බාහිර උපාධියට සාධාරණයක්‌ විය යුතුයි!

* දුප්පත් පවුල්වල දුවා දරුවන්ගේ හෙට දවස අනතුරේ
* මුදල් ගෙවා හෝ ලබා ගැනීමට තිබූ අධ්‍යාපන අයිතිය අහිමි කිරීමක්‌

හරිත වර්ණසූරිය

රජයේ පිළිගත්, එසේ ම ඉහළ වැටුප් සහිත රැකියාවකට යන්නට උපාධිය අනිවාර්ය සුදුසුකමකි. අන්ත දිළිඳු ජීවිත ගතකළ බොහෝ දෙනෙක්‌ අද උපාධියේ පිහිටෙන් ඉතා හොඳ මට්‌ටමේ (ආර්ථිකව හා සාමාජිකව) ජීවිත ගත කරති. ප්‍රථම උපාධිය බාහිරව ලබාගත් අයට ද පරිපාලන සේවා හෝ එවැනි තරග විභාග හරහා ඉතා උසස්‌ සමාජ තත්ත්වයක්‌ ළ`ගා කර ගැනීමට හැකි විය.

එහෙත් අද වන විට බාහිsර උපාධියේ තත්ත්වය ඇත්තේ ගැටලු සහගත ස්‌ථානයක ය. බාහිර උපාධි ලබාදෙන ප්‍රමාණය විශාල ලෙස කප්පාදු කොට ඇතැයි යනුවෙන් හ`ඩක්‌ නැෙ`ගන අතර එය තම නිදහස්‌ අධ්‍යාපන අයිතියට බාධා කිරීමක්‌ යෑයි ද ශිෂ්‍යයෝ පවසති. අන්ත අසරණ වී ඇත්තේ අයදුම්පත් ලබාගැනීමට මුදල් ද ගෙවා ඉතා දිගු කලක්‌ තිස්‌සේ පංතිවලට ද සහභාගි වෙමින් පැතුම් පොදි අහස උසට බැඳගත් දරු දැරියන් ය.

කෙසේ වෙතත් මේ ප්‍රශ්නය දෙස විවිධ දෘෂ්ටි කෝණයන් ගෙන් බැලීම සුදුසු නිසා අප පළමුවෙන් ම යොමු වූයේ මේ ගැටලුව විසඳීමට පිහිටුවාගත් බාහිර උපාධි අධ්‍යාපන සංසදය වෙතට ය.

එම සංසදය බාහිර උපාධි ගැටලුවට මැදි වූ දරු දැරියන් ගෙන් ද, උගන්වන ආයතනවලින් ද ආචාර්යවරුන් ගෙන් ද සමන්විත වේ. මේ එහි කැඳවුම්කරු ආර්. එම්. සී. කේ. රත්නායක මහතා අප වෙත එවූ මේ සම්බන්ධව පළ කර ඇති නිවේදනයකි.

"2014, 2015 අධ්‍යයන වර්ෂ දෙකට අදාළව කැලණිය විශ්වවිද්‍යාලයයේ බාහිර උපාධි පාඨමාලාව සඳහා නවක සිසුන් බඳවාගැනීම පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කර ඇති අංක 2016/13 දරන චක්‍රලේඛය අනුව කැලණිය විශ්වවිද්‍යාලය ද ඇතුළුව ජාතික විශ්වවිද්‍යාලවල අදාළ පාඨමාලාවට සිසුනට ඇතුළත් වීමට ඇති ඉඩකඩ දැඩි ලෙස සීමා කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මේ නව නිර්දේශවලට අනුව සියලු ම විශ්වවිද්‍යාල බාහිර උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කරගත හැක්‌කේ එක්‌ අධ්‍යයන වර්ෂයක දී අභ්‍යන්තර පාඨමාලාවට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණයට සමාන ගණනකි. මේ නිර්දේශය අනුව උසස්‌ පෙළ සමත් එහෙත් විශ්වවිද්‍යාල අභ්‍යන්තර පාඨාමාලාවට ඇතුළත් වීමට අවස්‌ථාව නො ලැබෙන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට මුදල් ගෙවා හෝ උසස්‌ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය බරපතළ ලෙස සීමා කෙරෙන බව පැහැදිලි කරුණකි.

බාහිර උපාධි පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නව චක්‍රලේඛය ම`ගින් රජය අපේක්‌ෂා කර තිබෙන්නේ එක්‌ වසරකට අභ්‍යන්තර පාඨමාලා හදාරා උපාධිධාරීන් බවට පත් වන සංඛ්‍යාවට සමාන බාහිර උපාධිධාරීන් සංඛ්‍යාවක්‌ බිහි කිරීම වන බව පැහැදිලි ය. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයයේ බාහිර උපාධි පාඨමාලාවට අදාළ පසුගිය වසර ගණනාවක්‌ තුළ වාර්ෂික ව බිහි වූ බාහිර උපාධිධාරීන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව ගත හොත්, අභ්‍යන්තර උපාධිධාරීන් සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක්‌ බව පැහැදිලි වේ. එහෙත් එවැනි අඩු සංඛ්‍යාවක්‌ බාහිර උපාධිධාරීන් ලෙස පිට වූයේ, ඔවුන් ගේ ප්‍රථම වසරේ දී ලියාපදිංචි වූ දස දහස ඉක්‌මවූ සිසුන් සංඛ්‍යාවක්‌ අතුරින් බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

මේ පසුබිම යටතේ අභ්‍යන්තර සිසුන් සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක්‌ බාහිර උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් කරගත හොත්, ඔවුන් අතරින් ඉතා ම සුළු පිරිසක්‌ පමණක්‌ බාහිර උපාධිය සම්පූර්ණ කරගන්නා බව මැනවින් පැහැදිලි වේ. එබැවින් රජය අපේක්‌ෂා කරන පරිදි අභ්‍යන්තර උපාධිධාරීන් සංඛ්‍යාවට සමාන බාහිර උපාධිධාරීන් පිරිසක්‌a බිහි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සංගමයක්‌ ලෙස අපි දැඩි ලෙස එක`ගතාව පළ කරමු. එහෙත්a එවැනිs බාහිර උපාධිධාරීන් පිsරිසක්‌ බිහි කිරීමට නම් පාඨමාලාවට සිසුන් ඇතුළත් කරගැනීමේ දී අපේක්‌ෂිත උපාධිධාරීන් සංඛ්‍යාව මෙන් පස්‌ ගුණයක්‌ වන සිසුන් සංඛ්‍යාවක්‌ බඳවාගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා උසස්‌ පෙළ සමත් උගත් තරුණ පරපුරට උසස්‌ අධ්‍යාපනය හැදැරීමේ අවස්‌ථාව අහිමි නො කොට විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාවට ලියාපදිංචි වීමට අපේක්‌ෂිsත සියලු දෙනාට ලියාපදිංචි වීම සඳහා අවස්‌ථාව සලසා දිය යුතු බව අප ගේ අදහස වේ. එම`ගින් තරුණ පරපුර රජය පිළිබඳව අප්‍රසාදයට පත්වීම් ඉඩකඩ හා රජයට එරෙහි ව උද්ඝෝෂණ කිරීමට ඇති ඉඩකඩ නිතැතින් ම පාලනය වන බව අප සංගමයේ විශ්වාසයයි. මේ තත්ත්වය සම්බන්ධ සියලු ම තොරතුරු හා අදාළ යෝජනාවලියක්‌ අප සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම`ගින් සැම පාර්ශ්වයකට ම අපහසුතාවකට මුහුණ දීමට සිදු නො වී ගුණාත්මකභාවයෙන් පිරි සීමිත උපාධිධාරීන් බිහි කළ හැකි බව අප ගේ විශ්වාසයයි.

2013 වසරේ උසස්‌ පෙළ සමත් සිසුන් අතුරින් විශ්වවිද්‍යාලයයේ බාහිර උපාධි පාඨමාලාව ලියාපදිංචිය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා, පැවැති ක්‍රමය යටතේ බඳවාගැනීමට කටයුතු කරමින් සිටී. එහෙත් අදාළ සිසුන් ගෙන් මුදල් අය කර අයදුම්පත් නිකුත් කරන අවස්‌ථාවේ දී සිසුන් සංඛ්‍යාව සීමිත කිරීම පිළිබඳ කිසිදු ආකාරයක දැනුම් දීමක්‌ විශ්වවිද්‍යාලය විසින් සිදු කරනු ලැබ නොමැත. එසේ තිබිය දී මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලය අභ්‍යන්තර පාඨමාලා හදාරන සිසුන් මෙන් සමාන ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ එනම් කලා පාඨාමාලාව සඳහා සිසුන් 2000 ක්‌ පමණ සීමිත සංඛ්‍යාවක්‌ බඳවා ගැනීමට කටයුතු කරමින් සිටී. මේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් උක්‌ත අධ්‍යාපන වර්ෂයේ බාහිර පාඨමාලාව සඳහා මේ වන විට අයදුම් කර ඇති 14000 ක්‌ පමණ වන තරුණ පිරිසක ගෙන් අති බහුතරයකට බාහිර උපාධියක්‌ ලබාගැනීමට ඇති අවස්‌ථාව, අහිමි කරමින් තිබෙන බව කණගාටුවෙන් සඳහන් කරමු.

මේ වන විට විශ්වවිද්‍යාල බාහිsර උපාධි පාඨමාලා සඳහා සිසුන් බඳවාගැනීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග හේතුවෙන් උක්‌ත පාඨමාලාව සඳහා අයදුම් කර ඇතිs සිසුනට මුහුණ දීමට සිදු වන තවත් බරපතළ ගැටලු කිහිsපයක්‌ වේ.

1. සාමාන්‍යයෙන් මෙතෙක්‌ පැවැති ක්‍රමය අනුව ලියාපදිංචිය සඳහා අයදුම්පත් කැඳවීමේ සිට වසරක කාලයක්‌ තුළ ඔවුන් ගේ ලියාපදිංචි කටයුතු අවසන් කොට ප්‍රථම ශාස්‌ත්‍ර පරීක්‌ෂණය පැවැත්විය යුතු වේ. ඒ අනුව සිසුන් විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමු කළ මාසයේ සිට උක්‌ත පාඨමාලා සඳහා දේශන පවත්වන බාහිර උපාධි ආයතනවලට මුදල් ගෙවා තම විෂයයන් හදාරනු ලබයි. මේ පසුබිම යටතේa සිsසුන් සීමා කිරීමේ ඉහත නිර්ණායකය ක්‍රියාවට නැ`ගීම තුළිsන් බාහිර උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ සිසුන් විශාල පිරිසක ගේ දේශන සඳහා වියදම් කළ මුදල් නිකරුණේ අපතේ යන තත්ත්වයක්‌ පැනනැ`ගී තිබේ. මේ ක්‍රියාමාර්ගය දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් අසීරුවෙන් මුදල් සපයාගෙන වියදම් කරන දුප්පත් පවුල්වලට දැඩි ලෙස බලපාන බව අප ගේ විශ්වාසයයි.

2. බාහිර උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කරන අපේක්‌ෂකයන් අතරින් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක්‌ රජයට කිසිදු බරක්‌ නො වී දැනට රැකියාවල නියුතු තරුණ පිරිස්‌ බව පැහැදිලි වේ. ඔවුහු තම රැකියාවට අවශ්‍ය විෂය දැනුම, පුහුණුව හෝ උසස්‌ වීම් අපේක්‌ෂාවෙන් බාහිර උපාධියක්‌ ලබාගැනීමට යොමු වෙති. ඉහත නව නිර්ණායක මත පදනම් ව බඳවාගැනීමේ ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් රජයට බරක්‌ නො වී බාහිර උපාධියක්‌ ලබා ගැනීමට යොමු වන මේ රැකියා කරන පිරිසට උපාධියක්‌ ලබාගැනීමට ඇති අවස්‌ථාව සම්පූර්ණයෙන් ම ඇහිරී යැම තවත් බරපතළ ගැටලුවකිs.

ඉහතින් දක්‌වන ලද උගත් තරුණ පරම්පරාව මුහුණ දී සිටින ගැටලුව හේතුවෙන් ඔවුන් නැවත දැඩි මානසික පීඩනයකට හා කලකිරීමකට පත් වී ප්‍රචණ්‌ඩකාරි විය හැකි බව පැහැදිලි වේ. මේ තරුණ ප්‍රචණ්‌ඩත්වය, පවතින රජයට එරෙහි ව පැන නැෙ`ගන්නක්‌ වන අතර එය ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයට පවා බලපෑමක්‌ කළ හැකි මට්‌ටමක පවතී. ඒ නිසා මේ තරුණ ගැටලුව වහා විසඳීමේ අවශ්‍යතාවක්‌ පවතින බව රත්නායක මහතා අවධාරණය කරයි.

බාහිර උපාධි සඳහා ඇතුළත්a කරගන්නා ශිෂ්‍ය පිරිස අඩු කරලීමෙන් ශිෂ්‍ය ප්‍රජාවට අසාධාරණයක්‌ නො වන්නේ දැයි යන්න ගැන අප මීළ`ගට විමසා බැලුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා වෙතිනි. එහි දී බාහිර උපාධි කැඳවුම්කරු රත්නායක විසින් ඉදිරිපත් කරන ලද විශාල ප්‍රතිශතයක්‌ අතරම`ග දී හැළී යැමේ ගැටලුව ගැන ද විශේෂයෙන් සඳහන් කළෙමු. මේ දැක්‌වෙන්නේ මහාචාර්ය ද සිල්වා මහතා දුන් පිළිතුරයි.

"මෙහි දී ශිෂ්‍ය ප්‍රජාවට අසාධාරණයක්‌ සිදු කරන්නේ නැහැ. රටට අවශ්‍ය වන්නේ උපාධිධාරීන් සංඛ්‍යාත්මකව වැඩි කිරීම නො වෙයි. ගුණාත්මක උපාධිධාරීන් පිරිසක්‌ බිහි කිරීමයි. අනවශ්‍ය ලෙස ප්‍රමාණය ඉහළ යත් ම ගුණාත්මක බව පහළ යනවා. විශ්වවිද්‍යාලවලින් පිට වන දරුවන් ගේ පවා කුසලතා ඇත්තේ ඉතා පහළ මට්‌ටමක ය යන චෝදනාව බාහිර සමාජයෙන් නිතර නැෙ`ගන්නක්‌. ඉතිං එහෙම තත්ත්වයක්‌ පවතිද්දී දරාගන්න බැරි තරමට බාහිර උපාධි සංඛ්‍යාව වැඩි කළොත් මොකද වෙන්නේ.

2012 දී A- 3 ගත් විශාල පිරිසකට කළමනාකරණ තබා නිකං BCOM උපාධියට වත් ඇතුළු වන්න බැරි වූවා. මේ අය තමයි බාහිර උපාධිය ඉල්ලන්නේ. මේ අය කොහොම ද ගුණාත්මක නො වන්නේ. හැබැයි දැන් යන ක්‍රමයට A තුන ගත් අයටත් බැරි වෙයි වගේ. මෙතන දී තව දෙයක්‌ කිව යුතුයි. සමහර බාහිර උපාධි ආයතන අනවශ්‍ය කටයුතුවල යෙදුණා. සීමාව ඉක්‌මවා ගියා. ඒවායින් අපටත් කැළැල් ඇති වුණා. ඒත් මෙතන දී රජය දරුවන් ගැන අනුකම්පාවකින් කටයුතු කළ යුතුයි කියා මා විශ්වාස කරනවා".

ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා පවසන දේ ද නිවැරැදි ය. මන්ද යත් උපාධිය හෑල්ලුවට ලක්‌වීම ද භයානක ය. සංඛ්‍යාත්මකව උපාධි ඉහළ නංවන අතර බාහිර උපාධියේ ගුණාත්මකභාවය ද ඉහළ නැංවිය හැකි නම් කදිම ය.

එහෙත් ඒa සඳහා දේශපාලන බලධාරීන් ගේ අනුමැතිය අවශ්‍ය වේ. මන්දයත් මේ දෙයට වඩා බොහෝ සරල මෙන්ම සංකීර්ණ ගැටලු දේශපාලන අධිකාරියේ මැදිහත් වීම මත වෙනත් විසඳුම්වලට ගමන්කොට ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.