සිංහල හාලේ බත ඉවරයි රාලේ

හාල් මිල ඉහළ යැම පාරිභෝගික ජනතාවගේ ඉහමොළ රත්කර ඇතැයි කිවහොත් එය සාවද්‍ය නොවේ. හාල් නිසා අද ජනතාවට දුක්‌විඳීමට සිදුව ඇත. අස්‌වැන්න නෙළන කාලයේ තම වී අස්‌වැන්නට නිසි මිලක්‌ නොලැබෙන බව ගොවීහු කියති. නිසි මිල ලැබුණද නැත ද යළිත් වරක්‌ හාල් මිල නම් ඉහළ ගොස්‌ ඇත. හාල් මිල වැඩි කරන මාµsයාවක්‌a ක්‍රියාත්මක වන්නේද? අපේ රටේ වාර්ෂිකව වී මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 65 ක්‌ නිෂ්පාදනය කෙරේ. ඒ යල කන්නයට මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ තිහක්‌ හා මහ කන්නයට මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 35 ක්‌ ලෙසිනි. මෙයින් රජය මිලදී ගන්නේ සියයට පහක ප්‍රමාණයක්‌ පමණි. අන් සියලු තොග මිලදී ගනු ලබන්නේ පෞද්ගලික අංශයයි. එම නිසාත් සහල් මිල පාලනය කිරීමට රජයට හැකියාවක්‌ නැහැ. ඒ නිසාම සහල් මාµsයාවෙන් බැට කන ජනතාවට "දෙයියන්ගේ හාල්" මතක්‌ වීම වැළැක්‌විය නොහැක.

අම්පාර ප්‍රදේශය බහුල වශයෙන් වී වගා කරන ප්‍රදේශයකි. නමුත් එහි ජනතාව ද මේ මිල ඉහළයැම නිසා බලවත් අපහසුතාවට පත්වී සිටිති. එම නිසාම ඔවුන් ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? ගෙදර උයනවාට වඩා කඩෙන් බත් ගැනීම වඩා ලාභදායක බවයි. රුපියල් අනූවට, අනූ පහට කඩෙන් හාල් ගෙන බත් පිසීමට වඩා හෝටලයකින් බත් පාර්සලයක්‌ ගෙන කුසගිනි නිවා ගැනීමට අද ජනතාව පෙළඹී ඇත.

මහා පරිමාණ මෝල් හිමියන් ගොවියාගේ වී තොග කොල්ලකෑම නිසා සහල් මිල දර්ශකය දිනෙන් දින වෙනස්‌ වන බව කවුඩුළුවැව ගොවි පදනමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත. දිගින් දිගටම සහල් මිල ඉහළ ගියහොත් අවසානයේ එක්‌ කිලෝවක මිල රුපියල් 150 දක්‌වාම ඉහළ යා හැකි බව සභාපතිවරයා අනතුරු අඟවයි. එසේ සහල් මිල ඉහළ යැම ගැන ගොවීන්ද කනගාටු වන්නේ කවර හේතුව නිසාද? ඔවුන්ට ද ස්‌ථාවර මිලක්‌ නොලැබුණු සමයක අතරමැදි මාµsයාවන් විසින් අධික ලාභ ලැබීම ගැන ඔවුන්ද විස්‌සෝපයට පත්ව ඇති බැවිනි.

මහජනතාව පීඩාවට පත්කරන ආකාරයෙන් සහල් මිල ඉහළ යැම වැළැක්‌වීම සඳහා රජයේ මැදිහත්වීමත් අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. පෞද්ගලික අංශයේ කිහිපදෙනකුගේ උවමනාවට සහල් මිල ඉහළ යෑවීමට ඉඩ දිය යුතු නැත. අයවැයෙන් කිසිදු ඇඟට දැනෙන සහනයක්‌ නොලැබුණු බව ප්‍රකට කරුණකි. එම නිසාම සහල් මිල පාලනයට රජයේ මැදිහත්වීමක්‌ අනිවාර්යයෙන්ම අවශ්‍ය වී තිබේ. සාමාන්‍ය පාරිභෝගික ජනතාවත් රජය මේ අර්බුදයට පිළියම් යොදන්නේ කවර ආකාරයෙන්ද යන්න පිළිබඳව උනන්දුවෙන් බලා සිටිති. රජයේ ගබඩාවල වී තොග මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ දෙකක්‌ ඇති අතර මේවා වෙළෙඳපොළට නිකුත් කිරීමට ආණ්‌ඩුව සූදානම්ද?

සහල් මිල ඉහළ යැම වැළැක්‌වීම සඳහා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සහල් ටොන් පන්aදහසක්‌ ආනයනය කිරීම සඳහා තීරණය කර ඇති බව පසුගිය සතිඅන්ත පුවත්පත්වල සඳහන්ව තිබිණි. ඉන්දියාව, පකිස්‌තානය, බංගලාදේශය යන රටවලින් සහල් ආනයනය සඳහා මිල ගණන් කැඳවා තිබිණි. එහෙත් මේ කටයුත්තට තව කොපමණ කාලයක්‌ ගතවේද යන්න ප්‍රශ්නයකි. එවිට සහල් කිලෝවක්‌ රුපියල් 120 දක්‌වා ඉහළ යයිද? තුන්වේලට බත් කෑ පිරිසට ඉදිරියේදී වේල් දෙකක්‌ පාන් වලින් පිරිමසා ගැනීමට සිදුවෙයිද?

කන්ට අදින්ටා පිටරට ආලේ
සිංහල හාලේ බත ඉවරයි රාලේ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.