අන්ත්‍රාවයි
ඊළඟ වැස්‌සට ගඟේ ගසාගෙන යාමට නියමිතය

වැල්ලම්පිටියට පමණක්‌
සීමානොවන අන්තරාවක පූර්ව සිහිපත්කිරීම

කැලණි ගඟ පිළිබඳ සෞන්දර්යාත්මක වදන් එමටය. කවියන්ට නම් කොමළියකි. සාහිත්‍යධරයන්ට රූමත් සොඳුරියකි. මෙවැනිම වූ ප්‍රේමණීය වදන් තව තවත් පබැඳෙමින් පැවතියදී කැලණි ගඟ නිහඬව නිසොල්මනේ කැලණියෙන්ම මුහුදට ගලා බසී.

එ පායන කාලයටය. එහෙත් වැසි සමයේදී, සාහිත්‍යධරයන්ගේ මේ ආදරණීය සොඳුරිය, මරු විකල්ලෙන් දඟළන මළ යක්‌ෂණියක්‌ ලෙස පෙනෙන්න ගන්නේ ගඟ දෙපස පදිංචිකරුවන්ටය.

කොයි මොහොතේ තමන් පදිංචිව සිටින නිවාසය නැත්නම් තමන් සන්තක බිමි කොටස ගලවාගෙන මුහුදට ගෙනයාදොaයි, ඔරවාගෙන ගඟ දෙස බලා සිටින ඔවුන් පසුවන්නේ මර බියෙනි. මෙතෙක්‌ ලැබූ අත් දැකීම් නිසාම එA තත්ත්වය ඔවුනට උරුමවී ඇත.

වැල්ලම්පිටිය, හල්මුල්ල 01 කොටස ප්‍රදේශයේ නීත්‍යානුකූල සAතීර පදිංචිකරුවන්ගේ නිවාස 50-60ක පමණ ප්‍රදේශයක්‌ මේ වනවිට භයානක අවධානමකට ලක්‌වෙමින් පවතී. කැලණි ගඟේ මේ ප්‍රදේශයේ පළල මීටර්200කට වැඩිය. මීටර් 300ක පමණ කොටසක්‌ පුරා වංගුවක්‌ නීර්මාණයවී එය වේගයෙන් ගොඩ බිම ඛාදනය කරමින් පවතී. සමහර නිවාස අයිනටම ගඟ පැමිණ ඇති අතර මිදුල් පුපුරා අඩියක්‌ පමණ පළල් විවර සෑදී ඇත.

ප්‍රශ්නය මහා අවුලක්‌ බවට පත්වන්නේ එළඹෙන වැසි සමයත් සමගය. ගඟේ බෝට්‌ටුවක්‌ ගියවිට ඇතිවන රැල්ලෙන් පෙනි පෙනීම ඉවුරෙන් කොටසක්‌ ගඟට වැටෙන බව මේ ප්‍රදේශයේ සංචාරයක නිරතවුනු අපටද දැක ගන්නට ලැබුණේය.

ගඟ අයිනේ පදිංචි එම්. දේවිකා මහත්මිය දරුවන් 06 දෙනෙකුගේ මවක්‌වන අතර ගඟට මීටර් 50ක්‌ පමණ මෙහායින් පර්චස්‌ 15ක්‌ මිලට ගන්නේ මීට වසර 2-3කට පෙරය. ගතවූ කාලය තුළ වේගයෙන් ඉවුර ගිල ගත් ගඟ මේවන විට ඇගේ කුඩා ඉඩමෙන් පර්චස්‌ 05කට වැඩි කොටසක්‌ අනුභවකර ඇත.

"අනේ මහත්තයෝ, අපි දුප්පත් මිනිස්‌සු, මේ ඉඩම ගත්තේ නාගහමුල්ලෙන් ලැබුණු වන්දිවලින්. අපි දන්නෙ නෑ මෙහෙම ගඟට යන බවක්‌. මට කුඩා දරුවොත් ඉන්නවා. අපිට ඕනේ කොහොම හරි මේ ගඟට බැම්මක්‌ දාලා මේ ඉඩම්. ගෙවල් ගඟට යන එක නවත්වා ගන්න"යි.

මයිකල් පෙරේරා මහතා ගේ නිවස පිහිටා ඇත්තේද ගඟට මායිම්වය. ඊළඟට ගඟ, ඇඟිල්ල දිගුකරන්නේ ඔහුටය.

"රැයක්‌ දවාලක්‌ නෑ මහත්තයෝ. උඩහ වැස්‌සත් අපි බයවෙනවා. ගඟේ වතුර වැඩි වෙන කොට අපි බලන්නෙ මොනව වෙයිද කියලයි. මගේ ඉඩමේ මායිමේ ගඟ දැන් තියෙන්නේ. ඊළඟ වැස්‌සට මොනව වෙයිද දන්නෙ නෑ."

නිරෝෂ් පෙරේරා මහතාද මේ කරදරයේ තවත් උරුම කරුවෙකි. ඔහුටද පැවසීමට යමක්‌ ඇත. "අපි මෙහෙ පරම්පරාගතව ඉන්න අය. මේව නීත්‍යානු කූල ඔප්පු තියෙන ඉඩම්. මීට එහායින් පාරක්‌ තිබුණා. එAක ගඟට ගියා. ගෙවල් කීපයක්‌ම තිබුණා එAවත් ගඟට ගියා. දැන් මගේ ඉඩමෙනුත් පර්චස්‌ 5-6 විතර ගඟට ගිහින්. ආණ්‌ඩුව දැන්වත් මේගැන සොයා බලලා අපිට විසඳුමක්‌ දෙන්න කියලයි අපි ඉල්ලන්නේ."

පසුගිය ජූලි මස ගංවතුර ගැලීමට පෙර මෙතරම් මේ ඉඩකඩම් ගෙවල් දොරවල් ඛාදනයට ලක්‌ව තිබුණේ නැත. දිනන් දින මේ ඉවුරේ වදින ගංදිය, නිසා ඉවුර කඩාවැටෙමින් තමන්ගේ දේපළ අහිමිවන අහිංසක මිනිසුන් ගැන සොයා බලන්නේ කවුද?

කාන්තී මහත්මියද මේ ඉඩම්වල පැරණිම පදිංචි කාරියකි. "මේ ගඟ ඉස්‌සර තිබුණේ ගොඩාක්‌ ඈත. දැන් ගඟ මැද හරියෙ විතර ඉස්‌සර හොඳ ගෙවල් තිබුණා. ඊට එහායින් පාරකුත් තිබුණා. දැන් ගඟ එන්න එන්නම මෙහාට එනවා. මගේ ඉඩමෙන් පර්චස්‌ 4-5ක්‌ දැනටමත් ගිහින්. ඊළඟ වැස්‌සත් එක්‌ක මේ පැත්තේ ගෙවල් ඉතුරු වෙයිද දන්නේ නෑ. අනේ මහත්තයෝ කොහොම හරි ආණ්‌ඩුවට කියලා ගඟේ ඉවුරට බැම්මක්‌ දාගන්නයි අපිට ඕනේ."

සුසන්ත කුමාර මහතාගේ ඉඩමේද පර්චස්‌ ගණනාවක්‌ මේවන විට ගඟ අයිතිකර ගෙන සිටිති. ඔහු පවසන්නේද "අපි ආණ්‌ඩුවෙන් ඉල්ලන්නේ මහා විනාශයක්‌ වෙන්න ඉස්‌සෙල්ලා අපිට පිහිට වෙන්න කියලයි. මුහුද ගොඩකරලා ව්‍යාපෘති කරන මේ කාලෙ මේ ගඟ අයිනෙන් බැම්මක්‌ දාන එක ලොකු දෙයක්‌ නෙවෙයි. එහෙම කරනවානම් අපි ලෑස්‌තිය නොමිලේ ඕනෑම උදව්වක්‌ කරන්න උනත්."

ජයන්ත ජයවික්‍රම මහතාගේ පර්චස්‌ 56ක ඉඩමෙන් දැන් ඉතිරිව ඇත්තේ පර්චස්‌ 8-10 පමණ කොටසකි. ඉතිරි කොටසිනුත් සැළකිය කොටසක්‌ දැනටත් ඉරිතලා ගොස්‌ ඇත.

ඔවුන්ගේ ඔප්පු සහ ප්ලෑන් අපට පෙන්වූයේ තිබුණු ඉඩම් ප්‍රමාණය තහවුරු කිරීම පිණිසය. මීට වසර 30-40කට පෙර ගඟේ පළල මීටර් 20කට වඩා නොමැති බවද ඔවුන් පවසන්නේ මේවන විට මීටර් 200ට වඩා පළලවී ඇති ගඟ පෙන්වමිණි.

ගඟ මෙතරම් පළල් වන්නටත්, වංගුවක්‌ නිර්මාණය වන්නටත් හේතු ගණනාවක්‌ ඇතිබව අපටද පෙනීයයි. වැලි ගොඩ දැමීමත් බෝට්‌ටු ධාවනයත් පෙනෙන්නට තිබෙන සාධක ලෙස ගම්වැසියන් සමහරෙක්‌ පවසති. කෙසේ වෙතත් හේතූන්වලට එකිනෙකාට ඇඟිල්ල දිගුකර සිටීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

ඉතාම අවධානම් තත්ත්වයේ ඇති නිවාස ගණන 50-60 පමණ බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. මේ ව්‍යාසනයට ලක්‌වූ තව තවත් පිරිස්‌ අදහස්‌ දැක්‌වූවද එA සියල්ලම සමාන වූ කතන්දරය. අවිනිශ්චිතබවත්, සැකයත්, බියත්, දුකත් සහිතව ගෙවෙන ඔවුන්ගේ ජීවිත සහ දේපල සුරක්‌ෂිත භාවය වෙනුවෙන් අනිවාර්යයෙන්ම රජය අද හෙටම පැහැදිළි යමක්‌ කළ යුතුම වෙයි.

ගඟේ හානියට පත්වෙමින් පවතින වංගු සහිත කොටසට හදිසියේ ශක්‌තිමත් බැම්මක්‌ යෙදීමට ක්‍රමවේදයක්‌ නැතිනම්, විශාල ප්‍රමාණයේ කලුගල් කුට්‌ටි බැම්මක්‌ ලෙස පිළිවෙලකට යෙදීමෙන් වැසි සමග එන ගංවතුරෙන් ඇතිවීමට නියමිත භයානක අණතුර සමනය කරගැනීමට හැකිවණු ඇත.

එසේ නොමැතිවුවහොත් කිසිදු විශ්වාසයක්‌ නැති දේශගුණයත්, කැලණි ගඟත් රැයක්‌ එළිවනවිට රටක්‌ හඬවන වැඩක්‌ නොකර සිටිතැයි කාටනම් කිව හැකිද. මහත්වරුනි. ඊට පෙර යුතුකම් ඉටුකරන්න.

ඡායාරූප - සුජාතා ජයරත්න
අමරසිංහ මාලගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.