2016 අගෝස්‌තු 25 බ්‍රහස්‌පතින්දා

 
 

 

   Divaina Editor
    contact webmaster
   
බම්බලපිටියෙන් පැහැරගත්
කෝටිපතියා මරා දමලා

මළ සිරුර මාවනැල්ල
වෙල්යායක ඥතීහු සිරුර
හඳුනා ගනිති
බම්බලපිටිය කොතලාවල ඇව්නිව් හි පදිංචිව සිටි ඉකුත් 21 වැනිදා රාත්‍රි නාඳුනන පිරිසක්‌ විසින් පැහැරගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයා සාහසික අන්දමින් ඝාතනය කර සිරුර මාවනැල්ල රුකුලාගම මංසන්ධිය ආසන්නයේ වෙලකට දමා තිබියදී පොලිසිය මගින් ඊයේ සවස සොයාගෙන ඇත.

ලාබ ලබන
රාජ්‍ය ආයතන
අත යටින්
විකිණීමේ තැතක්‌

දූෂණ විරෝධී
පෙරමුණේ උපදේශක
රජය යටතේ ලාබ ලබමින් පවත්වාගෙන යන හිල්ටන් හෝටලය, ලිට්‍රොa ගෑස්‌ සමාගම, ලංකා හොස්‌පිටල් ඇතුළු ආයතන කිහිපයක්‌ රජයේ කිහිප දෙනකු මැදිහත් වී අත යට ගනුදෙනුවට විකුණා දැමීමට සැලසුම් කර ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (23 වැනිදා) චෝදනා කළේය.

උතුරේ විහාරස්‌ථාන
ඉවත් කිරීමේ
පළාත් සභා තීරණය අසාධාරණයි

- උ. /නැ දෙපළාතේ
ප්‍රධාන සංඝනායක හිමියෝ කියති
 උතුරේ බෞද්ධ ආගමික සිද්ධස්‌ථාන කිහිපයක්‌ ඉවත් කිරීමට උතුරු පළාත් සභාව ගෙන තිබෙන තීරණය අසාධාරණ යෑයි උතුර, නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්‌වැවේ විමලසාර හිමියන් විසින් රජයටත්, මහානායක හිමිවරුන්ටත් ලිතව දැනුම් දී තිබේ.

කෝප් ලබන මස සිට
මාධ්‍යයට විවෘතයි

කථානායක කරු ජයසූරිය
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) රැස්‌වීම් සැප්තැම්බරයේ සිට මාධ්‍යයට විවෘත කිරීමට කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

උසාවියේදී
අඩදබර කරගත්
වැලිකඩ
කාන්තාවෝ රිමාන්ඩ්
අධිකරණ කටයුතුවලට බාධා හා අපහාස වන අයුරින් අධිකරණය තුළ අඩදබර කරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් දෙදෙනකු ලබන 26 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්‌ත්‍රාත් ඔගස්‌ටා අතපත්තු මහත්මිය ඊයේ (24 දා) නියෝග කළාය.

පළාත් පාලන ඡන්දය
නොපමාව ඉල්ලා අද
මැති සබයට යෝජනාවක්‌
 පළාත් පාලන මැතිවරණය කල්නොදමා වහාම පවත්වන ලෙසට බලකෙරෙන කල්තැබීමේ යෝජනාවක්‌ ඒකාබද්ධ විපක්‍ෂය විසින් අද (25දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

පෙරහැරට අලි
ගන්නවාට
විරුද්ධ අය
සංවාදයකට එන්න

- බෙල්ලන්විල
අනුනාහිමියන් ගෙන් අභියෝගයක්‌

තාජුඩීන් සිද්ධියට
සැක හිටපු පොලිස්‌
ලොක්‌කෝ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

සිරුරු කොටස්‌ අතුරුදන්වීමට
හිටපු අධිකරණ වෛද්‍ය
නිලධාරි වගකිව යුතුයි
සෞඛ්‍ය අමාත්‍යාංශය
අධිකරණයට දන්වයි

රගර් ක්‍රීඩක මොහොමඩ් වෂීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුමිත් පෙරේරා යන සැකකරුවන් ලබන 07 දා තෙක්‌ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඊයේ (24දා) නියෝග කළේය.


ඉඩමක්‌
සම්බන්ධයෙන් එෆ්සීඅයිඩිය
යෝෂිතගේ මිත්තනියගෙන්
පැය 4 ක්‌ ප්‍රශ්න කරයි


දෙහිවල ප්‍රදේශයේ පිහිටි යෝෂිත රාජපක්‍ෂ මහතාට අයත් ඉඩමක හා නිවසක අයිතිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණයට අදාළව ඒ මහතාගේ මිත්තනියගෙන් (ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ මවගෙන්) මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (24 දා) පැය 4 ක්‌ ප්‍රශ්න කර ඇත.


ශ්‍රී ලංකාව ඉන්දියානු ආක්‍රමණයන් අභියස
නම්ඊට එරෙහි වීමට
සියලු දෙනා
එක්‌විය යුතුයි

උදය ගම්මන්පිල

2016 අගෝස්‌තු 11 දින තලවතුගොඩ පන්සලක පැවැති උත්සවයක දී හනුමා පාලම ඉදි කළොත් එය පුපුරුවා හරින බවට කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇති බවත් එසේ ඔහුට පුපුරුවා හැරීමට හනුමා පාලම ඉදි නොවන බවත් තමිල්නාඩු මැතිවරණය ඉලක්‌ක කර ගෙන එහි දේශපාලකයින් කරන ප්‍රකාශයන්ට රැවටී මෙම ප්‍රකාශය කර ඇති බවත් ඔබතුමා ප්‍රකාශය කර ඇත. 2016 අගෝස්‌තු 13 දින ඔබතුමා පැවැත්වූ රූපවාහිනී සාකච්ඡාවේදී ද මෙම කරුණ වැඩිදුරටත් අවධාරණය කර තිබිණි.


සභාව තුළ මාමා
සහ බෑණා ප්‍රශ්න නැහැ

කථානායක කියයි

සභාව තුළ මාමා සහ බෑණා ප්‍රශ්න නැතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.


පී.බී. අල්විස්‌ සිය
ජාතික වගකීම
ඉටුකළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක්‌

ජනපති මෛත්‍රිපාල සිරිසේන

අපි කුඩා කාලේ අපේ අම්මලා තාත්තලා පාසල් නිවාඩු දුන්නහම අපිව එක්‌ක ගෙන යනවා ගමේ. ඒ කියන්නේ ගම්පහට පොළොන්නරුවේ ඉ`දන් එක්‌කන් යනවා. ඒ ආපුහම ඒ කාලේ අපේ ගමේ පහළ යාගොඩ. සෑම ඉරිදාම හවසට ගමේ ඉන්න අය හිටිවන කවි ගෙදරට එනවා. හිටිවන කවි කියනවා. අපේ වයස අවුරුදු දාහතරයි පහළොවයි ඒ කාලේ.


අරලියගහ මන්දිරයෙන්,
ජනාධිපති ලේකම් කාර්යාලයෙන්

තාජුඩීන්
ඝාතනය වූ දා
ඕඅයිසීට ලැබුණු
දුරකථන ඇමතුම් මකලා

රහස්‌ පොලිසිය
උසාවියට දන්වයි

නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිදුවූ දින රාත්‍රි එවකට නාරාහේන්පිට පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපති ලෙස කටයුතු කළ ඩේමියන් පෙරේරා මහතාට අරලියගහ මන්දිරයෙන් හා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු සැකසහිත දුරකථන ඇමතුම් රැසක්‌ද මකා දමා ඇතැයි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24 වැනිදා) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතාට දැනුම් දුන්නේය.

කෝටිපතියා ගැන
ඔත්තුවට කෝටි
භාගයක තෑග්ගක්‌

බම්බලපිටිය කොතලාවල ඇවනිව් ප්‍රදේශයේදී නාඳුනන පිරිසක්‌ විසින් පැහැරගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයා පිළිබඳ නිවැරදි තොරතුරක්‌ පොලිසිය වෙත ලබාදෙන පුද්ගලයකුට රුපියල් පනස්‌ ලක්‌ෂයක ත්‍යාග මුදලක්‌ ලබාදීමට එම ව්‍යාපාරිකයාගේ පියා ඉදිරිපත්ව සිටියි.

කෝටි 1 1/2 ක්‌ වටිනා
මුහුදු කූඩැල්ලන් සමග
දෙදෙනෙක්‌ දැලේ
රුපියල් එක්‌කෝටි පනස්‌හතර ලක්‍ෂයක්‌ පමණ වටිනා වියළි මුහුදු කූඩැල්ලන් තොගයක්‌ සමග පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (23 වැනිදා) නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කලවාන සංවිධායක
ධුරයෙක්‌ ජානක
වක්‌කුඹුර අස්‌වෙයි
කලවාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායක ධුරයෙන් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්‌කුඹුර මහතා ඊයේ (23දා) ඉල්ලා අස්‌ වී ඇත.

ජනපති හෙළි කරනවා
කීවේ දේශපාලන රහස්‌

- ඇමැති රාජිත සේනාරත්න
මාතර පැවැති රැස්‌වීමකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරියේදී හෙළිදරව් කරන බවට කියා සිටියේ දේශපාලන රහස්‌ බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මිනිසකුගේ ආමාශයෙන්
පිහි 40ක්‌  මතුවෙයි

යකඩ ලබාගැනීමට පිහි ගිලලා
පිහි ගිලීමට ඇබ්බැහිවූ පුද්ගලයකුගේ ආමාශයේ තිබී අඟල් 7 ක්‌ දිග නවන පිහි 40 ක්‌ සැත්කමකින් ඉවත් කිරීමේ ඉතා දුර්ලභ සිද්ධියක්‌ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයෙන් ඉකුත් 23 වැනිදා වාර්තා විය.

ඉතාලියේ  භූමිකම්පාවකින්
මරණ 120 ක්‌
මධ්‍යම ඉතාලියේ උම්බිරියෝ නගරය අසල ඊයේ (24 දා) අලුයම 3.36 ට ඇතිවූ බරපතළ භූ චලනයක්‌ නිසා 120 දෙනකු මරුමුවට පත්වී ඇත.
ශ්‍රීලනිප සමුළුව
සමයේ මහින්ද
එතෙර සංචාරයක
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ 65 වැනි සමුළුවට තමාට සහභාගිවීමට නොහැකි තත්ත්වයක්‌ උදා වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා "දිවයින"ට (23 දා) පැවැසීය.

එජාපයට
මුක්‌කු නොගසා
අපේ සටන
අපි ගෙන යනවා

මහින්දානන්ද අලුත්ගමගේ

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ප්‍රතිපත්ති ආරක්‍ෂා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටින අපි සංවිධායක ධුරවලින් ඉවත් කළත් එක්‌සත් ජාතික පක්‍ෂයට මුක්‌කු නොගසා අපි අපේ සටන කරගෙන යන්නේ යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.


සති තුනේ බිලිදව ලක්‍ෂයකට විකුණලා
මවගෙන් සහ
මිලදීගත් යුවළගෙනුත් ප්‍රශ්න කරයි


වයස සති තුනක්‌ වූ බිලිඳෙකුව රුපියල් ලක්‍ෂයක මුදලකට අලෙවි කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.


දේශීය නිෂ්පාදකයා රැකගෙන විදේශීය
ආයෝජන සඳහා අවස්‌ථාවන් ලබාදෙනවා

මුදල් ඇමැති රවි කරුණානායක

නම්‍යශීලී ආණ්‌ඩුවක්‌ ලෙස පාරිභෝගිකයා සහ ගොවියා යන දෙපාර්ශ්වයම ආරක්‍ෂා කරගෙන ජනතාවත් සමඟ කටයුතු කරන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 වැනිදා) පැවැසීය.


සමෘද්ධි හා කෘෂිකර්ම පර්යේෂණ
නිෂ්පාදක සහකාර නිලධාරීන්ට
එරෙහිව දූෂණ වංචා සොයන්න කමිටුවක්‌

සමෘද්ධි නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාර නිලධාරීන්ට එරෙහිව දූෂණ චෝදනා තිබේ නම් ඒවා අධීක්‌ෂණය කොට කඩිනම් වාර්තාවක්‌ සැපයීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැති ඇමැතිවරුන් පස්‌ දෙනෙකුගෙන් යුතු කමිටුවක්‌ පත්කර ඇත.


  • සණස සංවර්ධන බැංකුවෙන් පැහැදිලි කිරීමක්‌

    බස්‌නාහිර පළාත් සභාවේ සමුපකාර ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කර ඇති මහරගම වත්තෙගෙදර සණස සමිතියේ තැන්පත්කරුවන් විසින් 23 වන දින දැක්‌වූ විරෝධතාව පිළිබඳව 24 වැනිදා සිව්දෙස (14 පිටුව) අතිරේකයේ පළ කළ පින්තූරයට අදාළව සිදුවූ ප්‍රමාද දොaෂයක්‌ හේතුවෙන් සණස සංවර්ධන බැංකුව යනුවෙන් පළවී තිබුණි.

  • ශිෂ්‍යත්ව දරුවන්  අපහසුතාවට ලක්‌ කළ
    ගුරු විදුහල්පතීන්ට විනය ක්‍රියා

    ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් අපහසුතාවට පත් වන අයුරින් කටයුතු කළ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමට උතුරු මැද මධ්‍යම හා නැගෙනහිර යන පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ තීරණය කර ඇත.

     

 

 

  • වැට්‌ මිස වෙන විකල්ප නැද්ද?

    රජයේ බදු ආදායම් වැඩි කරගත හැකි විකල්ප රැසක්‌ අපට දීර්ඝවම සාකච්ඡා කළ හැකිය. මේ සඳහා වන නොයෙකුත් විකල්ප යෝජනා බොහොමයක්‌ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව විසින්ද පසුගිය බ්‍රහස්‌පතින්දා (18 දා) මුදල් ඇමැති රවි කරුණානායකට භාරදී තිබේ. මව්බිම ලංකා පදනම ඇතුළු නොයෙකුත් සංවිධාන හා විද්වතුන් සතුවද මේ සඳහා වඩාත් ප්‍රායෝගික විකල්ප යෝජනා තිබේ. මේ සියල්ල ගැන හොඳින් අධ්‍යයනය කර හිතුවක්‌කාරී නොවී මල නොතලා රොන් ගන්නා බඹරෙකු මෙන් බදු ගෙවන මහජනතාව තලා පෙලා පීඩාවට පත් නොකර, රජයේ බදු ආදායම් වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අපි රජයට යෝජනා කරමු.

  • අතුරුදන්වූවන්ගේ කාර්යාලයට
    ව්‍යාජ පැමිණිලි ඉදිරිපත්විය හැකියි


    රජය විසින් ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්‌ථාපිත කිරීම සඳහා හඳුන්වා දෙන පනත අපගේ ස්‌වෛරීත්වය, භෞමික අඛණ්‌ඩතාවය හා ජාතික ආරක්‌ෂාව තවදුරටත් දියාරු කරවීමේ දරුණු උත්සාහයක්‌ ලෙස ශ්‍රී ලංකා ගෝලීය සංසදය (GSLF) තරයේ විශ්වාස කරයි. මෙම පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කඩිමුඩියේ හදිසියෙන්ම සම්මත කිරීමට යැමේදී අවිනීත ලෙස කෑ කෝ ගැසීම හා විවාදාත්මක පිළිතුරු යටපත් කිරීමට දරන උත්සාහයක්‌ මධ්‍යයේ මෙහි කැඳවුම්කරුවන් කෙසේ හෝ මෙය සම්මත කර ගැනීම කිසිසේත්ම සුදුසු නැති බව හැඟේ.

  

  • අංක එකේ ලෝක ශූරයන් සමඟ
    ශ්‍රී ලංකාව කරට කර එයි

     

    කුසල් යුගල සමඟ ඇන්ජලෝ මැතිව්ස්‌ගේ පිති ප්‍රහාර හමුවේ අර්ධ ශතක ත්‍රිත්වයකින් ශක්‌තිමත් වූ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී පදනම ආරක්‌ෂා කළ අමිල අපොන්සු ඇතුළු පන්දු යවන්නෝ දෙවැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයේදී ඔස්‌ටේ්‍රලියානුවන්ව ලකුණු 82 ක පරාජයකට ඊයේ (24 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඇද දැමූහ.

     

  • අවු. 18 පහළ මයිලෝ කුසලාන රග්බි තරගාවලිය
    ඉසිපතනයෙන් කේරි ට සැර ප්‍රහාරයක්‌


    වයස අවු. 18 න් පහළ අන්තර් පාසල් මයිලෝ කුසලාන රග්බි තරගාවලිය යටතේ පැවැති තරගයකින් කේරි විද්‍යාලය හමුවේ ලකුණු 53-00 ක පහසු ජයක්‌ වාර්තා කර ගැනීමට ඉසිපතන විදුහල් කණ්‌ඩායම සමත් විය.

  






 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.