝලා වලසා (Koala Bear) වලසුන්ට පොදු BEAR නාමය ගත්තද විද්‍යාත්මක වර්ගීකරණයට අනුව Phascolarctos Cinereus යනුවෙන් සත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ජීවීන් වලස්‌ ගණයට අයත් නොවේ.

Ö සන් වලසා ප්‍රමාණයෙන් කුඩාම වලස්‌ විශේෂයකි. එහෙත් වලසුන් අතරින් දිගම රදනක දත් පිහිටන්නේ සන් වලසුන්ටය. ඔවුන්ගේ රදනක දතක දිග සෙ. මී. 12 කට ආසන්නය.

Ö සුදු වලසුන්ගේ අක්‌මාවේ අන්තර්ගත රසායනික ශ්‍රාවය මිනිස්‌ සිරුරකට ඇතුළු වුවහොත් මරණය ස්‌ථිරය. වලසාට හානිදායක නොවුණත් එම රසායනික ශ්‍රාවය මිනිසුන්ට අධිකව විෂ පොවයි.

Ö පැන්ඩා වලසුන්ට යෙදෙන අන්වර්තනාමයකි. "යෝධ බළල් වලසා" (Big Cat Bear) එලෙස අන්වර්ථ නාමයක්‌ යෙදීමට හේතු වන්නේ පැන්ඩාවන්ගේ ඇසෙහි තිබෙන්නේ සිරස්‌ දික්‌ සිදුරක්‌ සහිත කණිකාවක්‌ වීම නිසයි. ඔවුන්ගේ ළඟ පෙනීම ඉතාම යහපත්ය. සීමිත වර්ණ සංඛ්‍යාවක්‌ පමණක්‌ පෙනෙයි.

Ö පැන්ඩා වලසකුගේ බර ග්‍රෑම් 100 - 112 ක්‌ පමණ වේ. (අවුන්ස හතරක්‌ පමණ)

රඹුක්‌කන කීර්ති එස්‌. කුමාර
(The Animal's ඇසුරිනි)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.