රජය විදෙස්‌ රටවල් සනසවන්න කටයුතු කරනවානම් බෞද්ධයන්ට කිසිදා සෙතක්‌ වන්නේ නැහැ
ගලගොඩඅත්තේ ඥානසාර

සිරිමන්ත රත්නසේකර

යහපාලන රජය බටහිර රටවල් ඇතුළු විදෙස්‌ රටවල් සනසවන්න කටයුතු කරන්නේ නම් කිසිදා බෞද්ධයන්ට සෙතක්‌ සිදු නොවනු ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිsමියෝ පැවැසූහ.

රට යන විදිහට ඉදිරියට ගියහොත් ඉදිරියේදී බණක්‌ කියන්නත් අවසර ගැනීමට සිදුවනු ඇති බවත් උන්වහන්සේ කීහ.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (07 දා) එම අදහස්‌ පළ කළේ කිරුළපන පිහිටි බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවෙහි අදහස්‌ දක්‌වමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඥානසාර හිsමියෝ මෙසේද පැවැසූහ.

එක්‌තරා ඌරු පෝතකයෙක්‌ පසුගියදා කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතාබහක්‌ ඇතිවෙලා තිබෙනවා.

පසුගිය වෙසක්‌ පෝය දින මහියංගනයේදී බෞද්ධ කොඩි ගණනාවක්‌ ගිනි තබා තිබුණා. නමුත් අපේ රටේ පාලකයන්ට, අපේ ආගමික නායකයන්ට ඒ ගැන දැනුණද? මාධ්‍ය එය නිසි ලෙස විකාශය කළාද? මීට වසර දෙකකට පෙර පොසොන් පෝය දින දර්ගා නගරයේදී බණකට වඩින හාමුදුරුකෙනෙකුට පහරදෙනවා. ඊට පසු දෙවසරකට පසු මහියංගනයේදී මෙම බෞද්ධ කොඩි ගිනිතැබීම සිදුවෙනවා. අපිට ඊළඟට අහන්න තියෙන්නේ ලබන වෙසක්‌ පෝය දවසට ඔවුන් පන්සල් කඩාබිඳ දමනකන් කියලයි.

මහියංගනයේ සිදුවුණේ කුමක්‌ද? ගෙරිමස්‌ අනුභවයේ ආදීනව ගැන එහි පන්සලක භික්‌ෂූන්වහන්සේ නමක්‌ බණක්‌ පැවැත්වූවා. ඊට එරෙහිවයි මුස්‌ලිම් පිරිස්‌ මේ බෞද්ධ කොඩි ගිනි තැබුවේ. ඒ ගැන විරෝධය පළ කරන්න හාමුදුරුවරු නිහඬ විරෝධයක්‌ පළ කළා. අපි ඒ දෙයටයි සහාය පළ කළේ. එහිදී මම කිව්වේ හරි හැටි නීතිය ක්‍රියාත්මක නොකළහොත් අලුත්ගම වගේ මෙහෙත් කරන්න එපා කියලා. ඔය කතාවයි මේ වී තිබෙන්නේ.

මෙහෙම ගියොත් බණ කියන්නත් අපිට අවසර ගන්න වෙයි. අපි මේ සටන මතවාදයෙන් ජයග්‍රහණය කරනවා. අපි මේ සූකර පෝතකයාට වෛර කරන්නේ නැහැ. බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ දෙයමයි.

මුස්‌ලිම් සමාජයෙන් බෞද්ධන්ට වන හිරිහැර කතා කරන්නේ කවුද? රටේ පාලකයන්ට මේ ගැන වගේ වගක්‌ නැහැ. ආණ්‌ඩු තිබෙන්නේ පාරවල් හදන්න පමණක්‌ නොවෙයි. අපේ පාලකයෝ විදෙස්‌ රටවල් සතුටු කරන්න වැඩ කරනවානම් අපේ බෞද්ධයන්ට කවදාවත් සෙතක්‌ වන්නේ නැහැ.

ඇතැම් වහාබ්වාදී තරුණ කොටස්‌ අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය සමග සම්බන්ධකම් තිබෙන බව අපි වසර කිහිපයකට පෙර පැවැසුවා. පාලකයෝ කිව්වේ නැහැ. එහෙම එකක්‌ නැහැ. ඥනසාර හිමි නෝර්වේ සල්ලි අරන් කුමන්ත්‍රණයක්‌ කරන බවයි. නමුත් අද ඇත්ත හෙළි වී තිබෙනවා.

අසාද් සාලි කියා තිබුණේ නබි නායකගේ නමවත් ඥනසාරට කියන්න බැහැ කියලයි. ඒ අය ඔවුන්ගේ ආගම රැකගන්න ඕනෑම දෙයක්‌ කරනවා. මේ රකුසාගෙන් රට රැකගත යුතුයි. අපි කරන්න ඕන අසාද් සාලි කියන එකද?

මිත්‍යාදෘෂ්ඨියයි සම්මාදෘෂ්ඨියයි අතර වෙනස ගැන විවාදයකට එන්න කියලා අපි අභියෝග කරනවා. ඉස්‌ලාමය ගැන ටියුෂන් දෙන්න අපි ලෑස්‌තියි. මාධ්‍ය මොන වාරණ දැම්මත් අපගේ සුපටිපන්න ගුණය වට්‌ටවන්න කාටවත් බැහැ. එහෙම වුණොත් ගෙයක්‌ ගෙයක්‌ ගානේ ගොස්‌ මුස්‌ලිම් ව්‍යාපාර වට්‌ටවන්න කටයුතු කරනවා.

වත්මන් ආණ්‌ඩුවට හැටදෙලක්‌ෂයක්‌ ජනතාව ඡන්දය දුන්නේ සිංහල මුස්‌ලිම් ජනතාවට ටොකු අන්නවන්න කියලා කවුරු හරි හිතනවා නම් එය විශාල වරදක්‌. අපිට අනාගතයේදී වැරදිකාරයෝ වන්න බැහැ.

මෙහිදී අදහස්‌ දැක්‌ වූ බොදු බලසේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා මෙසේද පැවැසීය.

මරාගෙන මැරෙන ප්‍රකාශය කළ අසාද් සාලි මහතාව අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගත යුතුයි. එසේම ඔහු දරනා සියලු තනතුරු අහෝසි කළ යුතුයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.