ටොයිලට්‌ යන්න ලංකාවට එන්න!

මෙයට අවුරුදු දශලක්‍ෂ 300 කට පෙර ලෝකයේ තිබුණේ එකම එක සුවිශාල මහාද්වීපයක්‌ පමණක්‌ බව විශ්වාස කරනු ලැබේ. පැන්ජියාව (Pangea රැ Pangaea) ලෙස හඳුන්වන ලද එම සුවිශාල මහාද්වීපය තුළ අද තිබෙන මහාද්වීප සියල්ල, එනම් ආසියාව, අප්‍රිකාව, යුරෝපය, ඇමරිකා මහාද්වීප දෙක, ඔස්‌ටේ්‍රලියාව මෙන්ම සියලු පුංචි පුංචි දූපත් ද එක මිටට කැටි වී තිබිණි.

වසර දශලක්‍ෂ 175 කට පෙර පැන්ජියාව කැබලිවලට කැඩෙන්නට පටන් ගත්තේ ය. ඉන්පසු මෙසේ කැඩුණු කැබලි සාගරය පුරා පාවෙන්නට පටන් ගත්තේ ය. අන්තිමට ඒ කැබලි සයුරු තලය මත එක්‌ එක්‌ තැන්වල තහවුරු විය. එසේ තහවුරු වූ බිම් කැබලි අද අප හඳුන්වනු ලබන්නේ මහාද්වීප නමින් ය.

මේ භෞමික තහවුරුවේදී ඉතා නරක දේවල් රැසක්‌ සිදු විය. ඉන් නරකම එකක්‌ වූයේ ඉන්දියාවට පහළින්a, එරටට සැතපුම් 20 ක්‌ ළඟින් ලංකාව පිහිටීම ය. මේ පිහිටීම නිසා ලංකාවට ලැබුණේ එකම එක හොඳ දෙයක්‌ පමණි. ඒ වූ කලී බුදු දහමය. ඒ හැරෙන්නට විජය කුමාරයා ලංකාවට ආවා නම්, ඒ කතාව ඇත්තක්‌ නම්, ඒ දවසේ සිට ඉන්දියානු ව්‍යාප්තවාදය නිසා අපට හරියට කරදර සිද්ධ විය. ඉන්දියානු ආක්‍රමණික රජවරු නිතරම ලංකාවට පහර දුන්හ. ඉන්දියන් හොර වැසියන් මෙහි පැමිණීමත්, ඉන්දියන් හොරබඩු අපේ වෙළෙඳපොළට රිංගා ඒමත් නිතර නිතර සිදුÊවිය. කොටි සංවිධානය දිගු කලක්‌ යන තුරාම යුද පුහුණුව ලද්දේ ඉන්දියාවේ සෑදූ කඳවුරු තුළ සිට ය.

ප්‍රභාකරන්ගේ යුද්ධය නිම වීම යනු ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදයේ අවසානය යි. දෙදහස්‌ නවයේදී යුද්ධය නිම වූ විට අනේ ඉතින් රට නිදහස්‌ වූයේ යෑයි සිතමින් අපි සතුටු වුණෙමුq. එහෙත් ඒ සතුට පැවැතියේ මඳ කලක්‌ පමණි. ඔන්න යළිත් ඉන්දියාව අපට කරදර කරන්නට පටන් ගෙන තිබේ.

කරදර එනවිට එන්නේ zරබ කිඳ රබන් කිකිඳZ යනාදි වශයෙන් ගීත කියාගෙන නටාගෙන ය. ඉමහත් සතුටිනි. කරදරය ලබන එකා ඉන්නේ ඉමහත් දුකිනි. මෙවර ඉන්දියාව අපේ ඇඟ මතට අතහරින්නට යන කරදරය ETCA ය. එට්‌කා යනු ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කරන්නට යන වෙළෙඳ ගිවිසුමකි. මේ ගිවිසුමට අනුව ඉන්දියාවේ බඩු ලංකාවටත්, ලංකාවේ බඩු ඉන්දියාවටත් නිදහසේ විකුණන්නට අවකාශ ලැබෙයි. එහෙත් ඉන්දියාව විශාල µqට්‌බෝල් පිට්‌ටනියක්‌ නිසාත්, ලංකාව පර්චස්‌ එකක්‌ නිසාත්, අවසානයේදී විකුණුම්කරුවා වීමට ඉන්දියාවටත්, ගැනුම්කරුවා පමණක්‌ වීමට ලංකාවටත් සිදුවෙයි. මේ වර්ගයේ ගිවිසුමක්‌ 2003 අවුරුද්දේ රනිල් - චJද්‍රිකා යුවළ රට කළ සමයේදීත් ක්‍රියාත්මක කරන්නට ගොස්‌ අසාර්ථක විය. 1988 දීත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙවැනි ගිවිසුමක්‌ විය. ඉන් වසර 15 කට පසු එහි ශේෂ පත්‍රය ගෙන බලන විට පෙනී ගියේ ඉන්දියාව ඩොලර් දශලක්‍ෂ 4023 ක බඩු අපට විකුණා ඇති බවත්, ලංකාව ඒ මුළු කාලය තුළ ම ඉන්දියාවට විකුණා ඇත්තේ ඩොලර් දශලක්‍ෂ 625 ක්‌ වටිනා බඩු පමණක්‌ බවත් ය. ඉන්දියාවට තේ යවන්නට ලංකාවට බැරි ය. මන්ද ඉන්දියාවේත් තේ තිබෙන බැවින් ය. ලංකාවේ තේ ඉන්දියන් තේ වලට වඩා හොඳ බැවින්ය. අපේ හොඳ තේ ඉන්දියාවට ගිය විට ඔවුන්ගේ නරක තේ පෝර වලට පමණක්‌ සුදුසු වන බැවින් ය. මේ නිසා ලංකාවේ තේ ඉන්දියාව නො ගනී. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මෙන් දෙගුණයක ඉන්දීය ජනගහනයකට රැකියා නැත. ක්‌ලාක්‌ලා 335 ක්‌ බඳවා ගැනීම සඳහා ඉන්දියන් රජය අයෑදුම් පත් කැඳවූ විට ඉන්දියානුවන් තිස්‌ ලක්‍ෂයක්‌ එයට අයෑදුම් කළ අවස්‌ථා තිබේ. එට්‌කා ගිවිසුම යටතේ ඉන්දියානුවන්ට මෙහි පැමිණ ඇතැම් ක්‍ෂේත්‍රවල රැකියා කරන්නට ඉඩ ලැබෙයි. අපේ අයියලා රුපියල් 50,000 ක වැටුපට කරන රැකියාවට ඉන්දියන් කාරයා එන්නේ රුපියල් විසිදහසක්‌ ගෙවන විට එයත් වැඩි බව කියමිනි. ඉන්දියාවේ වැසිකිළි ඇත්තේ එරට ජනගහනයෙන් 50% කට පමණි. වැසිකිළි නැත්තෝ බැද්දට ගොස්‌ පහත් වෙතිá රේල් පාරේ ඉඳ ගනිතිá වෙරළට ගොස්‌ බර තුරන් කර ගනිති. එට්‌කා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් වැසිකිළි යැමට පවා ඉන්දියානුවන් ලංකාවට නො එතියි සහතිකයක්‌ දිය හැක්‌කේ කාටද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.