හිසට උණුවතුර වත්කළ
ආබාධිත සෙබළා දින හයකට පසු මියයයි


සමන්ති වීරසේකර

ගෙමිදුලේ ත්‍රිරෝද රථයක නිදා සිටියදී මධ්‍යම රාත්‍රියේ හිසට උතුරන ජලය වත්කිරීමේ සිද්ධියකින් පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර සිටි විශ්‍රාමික ආබාධිත සෙබළ අනුර ජයවික්‍රම (47) සය දිනකට පමණ පසුව සෙනසුරාදා (10 දා) මියගොස්‌ ඇත.

හිසට උණුවතුර වත්කිරීමේ සිද්ධියෙන් පසුව රණවිරුවාගේ බිරිඳ අතුරුදන් වූ බව ද වාර්තා විය.

හිසට උණු ජලය වත්කිරීම රණවිරුවාගේ බිරිඳගේ සහෝදරයකුගේ නිවසේදී සිදුවී ඇති බවත් මියගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳ අතර නිරතුරු අඬ දබර සිදුවූ බවත් මූලික පරීක්‍ෂණවලදී අනාවරණය විය.

කටුගස්‌තොට උඩුවාවල ප්‍රදේශයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්‌තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.