යුග ජීවිතවලට වින කරන,
යන්ත්‍ර නොඅසන කඩහන්දි මාරකය

ජ්‍යෙdතිෂයේ මාරක ගැන කතා කරන විට හරි බයක්‌ හිතෙනවා. ඒ ජීවිතයෙන් සමුගන්න එක්‌ අවස්‌ථාවක්‌ නිසා. මනුෂ්‍යයාට යම් කිසි තද අපලයක්‌ ඒ කිව්වේ මරණය දක්‌වා ප්‍රතිඵල දෙන අවස්‌ථාවක්‌ ළඟා වීමක්‌ පිටුපස ග්‍රහයන් විසින් පෙන්වන ලද ග්‍රහ ස්‌වරූපයක්‌ තිබෙනවා. සමහර ජ්‍යෙdතිෂ මහතුන් මෙය දකිනවා ගොඩක්‌ අය දකින්නේ නැහැ. වැඩි දෙනෙක්‌ දකින්නේ සෙනසුරු ඒරාශ්ඨක වගේ කව්රුත් දන්න අපල. සමහරු සෙනසුරුට බයයි. රස්‌තියාදු කාරයකුට උපමා කරනවා. නරකට නරකයි වගේ සුබ කාලයට මෙතරම් ලාභ ප්‍රයෝජන ලබාදෙන එක ග්‍රහයෙක්‌ වත් මේ ග්‍රහ වළල්ලේ නැහැ. අනිත් ග්‍රහයෝ නැත්නම් ග්‍රහ කිරණ යහපත් වුණාම අවශ්‍ය සුදුසු - නුසුදුසු හැමදේම දෙනවා. ඒ කිව්වේ මිලමුදල් - යානවාහන - වතුපිටි - ආදරය - සූදු කෙලීම් - දුම්බීම- ස්‌ත්‍රී වර්ගයා - මත්වතුර පුරුදු මේ ඔක්‌කොම දෙනවා. අපේ අයත් නිකං දෙන නිසා මේ ඔක්‌කොම පුරුදු වෙනවා. තවත් මතයක්‌ තිබෙනවා. සෙනසුරු හොඳ වුණාම. දෙනවලු. නරක්‌ වුණාම ගන්නවාලු එහෙම කරන්නේ මිනිස්‌සු. ග්‍රහයෝ දීලා ගන්නේ නැහැ. සෙනසුරු උච්ච වුණාම පළ ප්‍රයෝජන දෙන්න ගත්තාම මා කලින් කිsව් සියලුම දේ දීලා නිච වුනාම නැත්නම් උච්චය නැති වුණාම ශනි ග්‍රහයාගේ ඒ ගෝචරය නැති වුණාම එච්චරයි. ගන්නේ නැහැ. නමුත් අර පුරුද්ද නොනැවතී පවතිනවා. ඉතින් මනුෂ්‍යයාගේ නරක පුරුදු නිසා පෙර පැවතුන තත්ත්වයෙනුත් පහතට වැටෙනවා. ඒ නිසා අප ධාරණය කරගත යුතු කරුණක්‌ තමයි සෙනසුරු පමණක්‌ නොවේ. ඕනෑම කෙනෙක්‌ දෙන හැම දෙයක්‌ම පුරුදුවන්න එපා. අවශ්‍ය දේ පමණක්‌ ගන්න. එතකොට මේ ප්‍රශ්න කිසිවක්‌ නැහැ. බුදු බණේ කියන්නෙත් ඕකම නේද?

මේ වගේ ඒරාශ්ඨක ලබපුවාම ගොඩක්‌ අයගේ අවවාදය තමයි යන්ත්‍රයක්‌ දාන එක. මොකද සාක්‌කුවටත් ලාභයි නේ. නමුත් කඩහන්දි මාරකයට යන්ත්‍ර දාලා බැහැ. කඩහන්දි මාරකය ලැබුවාම හරියට සුදුසු විදියට ජීවිතය සකස්‌ කරගන්න ඕනෑ. එතකොට යන්ත්‍ර ඕනෑ නැහැ. අහල තියෙනවද සමහර නෝනාලව ඇයගේ මව්ගේ ගෙදරට යවනවා. තාවකාලිකව අනික මහත්තයා තාවකාලික රට රස්‌සාවට යන්නේ අර කාලය මඟ හැරෙන කං අන්න ඒ කඩහන්දි මාරකය ආවාම තමයි. මීට වසරකට කලින් නෝනා කෙනෙක්‌ වයස අවුරුදු 32 යි මාස 02 යි, විවාහවෙලා අවුරුදු 3 යි ඇයගේ ජන්ම පත්‍රය පරීක්‌ෂා කරන්න මට දීලා කිව්වා විශේෂයෙන් ගෙදර සාමය හා නිවස ගැන පරීක්‌ෂා කරන්න කියලා. තවදුරටත් කිව්වා ඇය විවාහ වී වසර තුනයි නිවසේ සාමය නැති වුණා කියලා. යන්ත්‍රයක්‌ දැම්මොත් හොඳයි කියලත් කිව්වා. කටටම උත්තරය දීලා ගුණ ගුණ අහපු නිසා මා දන්නා විදියට හැම කරුණක්‌ම තත්කාල කේන්දරයේ පරීක්‌ෂා කර බැලුවා. 4 කොටුව හොඳයි. 7 විවාහක ස්‌ථානය බැලුවා. හොඳයි. මට ප්‍රශ්නයක්‌. මගේ කටටම උත්තරය දීලා ගුණ අගුණ අහපු නිසා වැඩි වියදමක්‌ මහන්සියක්‌ නැතුව යන්ත්‍රයකට ගිහිල්ලා ලොකු මුදලක්‌ ලබන්න හොඳටම ඉඩකඩ තිබුණා. ඒවා හොඳ වැඩ නොවේ. අනික ශාස්‌ත්‍රයත් රැකෙන්නේ නැහැ. ඇගේ අම්මා ගැන ම විස්‌තර ඇහැව්වා. මොකද මව් - නිවස ගැන කියන්නෙ 4 වැනි කොටුව නැත්නම් මාතෘ ස්‌ථානය - බන්ධු ස්‌ථානය - ගෘහ ස්‌ථානය නිසා. ඒකත් වරදක්‌ නැහැ. මම නැවත බැලුවා 4 - 8 - 12 ඒ කිව්වේ අජටා කාසයෙන් වැටෙන කෝණ දෘෂ්ටි ගැන. වරදක්‌ නැහැ. මේවා වැටෙන්නේ මෝක්‍ෂ ත්‍රිකෝණයට නිසා ඒකන් පරීක්‌ෂා කළා. අපි අහලා තියෙනවානේ අර්ථ - ධර්ම - කාම - මෝක්‍ෂ ත්‍රිකෝණ ගැන. ඉතින් මම කිව්වා යන්ත්‍රයක්‌ දාන්න තරම් ගැටලුවක්‌ නැහැ කියලා. තව දුරටත් ඇය කියා සිටියා. හැමදාම මහත්තයා ගෙදරට ආවොත් රණ්‌ඩුයි. අපිට කවුරු හරි මොනව හරි කරලද දන්නෙත් නැහැ කියලා. මේ විදියට ගියොත් අපි අද හෙටම වෙන් වෙයි කියලත් කිව්වා. මම නිකමට වගේ කිව්වා කෝකටත් මහත්තයගේ ජන්ම පත්‍රයත් අරං එන්න කියලා. මොකද ඔය කඩහන්දි මාරකය මා දැනසිටිය නිසා. පසු දින මහත්තයගේ කේන්දරයත් සමඟ ඇය ආවා. මම ඒ කේන්දරය පරීක්‌ෂා කළා. කේන්දරයේ තත්කාල පිහිටිම හොඳ වුණාට නෝනාගේ තත්කාලය මයි. එයාටත් මහ දශා අතුරු දශා නෝනාගේ වගේ. මහදශාව රාහුට අතුරු දශාව සිකුරුට. මම ඇහැව්වා පොරොන්දම් බලන කොට මේ අපලය මේ කාලයට එන එක කිව්වේ නැද්ද කියලා. කියනව තියා මේ වගේ අපලයක්‌ ගැන දන්නෙවත් නැහැ කියලා ඈ කිව්වා. මට තේරුම් ගියා මේ අය මේ අපලය ගැන දන්නෙත් නැහැ. කියලත් නැහැ. මොකද පරිගණකයෙන්නෙ පොරොන්දම් බලල තියෙන්නේ ලෙහෙසියට. ඉතින් කොහොමද මේ රහස්‌ කියන්නේ පරිගණකයට ඇතුළත් කළ දත්ත අනුව ප්‍රතිඵලය ආවා එච්චරයි. මම සියලුම දේ පැහැදිලි කළා. නෝනාට හරි සතුටුයි. කරන්න ඕන දේත් කිව්වා. ඉදිරි මාස 3 තුන් දින 15 කට පසු මා හමුවන්න කියලා. හරියට මේ මා කිව් කාලසීමාව පන්නලා දෙදෙනම ඇවිත් මට ඔවුන්ගේ සතුටට රුපියල් 5000/} ක්‌ තෑගිත් දුන්නා. මේ අපලයට යන්ත්‍ර දාලා වැඩක්‌ නැහැ. යන්ත්‍ර ඕනත් නැහැ. මේ කඩහන්දි මාරකය පවතින කාලසිමාව ගැන බලලා ඉදිරියට කොච්චරද කියලා හැසිරෙන විදිය කිව්වාම අපලය ඉවරයි. යුග දිවියක දෙදෙනාගෙම මහදශා හා අන්තර් දශා එකම කාලයකට යනවා නම් ඒ කාලෙට දෙදෙනාට එක වහල යට ජීවත්වන්න බැහැ. එක බත්හැලියේ බත් කන්න බෑ. ඔන්න ඔවැනි ප්‍රශ්න නිසා සාමාජයේ කරදර වැඩිවනවා. මෙවැනි ප්‍රශ්නවලදී ජ්‍යෙතිෂවේදියා තම සැඟවුණු ඥනය ඉස්‌මතු කර තුන්වැනි ඇසෙන් ප්‍රශ්නය දිහා බැලුවාම උත්තරය එනවා.

තවත් ප්‍රශ්නයක්‌ තමයි. මේ දිනවල සෙනසුරු ඒරාශ්ඨකය ලබලා තියෙන්නේ කියලා සමහරු මනසින් වැටිලා ඉන්නේ. විශේෂයෙන් ඒ අයට කියන්න ඕනෑ. කවුරු කිව්වත් ඕගොල්ලො මේ දිනවල ඒකට බයවෙන්න එපා. මේ දිනවල සෙනසුරුට නිලය තිබුණට බලය නැහැ. හැබැයි අගෝස්‌තු 13 වැනිදාට පස්‌සේ 2017 ජනවාරි 26 වෙනකන් නම් දෙවියන්ගෙම පිහිටයි. යටි බඩේ දෙසින් බඩ පිපීමක්‌ වගේ ආවොත් නම් දෙවියොත් අහක බලන කාලයක්‌ ඒවි. ප්‍රශ්නය දෙගුණු වෙනවා. එහා පැත්තට අත වනන්න බොහෝවිට ඉඩ තියෙනවා. ඒ වගේම සිංහ ලග්න හිමි අයට සෙනසුරු මහදශාවේ බුධගේ අතුරු දශාව නම් බෙල්ලෙන් පහළ නහර අමාරුවකින් සෞඛ්‍යය පිරිහෙන්න බොහෝ ඉඩකඩ තිබෙනවා. මේ කාලයට ශල්‍ය කර්ම මතක්‌ කරන්නවත් එපා.

මා කලිනුත් කිව්වා මේ කොටු 12 ත්, මහදශාවත්, අන්තර් දශාවත්, සූක්‌ෂම දශාවත් හරියට පරීක්‌ෂා කළා නම් තව ටික ටික සැගවුණු ඥානය යෙදෙව්ව නම් ජ්‍යෙතිෂ ගැටලු වලට උත්තර දෙන්න ඉතා ලේසියි. විශේෂයෙන් කඩහන්දි මාරකය අපල කරන්නේ විවාහක යුවළකට පමණයි. හරියට කළුකුමාර දිෂ්ටියෙන් අපල කරන්නේ ස්‌ත්‍රී වර්ගයාගේ විවාහය හා දරුවන් ලැබිමේදී පමණයි වගේ. මේ සරල ගැටලු ගැන ඔබත් දැනුවත් වෙන්න. ගොඩක්‌ අය එක එක ප්‍රශ්න ගැන දුරකථනයෙන් මා අමතන්ට පෙර සරල දැනුමක්‌ හිමිකර ගන්න පොතපත කියවලා.

තව පුංචි ගැටලුවක්‌ කියන්නම් පසුගිය 2 වැනිදා උසස්‌ පෙළ පටන් ගත්තා. දක්‌ෂ ළමයි පාඩම් කළ දේ උත්තර වලට ලියා නැහැ. ගෙදර ඇවිල්ලා නැවත නිවැරදි දේ පවසනවා. ඒ වෙලාවේ බැරි වුණා. මොකද වුණේ කියලා දන්නේ නැතිලු. විභාග වලට ඉදිරිපත් වන ගොඩදෙනෙක්‌ගේ බ්‍රහස්‌පති/ කේතු නීච වුණාම හෝ උච්චය නැති වුණාම එහෙම තමයි. තත්කාල කේන්දරයේ පවතින පුංචි පුංචි ගැටලු මේවා. ප්‍රතිඵලය විශාලයි. මොකද නැවත ලියූ උත්තර පත්‍රය ගන්නද? මේවාට යන්ත්‍ර ඕනෑ නැහැ. සරස්‌වතී/ගණදෙවි යෝග දැහැන පාවිච්චි කළාම හරි.

මේ වගේ ප්‍රශ්න ආපුවාම වැඩිදෙනා හිතන්නේ බෝධිපූජා පමණක්‌ කළාම හරි කියලා. බෝධිපූජා හරි හොඳයි තමයි. ඒක එක්‌ පැතිකඩක්‌ පමණයි. අපේ බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට වදාරනවනේ උන් වහන්සේට වැඳුම් පිදුම් කරන්න බැරිවූ දිනක. වැඳුම් පිදුම් කරන්න බෝධියක්‌ හදන්න කියලා. ඒකට ආනන්ද බෝධිය කියල නම් කරන්නත් දේශනා කළානේ. ඒ පිහිට නොඅඩුවම තියෙනවා. ග්‍රහ අපල සඳහා හරියන්නේ බ්‍රහස්‌පති නරක්‌ වුණාම විතරයිනේ. සෙනසුරුගේ වෘක්‌ෂය බෝ නොවෙයිනේ. නුග නේ. එහෙම නම් සෙනසුරු නරක්‌ වුණාම නුග ගහකට ඒ පිළිවෙත් කරන්න ඕනෑ. අපි කාලීනව දුර්වල ග්‍රහයා ගැන හිතන්න ඕනනේ.

වර්තමානව පොතපතින් ජ්‍යෙdතිෂය ඉගෙන ගන්න අපේ ආධුනික මහත්වරුන්ට සිදුවන එක්‌ පාඩුවක්‌ තමයි කාලය. මේ පාඨමාලාව අවුරුදු එකයි. සතියට එක්‌ වරයි. සිංහල අවුරුද්දට දින 2 ක්‌ නිවාඩු නත්තලට දින 2 ක්‌ නිවාඩු. එතකොට ඔබට ඉගෙන ගන්න තියෙන්නේ වසරකටම 44 වාරයයි. අනික ඔබට ප්‍රශ්න අහන්න තහනම් උගන්වන එක අහගෙන ඉන්න ඕනෑ. හරියට දේශන පන්ති වගේ. ඔබ ලඡ්ජාවට ප්‍රශ්න අහන්නෙත් නැහැ. ඔය පන්ති ඇතුළේ ඉන්නවා ඔවුන්ගේ සහචරයෝ. කීපදෙනෙක්‌ ඔබ ප්‍රශ්න ඇහැව්වොත් ඒ අය හිනා වෙනවා. අනික සති 3 ක්‌ විතර යනකොට පරිගණකය උපයෝගී කරගන්නවා. ලෙහෙසියි නේ. පාඩම් කරන්න හිතේ ධාරණය කරගන්න දෙයකුත් නැහැ. ඊළඟට ලඝූ ක්‍රමයට යනවා. ඔබ නොදැනුවත්වම එක පැතිකඩකට සීමා වනවා. ඔය එක දේශනා පන්තියකවත් එක්‌ එක්‌ ග්‍රහයෙක්‌ නරක්‌ වුණොත් ඒ ග්‍රහයම සීමා වන එක ශ්ලෝකයක්‌ වත් උගන්වනවද? ඔබට දේශනා අවසානයේදී සහතිකයකුත් ලැබෙන නිසා පසුව ඔබ ජ්‍යෙdතිෂ කාර්යාලයකුත් පවත්වාගෙන යනවා. එතැන් සිට ඔබ අනුන්ගේ ජන්මපත්‍ර හදනවා බලනවා. ඔබ කිසිවිටෙකත් ඔබේ ජන්මපත්‍රය ඔබේ දරුවන්ගේ ඥාතීන්ගේ ජන්මපත්‍ර බලන්නේ නැහැ. වැරදුණාද නැද්ද බලන්න මිනුම් දණ්‌ඩක්‌ද නැහැ. කරගෙන යනවා. පුරවැසියාට ජ්‍යෙdතිෂය එපා වනවා. පුරවැසියා ඔබගේ දැනීමට දොස්‌ කියන්නේ නැත. මේ මුළු ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයටම බනිනවා. එපා වනවා. මේ විණ කටින එක ඉතා නරකයි.

ඔබට ජන්ම පත්‍රයක්‌ හදන්න සිදු වුණොත් 24 පැය ක්‍රමයකම හා 60 පැය ක්‍රමයට දෙවරක්‌ හදලා නිවැරදි නම් පමණක්‌ කේන්දරය හදන්න. මොකද මිනිසුන්ට වරදිනවා තමයි. නමුත් ජන්ම පත්‍රයක්‌ වැරදුණොත් ජීවිතයට පලාපල කියලා ඉවරයි. අනික දුන් වේලාව නිවැරදියි කියලා හිතන්නත් එපා. විනාඩි කීපයක්‌ වරදින්න ඉඩ තියෙනවා. අහල තියෙනවනේ කේන්දරයක්‌ සුද්ධ කරනවා කියලා. පරිගණකයට ඕක කරන්න බැහැ. ඇතුල් කරලා තියෙන පරිගණකයට දත්ත වලට අනුකූලව කේන්දරය ප්‍රතිඵල කොළ කීපයක්‌ සමඟ එළියට එනවා. අත්‍යාවශ්‍යම විස්‌තර නැහැ. ඔබ හදපු ජන්ම පත්‍රයට අනුව පලාපල කියනවා ඇරෙන්න අලුතින් කේන්දර හදලා පලාපල නැත්නම් ගුණඅගුණ කියන්නේ නැහැ. මම ඉගෙන ගන්න දිනවල පරිගණක තිබුණෙත් නැහැ. ඔය අලුත් පරිගණක ක්‍රම නිසා බලන්න ජ්‍යෙතිෂය නාලිකාවල කොච්චර හෑල්ලු වෙනවද කියලා. මමත් ඔය පන්තිවලට ගියා තමයි. කොළඹ නම නොකියන පන්තියක මම ගුරු/ශූක්‍රෝ ස්‌ලෝකය කිව්වා කියලා පන්ති තහනම් කළා. නමුත් මගේ පන්ති ගාස්‌තු ගෙදරටම එවා තිබුණා මාව හඳුනා ගත්තාට පසු.

ජ්‍යෙතිෂය මුලින්ම කළේ පන්සල් වල මොකද මේ විශේෂ ශාස්‌ත්‍රය විශේෂ අය අතට පත්වුණා. ඒ දිනවල බුද්ධ පුත්‍රයින් වහන්සේලා ප්‍රධාන තැනක්‌ ගත්තා. ඒකනේ පංච මහා බල වේගයට හාමුදුරුවන් වහන්සේලා ප්‍රධානම කටයුතු කළේ සඝ- ගුරු - වෙද - ගොවි - කම්කරු කිව්වේ ඒකනේ ක්‍රමයෙන් මන්ත්‍ර ශාස්‌ත්‍රය පසුව නර ඇදුරන් නොකළාම නොවේ. ඒ නිසා හරියට පොත් පත් පරිශීලනය කර කාලය කැපකර ජ්‍යෙdතිෂය පවත්වාගෙන යන්න ඔබ කටයුතු කරන්න ජ්‍යෙතිෂය මියෑදෙන්න නොදී. ඇස්‌ පෙනුනත් නැතත් නොමිලේ තොරතුරු දැනගැනීමට අවශ්‍යය නම් 0722174553 අංකයට අමතන්න.


ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥ ගුප්ත විද්‍යාධර
මොරටුව මීපේ
ගණිතගේ රංජිත් විද්‍යාරත්න
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.