වෑකන්ද -21
වර්ණ භාවිතාව

'වර්ණ' හා බැඳුන බොහෝ දේ ඇත. ඒ අතරින් අපට සමීප වූ කරුණු කිහිපයක්‌ සිහිගන්වා ගනිමු. වර්ණ වදනින් විවිධ පාටද නම් කෙරෙති. විවිධ ගති සොබාවේ හඳුන්වන අවස්‌ථාවලදී පාට ද තවත් අරුතකින් යෙදේ. ඒ ප්‍රශ්නාර්ථය මතු කරමින් කොහොමද හැටි පාට වශයෙනි. වර්ණතාව යන්නෙන් කැමැත්ත යන අදහස ද මතුවෙයි. ඇසට යොමුවන සියල්ල මතකයේ රැඳෙන්නේ එහි ඇති වර්ණය පාට නිසාමය. සොබාවය වෙනුවට ද පාට යන්න යෙදන අයුරු "මිනිහා එන පාට හරි නැහැ" යන වදනින් ද පැහැදිලි වෙයි. 'වර්ණ ප්‍රදානය' යයි යෙදෙන තැනේදී එය ත්‍යාග ජයග්‍රහණ, සම්මානය යන අරුත ගෙන දෙයි. බුද්ධ රශ්මිමාලාව ෂඩ් වර්ණයෙන් යුතුය ඒ නීල (නිල්), පීත (කහ) ලෝහිත (රතු) ඕදාත (සුදු) මංජ්‍යෙෂ්ඨ (මදටිය, තැඹිලි), ප්‍රභාෂ්වර (මිශ්‍ර සියලු පාට වල එකතුවෙන් හැදෙන පාට) වශයෙනි. මීට සවනක්‌ රැස්‌ කියා ද කියති. දේදුන්න අහසෙහි මේ පාටවලින් දැකිය හැක. හිරු එළිය ජලය පසාරු කිරීමෙන් මෙය සිදුවෙයි.

පෙර කල ප්‍රජාතන්ත්‍රවාදයේ සිය කැමැත්ත පුද්ගලයාට ප්‍රකාශ කළේ ද ඒ අයට නියමිත වූ පාට ලාංඡනය ලෙස සලකමින්ය.අප රටේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිත මන්ත්‍රීන් තෝරා පත් කරගත්තේ ද ඒ අයුරුන්ය. දේශපාලන පක්‍ෂ අදත් වර්ණයට පැටෙලති. මරා ගනිsති.

වර්ණයන් ශුභ (මංගල) අශුභ (අවමංගල) අවස්‌ථාවන් ද සම්මතයේ බෙදා වෙන්කර ගෙන තිබේ. ශුභ, අශුභ දෙකේදීම සුදු භාවිත වේ. අවමඟුල්වලදී හා මංගල කටයුතුවලදී සුදු ඇඳුමින් සැරසුණේ ඒ අනුවයි. කලු වර්ණය ශෝකය ප්‍රකාශ කරයි. කලු පටි බැඳීම ශෝකය ද අප්‍රසාදය ද දැක්‌විය. අවමඟුලකදී ක්‍රිස්‌තු බැතිමතුන් කළු වර්ණයම භාවිත කරති. ස්‌ත්‍රී පුරුෂභාවය අනුව කුඩා දරුවන්ට සම්මතයේ ඇඳුම්වලට ද වර්ණ වෙන් කර ගෙන ඇත. ඒ පිරිමින්ට 'ලා නිල්' සහ ගැහැනුන්ට 'රෝස්‌ වශයෙනි. එපමණක්‌ නොව තමන් යෙදෙන කාරණාව, අනුව ද වර්ණ භාවිතය වෙනස්‌ වේ. බෞද්ධයන් වෙහෙර විහාරස්‌ථානවලට යන විට ද සීල සමාදානයේ යෙදෙන විට ද සුදුÊපැහැයට භාවිත කරත්, විවිධ (රැකියාවලට, කාරණාවලට) අයත් නිල ඇඳුම්වලට ද වර්ණ වෙන් කර ගෙන ඇත. ආරක්‍ෂක සේවා හා පාසල් නිල ඇඳුම් මීට කදිම නිදසුන් ය.

පාරිභුද්ධ භාවය දැක්‌වූයේ සුදු පාටින් ය. පාවාඩ දැමීමේදී හා වියන් බැඳීමේදී සුදු රෙදි භාවිත කළේ ඒ අනුවයි. මහා සංඝරත්නයට ආසන පැනවීමේදී ද දන් පිළිගැන්වීමේ දී ද සුදු පැහැය ගත්තේ ද පාරිශුද්ධභාවය ආරක්‍ෂා කර ගනු පිණිසය. මේ අනුසරින්ම සුදුට හුරු ගොක්‌ අතු කොළ විවිධ වූ ශුභ කටයුතු ශාන්තිකර්ම ආදී සැරසිලිවලට භාවිත කරයි. මින් ආලෝකය ද සුදු එළිය ද ලබා දෙති. ආරුක්‌කු, රැලි පාලම්, නැමි, ගෙඩි, කුඹ, වියන්, පාවාඩ, මාල, පුන්කලස්‌, චත්‍ර, වගු, පැළලි, මල්පැළ, ගුහාල, පහන් ගෙවල්, අයිල ආදී ගොක්‌ කලාවෙන්ම සැරසුනේ වර්ණයට ප්‍රමුඛස්‌ථානය ලබා දීම නිසාය. පිරිතකට මෙන්ම අවමඟුලට ද ඒ සුදු ගොක්‌ භාවිතය සිදු වෙයි.

බෞද්ධයන් බණ මඩුව, කොඩි ගහ සැරසුම් කළේ ද බෞද්ධ කොඩිය සකස්‌ කර ගත්තේ ද ආරම්භයේ ම දක්‌වන (ෂඩ්වර්ණ) සවනක්‌ රැස්‌ වල වර්ණයෙන්ම ය.

නක්‍ෂත්‍රයේ භාවිත වන ග්‍රහයින්ට ද නියමිත වූ වර්ණ ඇත. රවි (හිරු) ට තඹ පාට, සඳු (චJද්‍රයාට) රිදී සුදු පාට, කුජ (අඟහරු) ට රතු පාට, බුධට පලා (ලා කොළ) පාට ගුරුට කහ පාට, කිවි (සිකුරු) ට සුදුÊපාට, ශනි (සෙනසුරු) ට නිල් පාට, රාහුට රතු හා කහ පාට සහ කේතුට දම් පාට වශයෙනි.

සන්නිවේදනයේදී වර්ණ, පාටවලින් වටිනා කාර්යභාරයක්‌ සිදුවෙයි. ඒ නම් සංකේත ලෙස භාවිත කිරීමයි. සුදු කොඩි වැනීම, එසවීම, සාමය ප්‍රකාශ කිරීමකි. රතු අනතුර මෙන්ම නො එන ලෙස දන්වා සිටීමයි. කළු අප්‍රසාදය

නො එන ලෙස දැන්වීමයි. අද නවීන මාර්ග සංඥා, ආලෝකයෙන් ද මෙය සනාථ වෙයි. කොළ පැහැය නිදහස්‌ ගමන ද, කහ පැහැය ගමනට සූදානම ද රතු පැහැය නැවතීම ද දක්‌වයි. විවිධ පාට රාශියක්‌ ඇතත් ඒ සියල්ල ප්‍රධාන වර්ණ පහ සංයෝජනය කිරීමෙන් සාදා ගනී. ඒ ප්‍රධානත්වය ලබන්නේ සුදු, රතු, කළු, කහ, සහ නිර්වාර්ණයන්ය.

සම්මතයේ සුදු පැහැ හික්‌මීම, පාරිශුද්ධFවය පෙන්වයි. සිංහල මංගල චාරිත්‍ර පැවැත්වීමේදී මව්ගෙන් බිව් කිරිවල ප්‍රමාණය දැක්‌වීමට සුදුÊපැහැති රෙදි කච්චියක්‌ මනාලියගේ මෑණියන්ට පුදා සිටින්නේ ද ඒ කෘතවේදී ගෞරවය දැක්‌වීමටයි. රතු පාට, කිල්ල අපිරිසිදු බව රාගය, අනතුර ද යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍ර රීරියකා ද සංකේත කරයි. කළු පැහැයට මහසෝනා ද අපිරිසිදු භාවය ද පෙන්වයි. කහ පාටින් ඥාන ශක්‌තිය, සිල්වත් බව, පිත, සේම පාරිශුද්ධ බව ද සංකේත කරයි. හිරු නැඟෙන්නේ කහ කැටියා පැහැයෙනි. බැස යන්නේ (විලිකුන් සුරත් ඵල) රතු පැහැයෙනි. චJද්‍රයා සෞම්‍ය කහ පැහැයෙන් නැගී දම් පැහැයෙන් බැස යති. ඒ සොබා වර්ණ සංයෝජනයයි.

අපේ පැවැත්මේදී වර්ණ හා ඒවා භාවිතය පිළිබඳව මද හෝ දැනුමක්‌ ලබා තිබීම කිසිදුÊබෙදීමකින් තොරව සෑම කෙනකුටම යම් ප්‍රයෝජනයක්‌ විය හැක.

මාමිනියාවේ ඉලංගසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.