නිට්‌ටඹුව Whiz - kid Montessori හා ඊට අනුබද්ධ London Academy of English මෙවරත් පෙරමුණේ

නොකඩවා වසර 05ක්‌ පුරාවට විස්‌කිඩ් මොන්ට්‌සෝරියේ හා ලන්ඩන් ඇකඩමියේ දූ දරුවන් නිට්‌ටඹුවට අභිමානය ගෙන එමින් මෙවරත් කොළඹදී පසුගිය අගෝස්‌තු මාසයේ පැවති බ්‍රිතාන්‍ය රජයට අනුබද්ධ ඉංග්‍රීසි භාෂා තරගාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ රැසක්‌ හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකා නියෝජිතවරිය වන අචිනි අබේගුණවර්ධන මහත්මියගේ සංවිධානයෙන්a බ්‍රිතාන්‍ය ආචාර්ය නෝමා ඩේෆර්න් මහත්මියගේ විනිශ්චයෙන් සමස්‌ත ලංකා ජයග්‍රහණ 05ක්‌, සමස්‌ත ලංකා අවසන් වටයට සුදුසුකම්ලත් 17ක්‌, රන්පදක්‌කම් 69, රිදී පදක්‌කම්11 ක්‌, ලෝකඩ පදක්‌කම් 04කට හිමිකම් කීවේ දිවයිනේ දසතින් පැමිණි තරගකරුවන් අභිබවමිනි.

විස්‌කිඩ් පෙර පාසල කුඩා අවධියේ පටන්ම ඉංග්‍රීසි භාෂා කුසලතාව ඔපනංවන ඉංග්‍රීසි භාෂාව පිළිබද අවබෝධය ලබාදෙන භාෂා උච්චාරණය ඉදිරිපත්කිරීම හඩ පාලනය යනාදී අංශ ඔස්‌සේ හා නිවැරදි ව්‍යාකරණ භාවිතය මනාව ඉගෙන ගත හැකි හොදම පෙර පාසලක්‌ බව නොරහසකි. ඉංග්‍රීසි භාෂාවේ ඇති වැදගත්කම දෙමාපියන් හට නොතේරුනත් දරුවා ක්‍රමයෙන් වයසින් වර්ධනය වීමත් සමග ඉංග්‍රීසි භාෂාවේ ඇති අවශ්‍යතාව හා වැදගත්කම පිළිබඳව අනිවාර්යයෙන්ම දැනගෙන සිටීම වැදගත් වේ. මින් වසර කීපයකට පෙර එය එසේ නොවූවත් දැන් තත්වය එසේ නොවන බව හා සමාජය කොතරම් සීග්‍රයෙන් වෙනස්‌ වෙමින් පවතීද යන්න අවබෝධයෙන් සිටීමත් දෙමව්පියන් ලෙස අප කාගේත් වගකීමයි. විස්‌කිඩ් මොන්ට්‌සෝaරිය වෙත එන සියලුqම දරුවන් සිංහල භාෂාව හා ඉංග්‍රීසි භාෂාව ඇතුළු ප්‍රධාන අංශ 7ක්‌ ඔස්‌සේ සංවර්ධනය කරයි.

උසස්‌ ප්‍රමිතීන් යටතේ උගත් සුවිශේෂී දැනුම ඇති දේශීය හා විදේශීය අධ්‍යාපනයෙන් සුදුසුකම් ලත් ගුරුවරුන් යටතේ ඉංග්‍රීසි භාෂාව නිවැරදිව ප්‍රගුණ කිරීමට නිට්‌ටඹුව ප්‍රදේශයේ දූ දරුවන් හට විස්‌කිඩ් පෙර පාසල හරහා අනගි අවස්‌ථාවක්‌ ලැබී ඇත.

විස්‌කිඩ් පෙරපාසල හා ඊට අනුබද්ධ London Academy of English ආයතනය පසුගිය වසර වලදී ලද ජයග්‍රහණ ඔවුන් විශිෂ්ටයන් බව පෙන්නුම් කිරීමට ඇති හොදම නිදසුනයි. 2013 වසරේ සමස්‌ත ලංකා ජයග්‍රහණ 02, රන් පදක්‌කම් 12, රිදී පදක්‌කම් 18ක්‌, හා ලෝකඩ පදක්‌කම් 02ක්‌ දිනාගැනීම ඉන් අනතුරුව 2014 වසරේ සමස්‌ත ලංකා ජයග්‍රහණ 03 ක්‌, රන් පදක්‌කම් 30 හිමිකර ගැනීමද, 2015 වසරේදී සමස්‌ත ලංකා ජයග්‍රහණ 06ක්‌ හා රන්පදක්‌කම් 62 ක්‌ හිමිකරගෙන දිවයිනේ විශිෂ්ටතමයා බවට පත්වීමද මෙහි විශිෂ්ටත්වයයි. මෙවැනි වූ උසස්‌ මට්‌ටමේ අධ්‍යාපන ආයතනයක්‌ හරහා ඔබේ දරුවාට ලැබෙන්නේ ජාත්‍යන්තර මට්‌ටමේ අධ්‍යාපනයයි. නිවැරදි ජාත්‍යන්තර මට්‌ටමේ ඉංග්‍රීසි ඉගැන්වීම් ජාත්‍යන්තර මට්‌ටමේ තරග විභාග හරහා දරුවාට ලැබෙන්නේ තාවකාලික ප්‍රගතියක්‌ නොව සදාකාලික දැනුම හා ප්‍රගතියයි. කුඩා පැළයක්‌ සිටුවා එයට නිසි කාලයේ වතුර හා පොහොර දැමීමෙන් එම පැළය ගසක්‌ දක්‌වා වර්ධනය වී පසුකලෙක මහා ඵල දරන වෘක්‍ෂයක්‌ බවට පත්වෙයි.

එලෙස කුඩා අවධියේ පටන් නිසි ඉංග්‍රීසි භාෂා පරිහරණය මග පෙන්වීම නිවැරදි ඉගැන්වීම් ඉංග්‍රීසි භාෂාව සඳහා සුදුසුම වයස්‌ කාණ්‌ඩ වලදි ලැබෙන්නේ නම් ඔවුන් නිසැකවම සමාජය නමැති මහපොළොවේ පළ දරන මහා වෘක්‍ෂයන් වනු නොඅනුමානය. විස්‌කිඩ් පෙර පාසලෙන් දරුවාට ලබාදෙන නිවැරදි අඩිතාලම එහි London Academy of English හරහා පළමු වසරේ සිට උසස්‌ පෙළ හා ඉන් ඔබ්බටත් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යයUniversity of West London හා Victoria College ආයතන සමග අනුබද්ධවී ජාත්‍යන්තරව පිළිගත් විභාග ඔස්‌සේ දරුවන් පෝෂණය කොට දරුවන්ගේ අනාගතය බැබලවීම සඳහා පෙර ගමන්කරුවෙකුගේ කාර්ය භාරය සිදුකරයි.

London Academy of English දූ දරුවන් අෆාන් අන්වර් දිහේලි ජිත්යා (සමස්‌ත ලංකා ජයග්‍රාහක) සෙනුරි ඒ. එච්. එච්. ෂිම්රා, නතාලියා කේෂිණී (සමස්‌ත ලංකා ජයග්‍රාහක), ශිµaකි හම්දාන්, සශේන් සංකල්ප, උමේකා සිල්වා, ඔවිනි සෙනාරා, තරුෂි ජලංගනා, ආවින් ලෝෂිත (සමස්‌ත ලංකා ජයග්‍රාහක), දෙව්මි කෝදාගොඩල නෙත්මි අහින්,සාල දෙව්ලි දෙහංසා (අවසන් වටයට සුදුසුකම්ලත්), ලිසෙන්යා නෙත්සදී, සෙනුලි දිනෙත්මා, නෙත්මි තරුෂිකා, මොසදි අනුත්මා (අවසන් වටයට සුදුසුකම්ලත්), ගවේෂ් කවීජ, ජෙරමායා බෲක්‌ලින්, ආවින් දෙව්සර, නිහාර කවීෂ, සනුජ රසාංජන, විනූ තිසලක, මනුජ සංකේත් (අවසන් වටයට සුදුසුකම්ලත්), අමීරා අන්වර්, පූජනී දහම්සරා, ෂෆ්කා හෆ්ලත්, දෙව්මි සංජනා, දුලන්යා තිනෝමි (අවසන් වටයට සුදුසුකම් ලත්), දිනෙත් නෙත්මින, ගයන්සා අනිත්මි (අවසන් වටයට සුදුසුකම් ලත්) හිරුණි රසාංජනා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.