චක්‌ගුඩු පැනීම වෙනුවට කොම්පියුටර් පැනීම

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි

ළමයින්ගේ පෝෂණය සම්බන්ධ විෂය ක්‌ෂේත්‍රයේදී අපේ රටේ ඉතා මෑතක්‌ වන තුරුම කතාබහ කෙරුණේ ළමා මන්දපෝෂණය ගැන පමණි. එහෙත් දැන් ළමා තරබාරු බව ගැන ද කතාබහ කිරීමට අනිවාර්යයෙන්ම සිදු වී ඇත්තේ ළමා තරබාරු බව අපේ රටේ ඉතා ශීඝ්‍රයෙන් වැඩි වී ඇති නිසාය. ළමා තරබාරු බව එලෙසින් වැඩි වී ඇත්තේ ළමා මන්දපෝෂණය ද එලෙසින්ම තිබෙද්දී වීම වඩාත් කනගාටුදායක තත්ත්වයකි. එයින් පැහැදිලි වන සත්‍යය වන්නේ පෝෂණ සමතුලිතතාවයේ රැඳී සිටින ළමයින් ප්‍රතිශතය එන්න එන්නම අඩු වන බවයි. නිරෝගී ළමා ප්‍රතිශතයද ඒ අනුව එන්න එන්නම අඩු වෙයි.

ළමා තරබාරු බව ඉතාමත් අවදානම් සහගත සෞඛ්‍ය ගැටලුවකි. අද ළමයින්ට වැළඳී ඇති දියවැඩියා ප්‍රතිශතය 16% දක්‌වා අතිසීග්‍රයෙන් වැඩි වී ඇත්තේ මෙම ළමා තරබාරු බව නිසාය. දියවැඩියාවට අමතරව ශරීරයේ කොලෙස්‌ටරෝල් ප්‍රමාණය වැඩි වී ඒවා ධමනි වල තැන්පත් වෙමින් ඉතා අඩු වයසෙන් හෘදයාබාධ සහ අංශභාගය වැළඳීමේ අවදානමද ඔවුන්ට ඉතාම වැඩිය. අධික රුධිර පීඩනය, හන්දි ගෙවීයැම ආදිය ඉතා ඉක්‌මනින් ළ`ගාකර ගැනීමටද ඔවුන් පාර කපා ගෙන ඇත.

තරබාරු බවට ගොදුරු වූ ළමයාගේ ඇ`ග තමන්ට ඔසවා දරා ගත නොහැකි නිසාම ක්‍රීඩා ව්‍යායාම ඇතුළු ශරීර ක්‍රියාකාරකම්වලට මැළි වෙයි. ඇත්ත වශයෙන්ම තරබාරු දරුවන් ඉගෙනීමේ කටයුතු ස`දහා ද දක්‌වන්නේ මැලිකමකි. ශරීර ක්‍රියාකාරකම් අඩු වීම තරබාරු බව වැඩි වීමට හේතු වෙයි. එනම් තරබාරු බව විෂම චක්‍රයක්‌ බවට පත් වෙයි. එසේ විෂම චක්‍රයක්‌ බවට පත් වී ඉහත රෝගී තත්වයන් සියල්ල සහ ඒවා ඇතිවීමට තිබෙන දැඩි අවදානම තවදුරටත් උත්සන්න කෙරෙයි.

ජීවිතයේ මුල් අවුරුදු දෙක තුළ තරබාරු බවට පත් වෙන දරුවා පසු ළමාවියේදී ද වැඩිහිටි වියේදී ද තරබාරු වීමේ ප්‍රවණතාවය වැඩි බව හෙලි වී ඇත. බොහෝ දෙමවුපියන් විශේෂයෙන් අම්මලා දරුවන් කුඩාකල බෝලගෙඩි වාගේ සිටීම ගැන බොහෝ සේ සතුටු වුවත් ඒ පසුපසම තරබාරු බව පැමිණෙන බව සිහි තබා ගත යුතුය. ඒ නිසා දරුවා ඉපදුණුq දා සිටම දරුවාගේ පෝෂණ සමතුලිතතාව පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය.

ළදරු වියේදී පමණක්‌ නොව ඉන්පසුවද ළමයින් බෝල කිරීමේ සෙල්ලමක්‌ නගරාශ්‍රිතව පවතින බව රජයේ උසස්‌ නිලධාරියෙක්‌ කලකට පෙර මා සමඟ පැවසුවේ අද ළමයින්ට මුහුණ දෙන්නට සිදු වී ඇති මේ උවදුර පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමේදීය. මේ සෙල්ලම අවසන් වන්නේ ළමයා තරබාරු බවට පත් වී සෑම අතින්ම රෝගියෙක්‌ බවට පත් වීමෙන් බව එවැනි දෙමව්පියන්ට මතක්‌කර දිය යුතුය. වෙනත් විදිහකට කියනවානම් ළමයා බෝල කිරීමේ සෙල්ලම අනිවාර්යයෙන්ම ලෙල්ලමක්‌ වන සෙල්ලමකි.

ළමා තරබාරු බව මෙතරම් ශීඝ්‍රයෙන් වැඩි වීමට ප්‍රධාන හේතුවක්‌ සේ හඳුනාගත හැක්‌කේ සෙල්ලම් කිරීම, ක්‍රීඩා සහ වෙනත් ශරීර ක්‍රියාකාරකම් ආදිය නූතන දරුවන්ට අඩු වීමය. විද්‍යාත්මක පිළිගැනීම වන්නේ දරුවන්ට නිසි වර්ධනය සහ සෞඛ්‍යානුකූල ජීවිතයක්‌ පවත්වාගැනිම ස`දහා වයස මුහුකුරා ගිය අය මෙන් දෙගුණයක ශරීර ක්‍රියාකාරකම් ප්‍රමාණයක්‌ අවශ්‍ය වන බවයි. සොබා දහම විසින් දරුවන්ට නිතරම දැ`ගලිල්ල උරුම කර ඇත්තේද ඒ නිසාය.

මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ඉතා දුෂ්කර පාසලක මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩමු`එවකට දිනක්‌ මම සහභාගි වුණෙමි. ඊට සහභාගි වූ එක්‌ දේශක හිමිනමක්‌ එම දරුවන්ගෙන් ''අම්මලා මේ දරුවන්ට සෙල්ලම් කරන්නට දෙනවද'' කියා ඇසූ විට ඔවුන් එක හ`ඩින්ම පැවසුවේ නෑ කියාය. එවිට ඒ හිමිනම දරුවන්ගෙන් නැවතත් ප්‍රශ්න කළේ'' එහෙනම් අම්මලා කියන්නේ ඔයාලට මොනවා කරන්නට කියලා ද?'' යනුවෙනි. එවිට දරුවන් දුන් පිළිතුර වූයේ ''පාඩම් කරන්නට කියලා'' යන්නයි. මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කර පාසලකත් තත්ත්වය එය නම් දිවයිනේ අන් වඩාත් තරගකාරී ප්‍රදේශවල තත්ත්වය ගැන කුමන කතා ද ?

අද අපේ රටේ දරුවකු උපන්දා සිටම ඇද දමන්නේ කිසිසේත්ම දරුවාට ඔරොත්තු නොදෙන අසීමිත අධ්‍යාපන තරගයකටය. මේ ප්‍රශ්නය ගැන උනන්දුවක්‌ ඇති අය අද අම්මලා දරුවා බඩේ සිටිද්දීම ඉදිරියේ දරුවාට එන විභාග පාස්‌ කර ගැනීම සඳහා ටියුෂන් යන බව පවසන්නේ එබැවිනි. ''ඔය සෙල්ලම පැත්තකට දාල පාඩම් කරන්න'' යන මැසිවිල්ල නුතන අම්මලාගේ උදාන වාක්‍ය බවට පත් කෙරී ඇත.

අද දරුවන්ට සතියේ දින හතේම ටියුෂන්ය. මාසයේ දින තිහේම ටියුෂන්ය. අවුරුද්දේ දින තුන්සීය හැටපහේම ටියුෂන්ය. පාසැල නැති සෑම වෙලාවකදීම එක්‌කෝ ටියුෂන්ය. එහෙම නැත්නම් පාසැල් වෑන් රථයේ හෝ ටියුෂන් යැම සඳහා මග තොටේය. එක්‌ දරුවකුට ඇඳුමක්‌ මැසීම සඳහා අවශ්‍ය මිනුම් ගැනීමට වේලාවක්‌ වෙන් කර ගැනීමට වෙහෙසුනු ඇඳුම් මසන්නකුට පාන්දර හතර ඒ සඳහා වෙන් කර ගැනීමට සිදු වූයේ ඒ නිසාය. මාස කීපයකට වරක්‌ සිදු කරන ඇඳුමක්‌ මසා ගැනීමට අවශ්‍ය මිනුම් ලබා දීම සඳහාවත් වේලාවක්‌ නැති දරුවන්ට දිනපතා සෙල්ලම් කිරීම සඳහා කෙසේ නම් වේලාවක්‌ ලබාගන්නද ? මෙය ගෙතූ විහිලු කතාවක්‌ සේ පෙනුනද සැබෑ තත්වයද එයට කිසිසේත්ම දෙවැනි නැත. මෙයට දශක කිපයකට පෙර ද අප රටේ ටියුෂන් පන්ති තිබුණද ඒ ස`දහා වෙලාවක්‌ කලාවක්‌ තිබූණි. ඒත් දැන් පාන්දර 4 සිට රාත්‍රී 12 දක්‌වා ටියුෂන් ගුරුවරයා ලබා දෙන ඕනෑම වෙලාවකට ටියුෂන් යැම ස`දහා දරුවා සූදානම්න් සිටිය යුතුය.

විවේකයක්‌ ලද විටක හෝ අද දරුවන් කරන්නේ කය වෙහෙසන්නේ නැති දාඩිය දමන්නේ නැති සිරුරට අනවශ්‍ය මේදය දවාලන්නේ නැති කම්මැලි අක්‍රීය සෙල්ලම්ය.

එදා දරුවන් කළේ ඔට්‌ටු ඇල්ලීම, තාච්චි පැනීම, අඹ ඇට පැනීම, දිවීම, චක්‌ගුඩු පැනීම, හැංගි මුත්තන් සෙල්ලම, බයිසිකල් පැදීම වැනි ඉතා සක්‍රීය සෙල්ලම්ය. එහෙත් අද දරුවන් කරන එකම සෙල්ලම බවට පත්වී තිබෙන්නේ කොම්පියුටර් ගේම්ය. නූතන අම්මලා තාත්තලාද කිසිම පැකිලීමකින් තොරව ඒවා දරුවන්ට අරගෙන දෙති. ඇත්ත වශයෙන්ම ඒවා විවිධ ස්‌වරූපයෙන් දරුවන්ට දිස්‌ වුවද ඒවායේ ක්‍රියාකාරිත්වය බොහෝ දුරට සමානය. ඒ එකකින්වත් කය නම් වෙහෙසෙන්නේ නැත. දාඩිය දමන්නේ නැත. අනවශ්‍ය මේදය දවාලන්නේ නැත. ඉතින් එවැනි දරුවන්ගේ අනවශ්‍ය මේදය තව තවත් එකතු වී ඔවුන් තරබාරු බවට පත් වීම ගැන පුදුම විය යුතු නැත.

අනෙක්‌ අතට අද පාසැල් ළමයි පයින් යාමක්‌ ඇත්තේම නැත. බස්‌ හෝල්ට්‌ එකක දෙකක දුරක්‌වත් අද දරුවන් පයින් යන්නේ නැත. ඒ සඳහා පාසැල් වෑන් රථය, ත්‍රීවීල් රථය, හෝ මෝටර් බයිසිකලය ඔවුන්ගේ ''පිහිටට'' එයි. මේවා දරුවන් වෙත ඉතා මිතුරු ලීලාවෙන් පැමිණියද ඇත්ත වශයෙන්ම කරන්නේ හතුරුකමකි. දෙමව්පියන් සිතන්නේ ගෙදර ඉඳන් පාසලට ඇති දුර කොතරම් කෙටි වුවද තම දරුවා ''බුක්‌ හයර් එකක'' යෑවීම ආඩම්බරයට කාරණයක්‌ ලෙසිනි. එහෙත් එය දරුවාට දක්‌වන සැළකිල්ලක්‌ නොව නොසැලකිල්ලක්‌ බව තේරුම් ගත යුතුව ඇත.

එදා පාසැල් දරුවෝ දෙමව්පියන්ගේ වත්තේපිටියේ වැඩට, හේනේ කුඹුරේ වැඩට සහ ගෙදර දොරේ වැඩට උදව් වූහ. එමගින් ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලැබෙනවාට අමතරව ජීවන කුසලතා දියුණු වීමද සිදු විය. අද පාසැල් විෂය මාලාවට ජීවන කුසලතා නැමති විෂයක්‌ එක්‌වී තිබුණද එයින් දරුවන්ගේ ශරීර ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට කිසිම සේවයක්‌ සැළසෙන්නේ නැත.

අද දවසේ අපේ රටේ දරුවන් ගොදුරු වී ඇති එම දූෂිත විෂම විෂ සහිත බටහිර පන්නයේ නූතන ආහාර රටාවේ ප්‍රධාන ලක්‌ෂණ වන්නේ සීනි අධික වීම, සන්තෘප්ත මේදය අධික වීම, ලුණු අධික වීම, කෙඳි සහ ශාක රසායනික අවම වීම, රසකාරක වර්ණකාරක කල්තබාගන්නා රසායනික සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අධික වීම, නූතන ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඇති වන ශරීරයට ඉතා අහිතකර විකෘති මේද අම්ල සහ විකෘති ප්‍රොaටීන් අධික වීම ආදිය වෙයි. මේ එකදු ගුණයක්‌වත් ශරීර සෞඛ්‍යයට හිතකර නොවන අතර ඒවා සෑමවිටම හේතු වන්නේ පෝෂණ සමතුලිතතාවය බිඳ දමා තරබාරු බව දියවැඩියාව සහ වෙනත් එවැනි රෝග වෙත දරුවන් ඇද දැමීමටය.

මේ දූෂිත, විෂම, විෂ සහිත අධිරෝගකාරක ආහාර රටාවට ඇතුළත් ප්‍රධාන ආහාර පාන වන්නේ මෝල්ට්‌ අඩංගු කිරිපිටි, වෙනත් විවිධ ආකාරවල කිරිපිටි වර්ග, සොසේජස්‌ ඇතු`එ මස්‌ නිෂ්පාදන සියලු ආකාරයේ පැනි බීම වර්ග, අයිස්‌ පැකැට්‌ සහ අයිස්‌ ක්‍රීම් වර්ග, පේස්‌ටි්‍ර රෝල්ස්‌ කට්‌ලට්‌ ආදී පාන්පිටිවලින් සාදා ගැඹුරු තෙලේ බදින ආහාර වර්ග, තනිකරම සුදු පාන්පිටිවලින් සාදන බිස්‌කට්‌ පාන් බනිස්‌ ආදී ආහාර වර්ග, විවිධ රසකාරක අඩංගු ටොµs සහ චුචින්ගම් වර්ග, විවිධ නම්වලින් ආකර්ෂණීය ලෙස සාදා ඇති ස්‌නැක්‌ වර්ග සහ චොක්‌ලට්‌ වර්ග ආදියයි.

එම ආහාර පාන සියල්ලේම කිසිම පෝෂණ සමතුලිතතාවකින් තොර අධික කැලරි ප්‍රමාණයක්‌ අඩංගුය. ස්‌වභාවික ආහාරවල මෙන් නොව පෝෂණ වටිනාකමෙන් තොරව එසේ පවතින අධික කැලරි ප්‍රමාණය පෝෂණ විද්‍යාත්මකව හඳුන්වන්නේ හිස්‌ කැලරි (Eපචඑහ ඤකකදරසැs) යනුවෙනි. එම අධික හිස්‌ කැලරි ප්‍රමාණය දායක වන්නේ පෝෂණ සමතුලිතතාවක්‌ ඇති කිරීමට නොව තරබාරු බව දියවැඩියාව සහ වෙනත් එවැනි ලෙඩරෝග ඇති කිරීමටය.

ළදරු වයසේදී සහ ළමා වයසේදී ඕනෑවට වඩා දරුවන් මහත් කරවීම හොඳ දෙයක්‌ නොව සෞඛ්‍යයට ඉතා හානිකර දෙයක්‌ සේ සැලකිය යුතුය.

ළමයින්ට සෙල්ලම් කිරීමට ක්‍රීඩා කිරීමට සහ වෙනත් ශරීර ක්‍රියාකාරකම්වල යෙදීමට ඇති අයිතිsයට ගරු කරමින් ඒවාට සාධාරණ වේලාවක්‌ සහ අවස්‌ථාවක්‌ ලබා දිය යුතුය.

පයින් ඇවිදීම ඉතා යහපත් සෞඛ්‍ය පුරුද්දක්‌ සේ සලකා දරුවන් එහි යෙදවීමට ක්‍රියා කළ යුතුය.

දෙමව්පියන් ව්‍යායාම ස`දහා යන විට දරුවන්ද සමඟ යා යුතුය. කඩිසරව ඇවිදීමේ ප්‍රායෝගික ව්‍යායාම සැසි රැසක්‌ මෙහෙයවන අපට අත්දකින්නට ලැබී ඇති ඉතාම වැදගත් කාරණයක්‌ වන්නේ අම්මලා තාත්තලා වයායාම කරන විට සහ දරුවන්ට ඒ සම්බන්ධයෙන් ආදර්ශයක්‌ දෙනවිට දරුවන් අනිවාර්යයෙන්ම වයායාම වල යෙදෙන බවයි. කකුළු න්‍යාය පිළිපදිමින් දරුවන්ට පමණක්‌ ව්‍යායාම කරන්නට කීම නම් නිරර්ථක වෑයමකි.

3 අධික අසීමිත අධ්‍යාපන තරගය දරුවන්ට හිතකර දෙයක්‌ සේ නොව ඉතා හානිකර දෙයක්‌ සේ සැලකිය යුතුය.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට හානිකර නොවන පරිදි දරුවන් ගෙදර දොර වැඩවලටත්, වත්තේ පිටියේ වැඩවලටත්, හේනේ කුඹුරේ වැඩවලටත් සහාය කරවා ගත යුතුය.

දරුවන් නූතන ක්‌ෂණික, කෘත්‍රිම, දූෂිත, විෂම, විෂ සහිත අධිරෝගකාරක ආහාර රටාවෙන් මුදා ගෙන දේශීය, ස්‌වභාවික, නැවුම්, සම්ප්‍රදායික අහාර පානවලට හුරුකළ යුතුය.

අවශ්‍ය ශරීර ක්‍රියාකාරකම්වල යෙදෙමින් ක්‌ෂණික කෘත්‍රිම ආහාරවලින් වැළකෙමින් ශරීර බර අවශ්‍ය පමාණයට වඩා වැඩි නොවී තබා ගන්නා දරුවන් විශේෂ ඇගයීමකට ලක්‌කළ යුතුය.

පාසැල් අධ්‍යාපනයේදී දැනට වඩා දරුවන්ගේ ශරීර ක්‍රියාකාරකම් කෙරෙහි ප්‍රමුඛතාවක්‌ ලබාදිය යුතුය. මේ සඳහා සාමාන්‍ය පෙළ වැනි විභාගයකට ශරීර සුවතාවයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදී ඇති ප්‍රමාණය මැන බැලීම අනිවාර්ය විෂයයක්‌ බවට පත් කළ යුතුය.

ක්‍රීඩා වලදී එක්‌කෙනෙක්‌ හෝ කීපදෙනෙක්‌ දිනවන අන් සියල්ලම පරාජය කරන ක්‍රීඩාවලට වඩා සාමූහික ක්‍රීඩාවලටත් කඩිසරව ඇවිදීමේ වැඩසටහන් වැනි ක්‍රීඩාවලටත් දරුවන් වැඩි වැඩියෙන් යොමු කළ යුතුය. එවැනි ශරීර සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන ක්‍රීඩා එක්‌ පාසැල් වාරයකට සීමා නොකොට වසර පුරාම විහිදී යන ආකාරයට තිරසාර ලෙස පැවැත්විය යුතුය. මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ඇස්‌ වහාම යොමු විය යුතුය.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.