අතුරුදන් වූවන්ගේ ඇත්තම කතාව!

කීර්ති වර්ණකුලසූරිය

ඉරාකයේ දස ලක්‍ෂයකට අධික සිවිල් ජනතාවක්‌ අතුරුදන් වී ඇත
- එක්‌සත් ජාතීන්ගේ වාර්තාව

ඇµaගනිස්‌ථානයේ දසලක්‍ෂයක්‌ අතුරුදන්වී තිබේ
- වොෂින්ටන් පෝස්‌ට්‌ කෙයින් සෙටිප්ගේ වාර්තාව

එල්සැල්වදොaරයේ හයදහස්‌ පන්සියයකට අධික පිරිසකට සිදුවූ දෙයක්‌ නොදනී
- හානා ස්‌ටෝනිගේ විමර්ශන වාර්තාව සහ

ශ්‍රී ලංකාවේ 16000 කට අධික සංඛ්‍යාවක්‌ අතුරුදන්වී ඇත
- අන්තර්ජාතික රතුකුරුස සංවිධානයේ අලුත්ම වාර්තාව

 

2015 වසරේ සැප්තැම්බර් මස අග භාගයේදී ජිනීවා මානව හිමිකම් සමුළුව විසින් ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලියට සම්බන්ධ ඒකාබද්ධ යෝජනාව මත දේශීය යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය පොරොන්දු වී තිබිණි. එහි මුල් පියවරක්‌ ලෙස අතුරුදන් වූවන් පිළිබඳව කටයුතු කිරීමට විශේෂ කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක්‌ රජය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. මෙම පනත් කෙටුම්පත පිහිටුවීට , පරිපාලනය කිරීම සහ එහි කාර්යයන් ඉටු කිරීම යන අංශවලින් සමන්විත වී තිබේ. එහෙත් ආසියාවේ කිසිදු රටක්‌ අද වනතෙක්‌ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ පිහිටුවීමට ක්‍රියා කර නැත. එසේම නේටෝ සංවිධානයට අයත් රටවල් ද අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලයක්‌ ස්‌ථාපිත කර අතුරුදන්වූවන් සෙවීම ආරම්භ කර නැත.

මේ පසුබිම මැද වන්නි මෙහෙයුමක්‌ ආරම්භ වී අවසන් වීමත් සමගම ලක්‍ෂ ගණනක ද්‍රවිඩ සිවිල් වැසියන් අතුරුදන් වූ බවට කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාව සහ රාජ්‍ය නොවන සංවිධාන එක්‌ව අතිශයෝක්‌තියෙන් යුත් ප්‍රචාරයක්‌ දියත් කළහ. එහෙත් මේ අතුරුදන් වූවන් කවුරුන්ද ඔවුන් පදිංචිව සිටියේ කුමන නගරයක හෝ ගම්මානයක ද සහ ඔවුන්ගේ ඥතීන් කවුද සහ අතුරුදන් වූයේ කවුරුද යන තොරතුරු එකී ප්‍රචාරය දියත් කළ පිරිස්‌ ඉදිරිපත් කළේ නැත.

අද අපි හෙළි කරන්නේ ලක්‍ෂ ගණනින් අතුරුදන් වූ බව කියන ද්‍රවිඩ සිවිල් වැසියන් පිළිබඳ ඇත්ත කතාවයි. මෙහි දැක්‌වෙන්නේ වන්නි මෙහෙයුම හෝ ද්‍රවිඩ සිවිල් වැසියන් අතුරුදන්වීම සියෑසින් නුදුටු පාර්ශ්ව ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛනයි.

1. හිටපු බීබීසී වාර්තාකාරී - ප්‍රැන්සිස්‌ හැරිසන් - 147000

2.චැනල් ෙµda අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ - 70000

3. මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් - 140000

4. රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සංවිධානයේ ප්‍රධානි රුද්රකුමාරන් - 2,00000

5. එක්‌සත් ජාතීන්ගේ හිටපු නියෝජිත ගෝඩන් වෙයිස්‌ - 40000 යි

6. කොටින්ගේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවි - 6372 යි

7. එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකා - 100000

8.යස්‌මින් සුකාගේ තවත් වාර්තාවක්‌ - අතුරුදන් කොටි හමුදා නායකයන් - 220

එහෙත් වන්නි මෙහෙයුම අවසන් වී වසර 7 ක්‌ ගත වන අවස්‌ථාවේ අතුරුදන් වූ බව කියන කොටි එකිනෙකා මතුවී ඇත. එහෙත් යස්‌මින් සුකා එම කොටි කවුදැයි හෙළි කරන්නේ නැත. කොටින්ගේ මාලති - සොතියා - ඉම්රාන් පාන්aඩියන් සහ රාධා යන බළකායන්හි සේවය කළ කොටිද නිදර්ශනම් රූපවාහිනි සේවාවේ, ටොසී බුද්ධි සේවාවේ සහ පරිගණක අංශයේ සේවය කළ කොටි 74 ක්‌ යුරෝපා රටවල සිටින බව යස්‌මින් සුකා හෙළි කර ඇත. එසේ නම් මොවුන් අතුරුදන් වූවන් නොවේද? මෑතකදී කොටි වෛද්‍යවරයකු වූ නවරන්ජන් හෙවත් උයර්චි නමැත්තා ලන්ඩන් නුවරින් මතු විය.

ඇලන් නමින් හඳුන්වන කොටි රෝහලේ තමා සේවය කළ බව පවසා ඇති නවරන්ජන්, කොටි පැවැත්වූ වෛද්‍ය විභාගවලින් සමත් වූවෙක්‌ යෑයි හෙළි වී ඇත. තමා මුහුදු කොටි නායක සුසෙයි සහ කොටි කර්නල් සොර්නාමිට ප්‍රතිකාර කළ බවද තම පියා වූ ඒජිත්ත්‍රා 2009 මැයි මස අවසාන සතියේදී හමුදාවට අසු නොවී සයනයිඩ් කා මියගිය බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ කොටි වෛද්‍යවරයා තමාගේ ඥතීන් කවුද සහ පදිංචි වී සිටියේ කුමන ස්‌ථානයක දැයි හෙළි කර නැත.

වෛද්‍ය නවරංජන් තවදුරටත් පවසා ඇත්තේ ප්‍රැන්සිස්‌ පියතුමා සමග කොටි සාමාජිකයන් පිරිසක්‌ සුදු කොඩි ඔසවා යටත් වූ බවට තමාට සවනය වූ බවත් එහෙත් සුදු කොඩි ඔසවාගෙන එන කිසිවෙක්‌ නුදුටු බවයි.

එසේම පුනරුත්ථාපන කඳවුරේ සිටි තමා ඒජන්තවරයකුට රුපියල් ලක්‍ෂ 03 ක්‌ ලබාදී නිදහස්‌ වූ බවද කොටි වෛද්‍ය නවරන්ජන් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

සංචාරක ඒජන්තවරයා තම ගමන්බලපත්‍රය ප්‍රවේශ පත්‍රය හා වීසා බලපත්‍රය ලබාදී කෙන්යාව හරහා බ්‍රිතාන්‍යයට යවනු ලැබූ බවද හෙතෙම හෙළි කර ඇත.

2012 දී තමා බ්‍රිතාන්‍යයේ පදිංචි වූ බවද කොටි වෛද්‍යවරයා කියා සිsටියේය. ඒජන්තවරයකුට අල්ලස්‌ දී මෙරටින් පැනගත් බව කියන කොටි වෛද්‍ය නවරන්ජන් ද අතුරුදන්වූ අයෙකි. එහෙත් ඔහු 2016 මැයි මස යළි මතුවිය.

මෙයට පෙර නෝර්වේහි ආප්ටන්පෝස්‌ටන් පුවත්පත පැවසුවේ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය ප්‍රධාන පෙළේ කොටි ක්‍රියාකාරීන් රැසක්‌ තානාපති වරප්‍රසාද මත නෝර්වේ වෙත යෑවූ බවයි.

අතුරුදන් වූ කොටි ක්‍රියාකාරීන් හිටිහැටියේ මතුවන අවස්‌ථාවේ විදේශ පාර්ශ්ව මියගිය ද්‍රවිඩයන් පිළිබඳව විවිධ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර තිබේ. මේ ඊට නිදසුන්ය.

1. මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ - 40000

(කොන්ග්‍රස්‌ මණ්‌ඩලය හමුවේ කළ ප්‍රකාශය)

2. බ්‍රිතාන්‍යයේ ඊළාම්වාදී මන්ත්‍රිනී - සියොබ්හාන් මැක්‌ඩොනා - 100000 ක්‌ මියගියා (40000 ක්‌ සිවිල් වැසියන්)

3. චාල්aස්‌ පෙට්‌රි - එක්‌සත් ජාතීන්ගේ වාර්තාව - 70000 ක්‌ මියගියා

4. ලන්ඩන් නුවර ටයිම්ස්‌ පුවත්පත - 20000 ක්‌ මියගියා

5. ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය - මියගිය සංඛ්‍යාව 40000

6. ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෘප් අධ්‍යක්‍ෂ - 40000 - 147000 ක්‌ අතර ද්‍රවිඩයන් මියගියා.

7. බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත - 2011 ජුනි 15 - 40000 ක්‌ මරුට

8. ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ගුරුවරු ගුරුවරියන් යොදවා පැවැත්වූ සංගණනය - 2012 පෙබරවාරි, මාර්තු මියගිය සංඛ්‍යාව 7432 යි.

එහෙත් මරුමුවට පත් වූ බව කියන ද්‍රවිඩ සිවිල් වැසියන්ගේ ඇටසැකිලි හමුවී නැත. චැනල් ෙµda හෝ කොටි හිතවාදී පාර්ශ්වවලට අද වන තෙක්‌ හමුදා සෙබළු සිවිල් වැසියන්ගේ සිරුරු වළ දමන අයුරු හෝ පුළුස්‌සා දමන අයුරු දැක්‌වෙන ඡායාරූප හෝ වීඩියෝ පට ඉදිරිපත් කිරීමට හෝ ප්‍රචාරය කිරීමට නොහැකිවී ඇත.

එසේම ඇමරිකානු අධි තාක්‍ෂණික චන්ද්‍රිකා පවා ද්‍රවිඩ සිවිල් වැසියන්ගේ සිරුරු වළ දමා ඇති ස්‌ථාන සොයාගෙන නැත.

මේ අතර 2009 සැප්තැම්බර් මස ශ්‍රී ලංකා හමුදාව කොටින්ගේ වන්නි ටෙක්‌ පරිගණක ආයතනයේ ප්‍රධානි ත්‍යාගරාජා මරා පුළුස්‌සා දමා ඇති බවට ප්‍රචාරය විය. මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ද ඊට සම්බන්ධ වී එම ප්‍රචාරය සත්‍ය බව කීවේය. එහෙත් 2014 සැප්තැම්බර්Êමස තමිල්නාඩු පොලිසිය ත්‍යාගරාජා සහ පවුලේ අය තමිල්නාඩුවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

1991 වසරේÊසැප්තැම්බර් 8 දා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග ඇති වූ සටනේදී කලෙයිවානි හෙවත් අකිනෝ ඇතුළු කොටි ක්‍රියාකාරීන් හත්දෙනෙක්‌ මියගිය බව කොටි සංවිධානය නිවේදනය කර තිබුණි.

එහෙත් මියගිය බවට ප්‍රචාරය වූ අකිනෝ යනු හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමට ක්‍රියා කළ ධනු නමැති කොටි මරාගෙන මැරෙන බෝම්බ කාරිය බව තමිල්නාඩු විශේෂ විමර්ශන ඒකකය සොයාගනු ලැබිණි. 2015 මැයි මස පැවැති කෑන්ස්‌ චිත්‍රපට උළෙලේදී දීපම් නමැති චිත්‍රපටයේ රඟපෑ අග්නෝනිද්‍රසන් ඡේසුද්‍රසන් නමැති නළුවෙක්‌ මතුවිය. තමා හිටපු කොටි ක්‍රියාකාරියකු බව ඔහු පිළිගත්තේය. ඡේසුදාසන් ද අතුරුදන් වූවෙකි.

එසේම ප්‍රංශ පොලිසියට පැමිණි ධර්මලිංගම් නමැති කොටි ත්‍රස්‌තයා ඉන්ටර්පෝල් පොලිසියටද අවශ්‍ය වූවෙකි. ඔහුද අතුරුදන් වූවන්ගේ ලැයිස්‌තුවට ඇතුළත් වී තිබුණි.

එහෙත් ප්‍රංශ පොලිසිය ධර්මලිංගම් ඇප මත මුදා හැරියේය. මේ අතර අතුරුදන් බව කියන කොටි හා ද්‍රවිඩ සිවිල් වැසියන් රටවල් රැසක දේශපාලන රැකවරණ ලබා ඇත.

නෝර්වේ, ස්‌වීඩනය,

පින්ලන්තය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඔස්‌ටි්‍රයාව, ඉතාලිය, ස්‌විට්‌සර්ලන්තය, කැනඩාව, ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල මොවුන් ජීවත් වේ.

මෙම රටවල පදිංචි ශ්‍රී ලාංකික ද්‍රවිඩයන්ගේ අනන්‍යතාවය කිසිදු රටක්‌ හෙළි කරන්නේ නැත. එසේ නම් අතරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයට අතුරුදන් වූවන් සෙවිය හැකිද?

එසේ වුවත් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක්‌ අතුරුදන්වූ මේ ඇත්තේ ශ්‍රී ලංකාව බවට දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් ප්‍රචාරය කර ඇත. එහෙත් ඉරාක සිවිල් වැසියන් මිලියනයක්‌ අතුරුදන් වී ඇති බවට එක්‌සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවක්‌ විසින් හෙළි කර තිබේ. මේ සම්බන්ධයෙන් වගවීමේ යාන්ත්‍රණයක්‌ හෝ අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීමට ඉරාක රජයහෝ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් උපදෙස්‌ දී නැත.

ඉරාක සිවිල් වැසියන්ගේ අතුරුදන් වීමට හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ප්‍රමුඛ එවකට පැවැති රජය වගකිවයුතු බව තහවුරු වී ඇතත් මානව හිමිකම් කවුන්සිලය නිහඬ වී ඇත.

පසුගිය ජුලි 6 දා චිල්කොට්‌ විමර්ශන වාර්තාවෙන් මේ බව අනාවරණය වූ අතර ඒ ගැන හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හා වත්මන් අගමැතිනි තෙරේසා මේ සහ ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

එහෙත් විටින්විට ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු නියෝජිතයන් වූ ටොම් මලිනොවස්‌කි හා නිශා බිස්‌වාල් ශ්‍රී ලංකාව වගවීමේ යාන්ත්‍රණය ගැන ක්‍රියා කළ යුතු බව කියා සිටී.

මෙහිදී ඉරාකයේ සිවිල් වැසියන් ලක්‍ෂ ගණනක්‌ මරුමුවට පත්වීම හා අතුරුදන් වීම ගැන හඬක්‌ නොනැඟෙන්නේ ටෝනි බ්ලෙයාර් සහ ජෝර්ඡ් බුෂ් "අපේ එවුන්" යෑයි හැඟිමෙන් යුතුව බ්‍රිතාන්‍ය හා ඇමරිකානු දේශපාලකයන් ක්‍රියා කිරීමයි.

මේ අතර ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවේ සෙබලුන් හා නිලධාරීන් 5801 ක්‌ ද අතුරුදන්වී ඇති බව අන්තර් ජාතික රතුකුරස සංවිධානය අනාවරණය වී ඇත.

ඊට පෙර 1990 ජුනි මස නැගෙනහිර පළාතේදී පොලිස්‌ භටයන් 600 ක්‌ අතුරුදන් විය. ඒ ගැන සෙවීමේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ හෝ පූර්ණ පරීක්‍ෂණයක්‌ පැවැත්වූයේ නැත. එම පොලිස්‌ භටයන් අතුරුදන්වීමේ සිද්ධිය මුළුමනින්ම යටපත් විය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවේ සෙබළුන් මෙන් පොලිස්‌ භටයන් ද කොටි විසින් ඝාතනය කර ඇති බව පසුව වාර්තා විය. ඒ බව තහවුරු වූයේ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් ඇතුළු හමුදා නිලධාරීන් පිරිසක්‌ උතුරේ කැලෑවකදී මරා පුළුස්‌සා දැමු බවට අත්අඩංගුවේ පසුවන හිටපු කොටි ත්‍රස්‌තයන් කීපදෙනෙක්‌ හෙළි කිරීමයි. මේ පසුබිම මැද ඔඩ්ඩුසුඩ්ඩාන් හිටපු කොටි ප්‍රාදේශීය නායකයා ඔඩ්ඩුසුඩාන්හිදී කමිටුවක්‌ හමුවේ ප්‍රකාශයක්‌ කරමින් හිටපු කොටින්ට පොදු සමාව දෙන ලෙස ඉල්ලා ඇත. මෙම කමිටුව ද්‍රවිඩ සංධානය විසින් ස්‌ථාපිත කර ඇත්තේ සිදුවූ බව කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අදහස්‌ ලබාගෙන එකී අදහස්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කිරීමටය. මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් යුද අපරාධ සිදු කළ කොටින්ට පොදු සමාවක්‌ දෙන ලෙස කොටි ප්‍රාදේශීය නායකයකු ඉල්ලිමයි. කටුගස්‌තොට දුම්රිය පාලමේ බිම්බෝම්බයක්‌ ඇටවීමට උත්සාහ කළ ඩේවිඩ් සුරන්ජීව ක්‍රිශාන්ත ප්‍රනාන්දු නමැති ඇල්කඩුව වතුයායේ පදිංචි කොටි ක්‍රියාකාරිකයකුට වසරක සිර දඬුවමක්‌ හිමිවූ අතර ඔහුව පුන්තෝට්‌ටම් පුනරුත්ථාපන කඳවුර වෙත යවන ලෙස මහනුවර මහාධිකරණය මෑතකදී නියෝග කර තිබුණි.

මෙලෙස පොදු සමාව දෙන ලෙස ඉල්ලන්නේ දුම්රිය පාලම විනාශ කිරීමට උත්සාහ කිරීම වැනි බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා සිදු කල ත්‍රස්‌තයන්ය. එසේම මෙම කමිටුව වෙත ඉදිරිපත් වී ඇති යෝජනා මෙසේය. යුද අපරාධ සිදු කළ වුන් එල්ලා මරා දමනු, සියලුම හමුදා කඳවුරු පරීක්‍ෂා කිරීමට ඉඩ දෙනු .

ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය කොටි නායකයා (හමුදා බලධාරීන් මොහු හඳුනාගෙන ඇත.) තවදුරටත් පවසන්නේ සිරභාරයේ සිටින කොටි ක්‍රියාකාරීන්ට යුක්‌තිය හා සාධාරණත්වය ඉටුවී නැති බවයි. එසේ නම් දෙහිවල දුම්රිය බෝම්බය - නුගේගොඩ නෝලිමිට්‌ බෝම්බ, වැලිවේරිය බෝම්බය, ගල්කිස්‌ස, පිලියන්දල, කොටුව දුම්රිය ස්‌ථානවල බෝම්බ පිපිරීම්වලින් විපතට පත් වූවන්ට යුක්‌තිය හා සාධාරණත්වය ඉටු වී තිබේද? එකී ත්‍රස්‌ත ක්‍රියාවලට වගකිව යුතු වන්නේ කොටි නොවේද?

මේ අතර අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයක්‌a නොව සත්‍ය සෙවීමේ විමර්ශන ඒජන්සියක්‌ බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර කියා සිටී.

එහෙත් මේ ආයතනයට සත්‍ය සොයා ගැනීමට කොටි ත්‍රස්‌තයන් හා ද්‍රවිඩයන් විශාල පිරිසකට දේශපාලන රැකවරණ දුන් රටවල් සහය වනු ඇතැයි විශ්වාස කළ හැකිද?

මෙම රටවල් වල ක්‍රියාත්මක වන නීතිරීති යටතේ දේශපාලන රැකවරණ ලබාදී ඇති රටවල් එම පිරිස කිසිසේත් හෙළි කරන්නේ නැත.

මේ අතර අතුරුදන් වූ බව කියන නැගෙනහිර හිටපු කොටි නායකයකු වූ රමේෂ්ගේ බිරිය වත්සලාදේවි දකුණු අප්‍රිකාවෙන් මතු විය. ඇය ශ්‍රී ලංකා හමුදාවට බාර වී නොතිබිණි. වත්සලාදේවි දකුණු අප්‍රිකාවේ සිටින බව හෙළි වූයේ ඇය මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමරිකානු අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කිsරීම නිසාය.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.