මහවෙලතැන්නේ නිළමෙතුමාගේ
තෙලේ - බලේ


අපේ රටේ විසූ මහවෙලතැන්න මහ නිළමෙතුමා ප්‍රසිද්ධ මන්තර ගුරුකම් දැනගෙන ඉන් ප්‍රයෝජන ගත් මන්ත්‍ර වේදියෙක්‌. එතුමා මන්තර ශාස්‌ත්‍රය හදාරා එයින් පංචපක්‍ෂිය ඉන්ද්‍රගුරුළුව, යම පිම්ම හා දඬු මරණය උගත් අයෙකි. එම මන්තර වලින් වාහන හා සතුරන්ගේ බල බිඳ නැවත්වීම පිල්ලි බන්ධන අංගම් ඇතුළු වෙනත් ගු=රුකම් රැසක්‌ මොල්ලිගොඩ නම් ගෝලයට උගන්වා ඇතත් මෙම මන්තරය මොල්ලිගොඩටවත් දෙන්ට එපායයි කියා තහනමක්‌ද පනවා ඇත.

එතුමා විසින් භාවිත කළ පැරැණි පුස්‌කොළ පොතතින් උපුටා ගත් මෙම මහා නක්‍ෂත්‍ර ජීවම ඉතා බලවත් අරුම පුදුම දේවල් කර ඇති ප්‍රබල තෛල රාජයෙකි. මේ තෛල රාජයාගේ බලයෙන් තමාගේ මෙන්ම ඕනෑම අයකුගේ ස්‌වකීය ආරක්‍ෂාව ඇතිවන බව සඳහන් වේ. එය ඔබගේ ආරක්‍ෂාව සඳහා භාවිතා කළහොත් ඔබටත් ගුප්ත බලයෙන් බොහෝ දේ ළං කර ගත හැකි බව දත යුතුයි.

මෙම උතුම් තෛල රාජයා සකස්‌ කරගන්නා ආකාරය මෙසේය. පුර පක්‍ෂයේ ශුභ දිනක ශුභ හෝරාවකින් බිමට නොකැඩූ රන් තැඹිලි ගෙඩියක්‌ කඩාගෙන ලී උලකින් ලෙලිගසා ලී හිරමණයකින් (යකඩ නැති) ගාගෙන තෙල් සිඳ එම තෙල් බඳුන තබා බුලත් 33, කෙසෙල්ගෙඩි 9, හකුරු කැට 9 පාට නවයකින් බත්ගොටු 9, කැවිලි 9 පුදා නව පොලට සුවඳධූපය අල්ලා පහත සඳහන් මන්තරයෙන් 108 වරක්‌ මතුරා එමතෙල් දෙවුරේ හා නලලත ගෑමෙන් ඒරාෂ්ඨක අපල දුරුවේ. මල් බුලත් තටුවේ තබා පහන් 9 ක්‌ දල්වා දෙහි කපනු ශ්‍රියාවට උතුම්ය. මෙම තෙල් පයේ ගා සතුරාගේ ඡායාව පාගනු සතුරන් යටත් වේ.

මෙයින් ප්‍රයෝජන ගැනීමට තවත් ක්‍රමයක්‌නම් - පාට නවයක මල්වර්ග 9 බුලත් 9 පඬුරු 9 (රිදීඒවා) කැවිලි 5 වර්ගයක්‌ දියමස්‌ ගොඩමස්‌ නාරං උක්‌දඬු පුදා මෙම තෙල් මතුරා තිලකදී යනු ජය අත් වේ. තම අභිප්‍රාය ඉටුවේ. ගෙදරට බලසම්පන්න ආරක්‍ෂාවකි. කොඩිවින නොවදී. කොඩිවින ඇත්නම් පුපුරාගොස්‌ බන්දන කළ යක්‍ෂ, භූත, ප්‍රේත යන් සීසීකඩ දුවයි. නැවත තෙල තිබෙන තාක්‌ නොඑයි. නීචකුල බන්ධන පුපුරායයි. කිසිදාක හූනියන් කොඩිවින නොවදී. තෙල් බිංදු කිහිපයක්‌ රිදී සුරයක බහා ගෙලේ හෝ ඉනේ පැළඳීමෙන් ආරක්‍ෂාව ලැබේ. සියලු දොaෂ භංග වේ. මෙය කෝටියක්‌ වටිනා කිව නොහැකි බලසම්පන්න තෙලකි.

මන්ත්‍රය - ඕං හ්‍රSං නක්‍ෂත්‍ර විසිසත් දෙවතාවෝ

දිෂ්ටි කරව් රෙම් සූර්ය දිෂ්ටි සූර්ය මණ්‌ඩල දිෂ්ටි චන්ද්‍ර දිෂ්ටි චන්ද්‍ර මණ්‌ඩල දිෂ්ටි කුජ දිෂ්ටි කුජ මණ්‌ඩල දිෂ්ටි බුධ දිෂ්ටි බුධ මණ්‌ඩල දිෂ්ටි ගුරු දිෂ්ටි ගුරු මණ්‌ඩල දිෂ්ටි කිවි දිෂ්ටි කිවි මණ්‌ඩල දිෂ්ටි ශනි දිෂ්ටි ශනි මණ්‌ඩල දිෂ්ටි පනි දිෂ්ටි පනි මණ්‌ඩල දිෂ්ටි බඹ දිෂ්ටි බඹ මණ්‌ඩල දිෂ්ටි නක්‍ෂත්‍ර දිෂ්ටි නක්‍ෂත්‍ර හෝරා දිෂ්ටි යමසිං කාල සිං අතුරු සිං නැකැත් සිං නැකැත් සිං වලට අරක්‌ගත් දේවතාවෝ දිෂ්ටි කරවා වරෙන් අට කොනිං සොළොස්‌ කොනට අරක්‌ගත්තාවූ දේවතාවෝ වරෙං දොළොස්‌ රාශියට හත් හෝරාවට සත් දිනේට අරක්‌ගත් දේවතාවෝ නොරැඳී දිෂ්ටි වී වරෙන් අන්ද පේසගුරු යක්‍ෂනී දිෂ්ටිලා වරෙන් යම රාජකාල දේවතාව දිෂ්ටිලා වරෙන් දෙවෙල් ගිනි යක්‍ෂනී දිෂ්ටිලා වරෙන් ශෝපංච දේවතාව දිෂ්ටිලා වර වර නමඃ

මෙම තෛලය බොහෝ බලසම්පන්න කෝටියක්‌ ගුණදෙන ඉතා ප්‍රතිඵලදායක දිව්‍ය ඖෂධයක්‌ බව අත්දැකීමෙන් කිව හැකි අතර ඔබගේ ගැටලු නිරාකරණය කර ගැනීමට 0770730062 අංකයට කතා කරන්න.

ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාජෝති, ගුප්ති විද්‍යාකීර්ති

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.