නිවසේ මුල්ලට ප්‍රධාන දොර අසුබයි

පසුගිය සතියේ මීගමුව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසක්‌ පිළිබ`ද විස්‌තර මා ඔබ සම`ග කතා කළෙමු. එහි ඉතිරි වූ කොටස මෙම සතියේ ඔබ වෙත රැගෙන එන බවටත් මා පොරොන්දු වූ අතර එහි ප්‍රධානම කාරණාව වූයේ බස්‌නාහිර අසුබ යෑයි බොහෝ දෙනකු තුළ තිබෙන දුර්මතය ඉවත් කිරීමයි. එම ධනවත් ව්‍යාපාරිකයාගේ නිවසේ මුහුණත, නිවසේ ප්‍රධාන දොර සහ ඔවුන් නිදා ගැනීමේදී නිදන ඇඳේ හිස දමා තිබූ දිශාව බස්‌නාහිර වී තිබුණා. ඔවුන් වසර 8 ක්‌ම නිදා ගැනීම සිදුකර තිබුණේ බස්‌නාහිර දිශාවටයි. සමහරුන්ගේ උපන්දිනය අනුව තමන්ට ඉතාම සුබ දිශාව බස්‌නාහිර වන අවස්‌ථා කොතෙකුත් තියනවා. එවන් අයට බස්‌නාහිර දිශාවේ දොර පිහිටි නිවාස සහ බස්‌නාහිරට හිස දමා නිදා ගැනීමෙන් වාසි රැසක්‌ අත් වෙනවා. නමුත් සමහරුන්ගේ උපන්දින අනුව බස්‌නාහිර අසුබ වන අවස්‌ථාද තිබෙනවා. නමුත් පොදුවේ ගත් කළ බස්‌නාහිර දිශාවේ කිසි`දු අසුබයක්‌ නැති බව ඔබ මතක තබා ගත යුතු කරුණකි.

අප පසුගිය සතියේ ලිපිය අවසන් කළේ තමන්ගේ උපන්දිනය අනුව තමන්ගේ නිලය අපිරිසි`දු නොකරමු යන කොටසිනි. මා හිතවත් ව්‍යාපාරිකයාගේ සහ නිවසේ සෙසු අයගේ උපන්දින අනුව ඔවුන්ගේ නිවස තුළ ඔවුන්ගේ නිලවලට කිසිදු හානියක්‌ වී තිබුණේ නැත. තමන්ගේ නිලය යනු තමන්ගේ උපන්දිනය අනුව නිවසේ පිහිටි ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයකි. කිසිදු නිවසක තමන්ගේ නිලයට කුස්‌සියේ පෝරණුවේ ලිප , ගෑස්‌ උදුන , රයිස්‌ කුකරය හෝ අවන් එක තැබිය නොහැකිය. පසුගිය කලාපයක සීදුව ප්‍රදේශයේ නිවසක ඔවුන්ගේ නිලයට පෝරණුව තිබීමෙන් නිවසේ ජීවත්වූ ව්‍යාපාරික යුවළකගේ දැවැන්ත කඩා වැටීමක්‌ පිළිබ`ද ලිපියක්‌ මා පළ කළේ ඔබේ නිලය පුච්චන්න එපා යන මාතෘකාව යටතේය. එයින් ඔබට දැවැන්ත හානි රැසක්‌ පැමිණිය හැක. එම නිසා නව නිවසක්‌ සැකසීමේදී හෝ විටින් විට ගෑස්‌ කුකර් තැනින් තැනට මාරු කරන අවස්‌ථා වලදී මේ පිළිබ`ද සැලකිලිමත් විය යුතුය.

මීට සති දෙකකට පමණ පෙර මොනරාගල ප්‍රදේශයට නුදුරුව නිවසක්‌ පරීක්‍ෂා කිරීමේදීද එහි පුංචි පුතාගේ නිලයට නිවසේ පෝරණුව වැටී තිබුණි. නිවසේ සියලුම දරුවන් ගැන කතා කරන විට දෙමවුපියන් පැවසුවේ පුංචි දරුවට තමයි ටිකක්‌ මේ ගෙදර කරදර. අනිත් දෙන්නටනම් දෙයියනේ කියල කිසිම කරදරයක්‌ නැහැ කියාය. එම නිවසේද එම ප්‍රශ්නය වී තිබුණි. එම නිසා මෙය නිවසක අනිවාර්යය වැදගත් අංගයකි.

මා හිතවත් ව්‍යාපාරිකයාගේ නිවසේ බස්‌නාහිර දිශාවේ ධන නිලයක්‌ තිබූ බව මා ඔබට පැවසුවා මතක ඇති. එවැන්නක්‌ සොයාගත හැක්‌කේ නිවසකට ගැඹුරු පරීක්‍ෂණයක්‌ සිදු කිරීමෙන් පමණි. මෙවැනි ධන නිලයක සෙළවෙන ජලය එනම් මාළු ටැංකියක්‌ හෝ කෘත්‍රිම දිය උල්පතක්‌ තැබීම මගින් එම නිවසේ අයගේ ධන වාසනාව වැඩි කළ හැක. නමුත් බස්‌නාහිර දිශාවට මාළු ටැංකි හෝ කෘත්‍රිම දිය උල්පත් තැබිය හැකි බවට ඔබ අසා නැතුව ඇති. අපගෙන් වුවද යම් අයෙකු දුරකථනයෙන් විමසුවොත් බස්‌නාහිර දිශාවට කෘත/sම දිය උල්පතක්‌ හෝ මාළු ටැංකියක්‌ තැබීම සුදුසුද කියා අප කියන්නේද නුසුදුසු බවයි. ෆෙංෂුයි වල පොදු කරුණු කාරණා යටතේ නිවසක ජලය තැබිය හැකි දිශාවන් වන්නේ උතුර , නිරිත , නැගෙනහිර හෝ ගිණිකොන දිශාවලයි. නමුත් නිවසක ගැඹුරු ෆෙංෂුයි පරීක්‍ෂණයකදී ප්‍රබල ධන නිල පිහිටන දිශා අනුව සමහර අවස්‌ථා වල බස්‌නාහිර දිශාවේ ජලය භාවිතා කිරීමේ හැකියාව පවතී.

පසුව ඔවුන්ගේ ව්‍යාපාරික ස්‌ථානයට ගිය පසු එහි ගැඹුරු ෆෙංෂුයි පරීක්‍ෂණයෙන් හෙළි වන්නේ එම ආයතනයේ පුද්ගලයන් අතර යම් යම් රණ්‌ඩු ඇතිවීමේ අවදානමක්‌ පවතින බවයි. මේ පිළිබ`ද මාගේ හිතවතාගෙන් විමසූ විට ඔහු පැවසුවේද මට මෙහි ඇති එකම ප්‍රශ්නය එය බවයි. සේවකයන් සේවකයන් අතරද සමහර අවස්‌ථාවල සේවකයන් සහ පාරිභෝගිකයන් අතර ද මත ගැටුම් ඇතිවී යම් කිසි මතබේදකාරී තත්ත්වයන් ඇතිවන අවස්‌ථා ඇති බවය. එය සිදු වන්නේ දොරෙහි ඇති ෆෙංෂුයි සංයුතියෙනි. මෙම ස්‌ථානයේ කවුරුන් ව්‍යාපාරයක්‌ කළද ඔවුන් අතර මත ගැටුම් ඇතිවීමේ ඉඩක්‌ මෙහි තිබුණි. ඒ ස`දහා මෙම ස්‌ථානයට රතු වර්ණ සහිත දෑ යෙදීමෙන් සහ ගුරුලේත්තුවක්‌ උපයෝගී කරගෙන මෙහි ඇති ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමේ හැකියාව ඇත.

පසුගිය සතියේ ඵ් මගින් ඔබ අසා තිබූ ප්‍රශ්නවලට පිළිතුරු

බදුල්ලේ - වසන්ති

නිවසක ප්‍රධාන දොර නිවසේ බිත්තියේ අවසාන කෙළවරට තැබීම සුදුසුද?

කිසිසේත්ම නිවසක ප්‍රධාන බිත්ති 4 හි අවසාන කෙළවරකට දොරත් තැබිය නොහැකිය. නිවසක බිත්තියේ අවසාන කෙළවරට දොර පැමිණීමෙන් දොර අනිවාර්යයෙන් වැරදි පාදයකට වැටී තිබෙනවා. එය එක්‌ දෝෂයකි. තවද මින් නිවසේ බ්‍රහ්ම පාදය පීඩාවට පත් වෙනවා. එමගින් නිවසේ ප්‍රබල ධන හානි සහ මානසික ගැටළු සහ ප්‍රධාන පුරුෂයාගේ වාසනාව බි`දී යනවා. නිවසක දොරක්‌ තැබීමේදී නිවැරදවි පාද බෙදිය යුතුයි. නිවසේ අයගේ උපන්දිනද මෙහිදී සැළකිල්ලට ගත යුතු වෙනවා.

මාතර - තුෂාර

තමන් සකසන නව නිවසක වැඩ ඉවර කර ගැනීමට නොහැකි වී තිබේ. එයට හේතුව කුමක්‌ද?

මෙහිදී සකසන නිවසේ විශාල වාස්‌තු දෝෂයක්‌ තිබෙන්නට පුළුවන්. එසේත් නැත්නම් තමන් දැනට ජීවත්වන නිවසේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වී තිබෙන්නට පුළුවන්. නියමිත පරීක්‍ෂාවකින් තොරව නිවැරදි තීරණයකට එළඹීම අපහසුයි. නමුත් එවැනි කාරණාවක්‌ කියූ අයකු සකසන නව නිවසක්‌ පරීක්‍ෂා කරන්න මා දැනට මාස 2 කට පමණ පෙර ඇල්පිටිය ප්‍රදේශයට ගියේ නිවසක්‌ පරීක්‍ෂා කිරීමටයි. එම නිවසේ අත්තිවාරම් දමා බිත්ති බැ`ද තිබුණද වහළ සකස්‌ කර නොතිබුණි. නිවසක අත්තිවාරම් දැමූ විගස හැකි ඉක්‌මනින් බිත්ති බැඳ නිවසේ වහළ ගැසිය යුතුය. මන්ද එසේ නොමැති විට නිවසට අව්වෙන් සහ වැස්‌සෙන් හානි ගෙන දේ. එවිට නිවසේ මධ්‍ය ලCෂ්‍යය හෙවත් බ්‍රහ්ම පාදය සහ අනෙකුත් ප්‍රධාන කොටස්‌ වලට පීඩා ගෙන දේ. මෙලෙස මාස 6 ක්‌ පමණ වහළ නොගසා තිබුණොත් නිවසේ ඉදිරි වැඩ කටයුතු කිසිසේත්ම නිමා කරගැනීමට ඔබට හැකියාවක්‌ නැත. එනිසා ටිකෙන් ටික මුදල් එකතුකර නිවසක්‌ සකසනවාට වඩා එකවර නිවසේ ප්‍රධාන අංගයන්වල වැඩ අවසන් කිරීම වඩාත් ප්‍රතිඵලදායකය.



ෆෙංෂුයි උපදේශක -

රිෂී නානායක්‌කාර

නොමිලේ උපදෙස්‌ සඳහා

දුරකථනය -0776116229

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.