නියඟය දිස්‌ත්‍රික්‌ක 23 කට බලපාලා

ජගත් කණහැරආරච්චි

දිවයිනට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් දිස්‌ත්‍රික්‌ 23 ක පවුල් 22612 ක පුද්ගලයන් 849471 දෙනකු ආපදාවට ලක්‌ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

එම මධ්‍යස්‌ථානය මගින් 20 වැනිදා නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්‌වේ.

මෙම වාර්තාව අනුව බදුල්ල හා කොළඹ දිස්‌ත්‍රික්‌ක දෙක හැර අනෙක්‌ සියලුම දිස්‌ත්‍රික්‌ක නියඟයේ බලපෑමට ලක්‌ව ඇත. වාර්තාවට අනුව වැඩිම නියං ආපදා තත්ත්වයක්‌ වාර්තා වන්නේ නැගෙනහිර පළාතෙනි. මෙහි පවුල් 45221 ක පුද්ගලයන් 159969 ක්‌ ආපදාවට ලක්‌ව සිටිති. නමුත් වැඩිම පවුල් සංඛ්‍යාවක්‌ හා ආපදාවට ලක්‌වූ වැඩිම පුද්ගල සංඛ්‍යාව වාර්තා වන්නේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයෙනි. එහි පවුල් 28275 ක පුද්ගලයන් 133867 ක්‌ ආපදාවට ලක්‌ව සිටිති. අවම ආපදා තත්ත්වය මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තා වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.