හිතා මතා හානි කළ මුදල් නෝට්‌ටු ගන්න එපා!

ශ්‍යාම් නුවන් ගනේවත්ත

හිතාමතා හානිකර ඇති හෝ විකෘතිකර ඇති මුදල් නෝට්‌ටු භාර ගැනීමෙන් වළකින ලෙසත් එසේ භාර ගන්නා මුදල් නෝට්‌ටුවල මුහුණත වටිනාකම සම්පූර්ණයෙන් පාඩු විඳීමට සිදුවනු ඇති බවත් මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

මේ නිසා ගනුදෙනු සිදු කිරීමේදී එවැනි හිතාමතා විකෘති කරන ලද හෝ හානිකරන ලද මුදල් නෝට්‌ටු භාර ගැනීම ප්‍රතික්‌ෂේප කළ යුතු බවද මහ බැංකුව කියයි.

එවැනි මුදල් නෝට්‌ටුවලට මහ බැංකුව විසින්ද කිසිදු ගෙවීමක්‌ නොකරන බව ද මහ බැංකුව කියයි.

මේ බවට මහජනතාව දැනුවත් කිරීම සඳහා මහ බැංකුව දැන්වීම් පළකළ බවද ජාතික ධනය ඉතිරි කර ගැනීම සඳහා ව්‍යවහාර මුදල් නෝට්‌ටු පරිස්‌සමින් හා පිරිසිදුව භාවිත කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මහ බැංකුව තවදුරටත් කියයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.